මෙහෙමයි . මට හිතෙන්නේ ආගම කියන වචන ගැලපෙන්නේ සර්වබලධාරී නිර්මාණවාදයට (ක්‍රිස්තියානි,යුදෙව්,ඉස්ලාම්,හින්දු ආගම). නමුත් දහමක්(ධර්මයක්) කියන වචනය ගැලපෙන්නේ ස්වභාවදහමේ නිතිරීතී (ධර්මතාවයන්) පැහැදිලි කරන ඉගැන්වීමකට,හුදෙක් සර්වබලධාරී නිර්මාණකරනයකට වඩා හේතු මගින් පැහැදිලි කිරිමක් එතන වෙන්නේ. මේ කොටසට වැටෙන ඉගැණ්වීම් දෙකක් විතරයි මම දන්නේ
1. ජෛනයන්ගේ ඉගැන්වීම්
2. ශාක්‍යමූනි ගෞතමයන්ගේ ඉගැන්වීම්
මේ ඉගැන්වීම් දෙකම සර්වබලධාරී නිර්මාණවාදය ප්‍රතික්ශේප කරන අතරම තමන් කරන කියන දේවල් අපේ ඉදිරිය සඳහා හේතු වෙනවයි කියලා ඉගැන්වෙනවා. බුදු දහමේ සියලුම ඉගැන්වීම් ක්‍රේන්ද වෙලා තියෙන්නේ හේතුඵලවාදය මත.ඉහත කියපු හැම ආගමක කියලා තියෙනවා තමන්ගේ විශ්වාසයේ නැති අයව මරන්න කියලා(ඔව් හැම ආගමක්ම). නමුත් දහමක් අනිත් පැත්තට අවිහිංසාව උගන්වනවා.
නිර් ආගමිකයන් ගැන තේරුම්ගන්න නම් අපිට මේකේ ඉන්ග්‍රීසි වචනේට යන්න වෙනවා
තීයිසිම් කියන්නේ දේවනිර්මාන වාදයට (ඒක දේව සහා බහු දේව නිර්මාණවාදය). මේක පිලි නොගන්න අයට කියන්නේ ප්‍රතික්ෂේපකරන වාදය වෙන්නේ ගෑඅතියිසිම් . මේක පිලිපදින අය ඒතියෙස්ට්ලා නැත්තම් නිරාගමිකයන්. නිර් ආගමිකයන් සමාන්‍යයෙන් ස්වභාවදර්මය පාලනය වෙන නිතිරිති , ධර්මතා ප්‍රතික්ශේප කරන්නේ නෑ, එහින්දා තමයි බොහොමයක් අය ආගම් අත හැරලා බුදුදහම වගේ දහමක් අනුව හැසිරෙන්නේ. ඉතින් මමත් හිතන්නේ මේ සියලු ආගම් නැතිවෙලා යන තරමට ලෝකයට හොඳයි ලෝක සාමයටත් හොඳයි.
මම මෙතන මුලිකවම නිර්-අගමිකවාදය (atheism) එක ගැන උපුටා පෙන්වන්නට සිතුවේ, අනිත් සියලු ආගම්/දර්ශණ/දහම් වලට වඩා අද මිනිසුන්ගේ ඉදිරි ගමනට සුදුසු එකම දෙය නිර්-අගමිකවාදය (atheism) බව හඟවන්නාක් මෙන් මෙම ලිපිය සකස් වී ඇති නිසා.
ඒ නිසයි මම පෙන්නලා දුන්නේ atheist ලගෙන් 21 වන සියවසේ පමණක් ලෝකයට සිදුවූ පරිහානිය ලෝක ඉතිහාසයේ ඔක්කොම ආගම්/ධර්ම වලින් සිදුවූ හානිවලට වඩා වැඩි කියල.
බුදු දහම දේවවාදී ආගම් වලින් වෙනස් වන නිසා එය නිර්-ආගමිකයින් (atheist) පිළිගන්න ධර්මය කියන එක මම හිතන්නේ බුදු දහමට කරන අපහාසයක්. මොකද atheist අතර ප්‍රධාන වශයෙන් මෙහෙම පිළිගැනීමක් නැහැ, බලෙන් මෙහෙම කරගැනීමට තරම් තත්වයකට බුද්ධාගම වැටිලා කියල මම හිතන්නේ නැ. atheism වල අවසාන ප්‍රතිපලය මිනිසා ආගම්/ධර්ම/rituals/obligations (පිළිපැදීම්?)/ morality වැනි දේවල් වලින් නිදහස් කිරීමයි. ඔවුන්ගේ පදනම මේවා පරිණාමවාදයේ ප්‍රතිපල පමණක් බවයි. දැනට දේවවාදී ආගම් වලට ප්‍රධාන වශයෙන් පහර ගහන ඔවුන් ඉදිරියේදී බුද්ධාගම ඔවුන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගැනීමට හරස් වුවහොත් අනුගමනය කරන්නේ මේ පිළිවෙතමයි. මම නම් හිතන්නේ Buddhist terrorism කියන වචනය වැඩි වැඩියෙන් ඇසෙන්නට පටන් අරන් තියෙන්නේ මේකේ ආරම්භයක් වශයෙන්, ඒ වගේම ඒ වචනය යොදාගත හැකි පරිදි අවශ්‍ය බෞද්ධයින් (යයි කියාගන්න ජාත්‍යාල්) කොටසකුත් ආසියාව කේන්ද්‍රකොටගෙන දැන් ක්‍රමවත්ව හදාගෙන යනවා, අල්-කයිදාව, තලේබාන් හැදුව වගේ.
පෙන්නන දේ විතරක් බල්ලනේ නැතුව, ඒක පෙන්නන එක්කනා ගැනත් හොයල බලන එකෙනුයි හරි අදහසක් ගන්න පුළුවන්. මුලික ලිපිය කියෙවාම පෙන්නේ පෙන්නන එක්කෙනා හැංගිලා වගේ..

