Pure Religion? ශුද්ධ ආගම?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    පුද්ගලිකව මට නම් කිසිම ආගමක ශාස්තෘන්වත්, ආගමිකයන්වත් සුද්ද කරන්න යන්න උවමනාවක් නැහැ...

    100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...

    මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක් කරනවා... ?.. ටීචර් ඉස්කෝලෙ පන්තියෙ ඉස්සරහ පේළි දෙකේ කොන් දෙකේ ඉන්න දරුවො දෙන්නව ළඟට ගෙන්නලා ඒ දෙන්නට වාක්‍යයක් දෙනවා රහසෙන්.. ඒ දෙන්න දුවගෙන ගිහින් ඒ පේළි දෙකේ ඊළඟට ඉන්න දරුවන්ට කියන්න ඕන ඕක.. ඒ අය ඊ ළඟට ඉන්න අයට, ඒ අය ඊටත් ඊළඟට ඉන්න අයට... ඔහොම ඔහොම රහස පේළියෙන් පේළියට කටින් කණට, කටින් කණට යනවා... ගිහින්, පේළි සියල්ලගේම අන්තිමටම ඉන්න දරුවො දෙන්නා නැගිටලා දුවගෙන ඇවිත් ටීචර්ට කියනවා තමන්ට ඇහුනෙ මොකක්ද කියලා.. මතකද මේ සෙල්ලම?...

    මේකෙ අන්තිමටම ටීචර් ලගට එන්නෙ ටීචර්ගෙන් පිටවුණු රහසට අහසට පොළව වගේ දෙයක්... උදාහරණයක් හැටියට Tom and Peter went to the town කියලා ටීචර් මුලින්ම කිව්වා නම්, අන්තිම වෙනකොට ඒක එන්නෙ Bomb sent to Mars කියලා...

    ළමයි පනහක් විතර ඉන්න පන්තියක පැය භාගයක් වගේ ඇතුළත රහසක් පාස් වෙනකොට තත්වය එහෙම නම් , අවුරුදු දහස් ගණනක් තිස්සෙ පරපුරෙන් පරපුරට ආගමක් එනකොට මොනවා වෙනස් වෙලා ඇත්ද ඒකෙ...? ...මේ පේන්නෙ මනුස්ස ගතිනෙ.. වෙන මොනවත් නෙමෙයි නේ... මිනිස් මනසට උරුම ගති නිසා තමයි මේවා වෙන්නෙ.. ආගම් පරපුරෙන් පරපුරට ගෙනාවෙත් මිනිස්සු.... සමහර විට මේ අපි අහන ඒවායින් 10% ශාස්තෘවරයා කියපුවද දන්නෙ නෑ... මොනව එකතු වෙලා ඇද්ද, මොනව වැරදිලා ඇද්ද...?... ( දැන් "නෑ .. නෑ ඒවා ගෙනාවෙ රහතුන්, දිවැසි වරු, සුර දූතයො, දේව පණිවිඩ කාරයො, ඒක නිසා ඒවා වෙනස් වෙන්න විදියක් නෑ" වගේ මසුරන් කථා කියාගෙන එන්න නම් එපා.. මොකද ඒ ගෙනාපු අයට ඒ වගේ නම් දාගෙන තියෙන්නෙත් අපිමයි... ) .. ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා, මම නම් ඕවයෙ තියෙන්නෙ පට්ට පරම පිරිසිදු සත්‍යය කියලා විශ්වාස කරන්නෙ නෑ... ඒක නිසා එක ආගමක්වත් උඩ දාගෙන දඟලන්න හෝ සුද්ද කරන්න මට උවමනාවක් නෑ...

    මිනිස්සුනෙ... මිනිස්සුන්ගෙ ගති තමයි ආගම් වලත් දැන් තියෙන්නෙ... ඒ නිසා මේ හැම ආගමක්ම වැඩිපුරම පාවිච්චි උනේ අන්තිමට පොලිටිකල් ගේම් වලට... ආගම ඉස්සරහට දාලා දේශපාලනික ගේමක් ගහනකොට මිනිස්සු එකතු වෙනවා සූ ගාලා... ඒක තමයි ලේසිම වැඩේ... මේ විදියට මේ ලෝකයේ අපරාධ නොකරපු, යුද්ද නොකරපු ආගම් නැහැ...

    ඔය අද මානව ප්‍රේමය, දයාව ගැන කථා කරන කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි සංස්ථා කරපු තරම් අපරාද මේ ලෝකයේ අනෙක් ආගම් සියල්ල එකතු කළත් කෙරිලා නැතුව ඇති... උතුරු, මධ්‍යම සහ ලතින් ඇමරිකාවෙ, අප්‍රිකාවෙ, ආසියාවෙ එහෙම පිටින් ශිෂ්ඨාචාර සමූල ඝාතනය කරලා, මහ පොළවෙන් අතු ගා දැම්මෙ වතිකානු බලපෑම් නිසා..1452 අවුරුද්දෙදි පස්වැනි නිකොලස් පාප්වරයා විසින් ගෙන ආපු "Dum Diversas" නැමති පාප් ආඥාව නිසා වහල් සේවය සහ වහල් වෙළඳාම ආගමිකවම නීති ගත උනා.. මේ නිසා අප්‍රිකාවෙන් සහ යුරෝපයේම පේගන් විශ්වාස තිබුණු ප්‍රදේශ වලින් ලක්ෂ ගණනක් වහල්ලු හැටියට ගෙනියන්න මග පෑදුණා.... ආගමේ නාමයෙන් ක්‍රිස්තියානිය සහ කතෝළික දර්ශණය මරා දාපු මිනිස්සුන්ගෙ සංඛ්‍යාව ගණන් තියන්න බැහැ... ලෙයින් ලියැවිච්ච ඉතිහාසයක් ඔය පල්ලි වලට තියෙන්නෙ... අද මේ කථා කරන මොහොත වෙනකොට වතිකානුව සතුව තියෙන ඩොලර් බිලියන 66 ක් වටිනා ආයෝජනයන්.. මෙලොව විශාලතම බහුජාතික සමාගම තමයි වතිකානුව... පාප් වහන්සෙ ඉරිදා දේව මෙහෙයට ගේන රත්තරං කුරුසය ඩොලර් ලක්ෂ විස්සක් වටිනවා... වස්ත්‍ර දෙකක් පමණක් තිබුණු, ඒ වස්ත්‍ර දෙක මාරුවෙන් මාරුවට හෝද, හෝද ඇඳපු , හිස තබා ගැනීමට වත් තැනක් නොතිබුණු යේසුස් වහන්සෙව විකුණ ගත්තු තරම මදිද...?

    හින්දු ආගමේ නිකාය මේ වන විට තිස් දහසකට අධික ප්‍රමාණයක් ඉන්දියාව පුරා තිබෙනවා.. ඔය නිකායන්ගේ ඉතිහාසය අරන් බැලුවොත්

    1. නිකාය - නිකාය අතර ඇතිවූ ගැටුම් වලින්
    2. නිකායන් නිසා බිහිවූ කුළයන් අතර කුළ භේදය නිසා
    3. බිහිවුණු සංස්කෘතියේ ඇති කාන්තා පීඩක ලක්ෂණ ( මංගල දායාද ක්‍රමය, නෝක්‍රි රාණි ( භාර්යාව නම් දාසියකි ) ක්‍රමය ආදිය නිසා )
    4. මිථ්යා දෘෂ්ඨික ඉගැන්වීම් නිසා සෞඛ්‍ය පහසුකම් උවමනා තැන්වලට ආගම ආදේශ කිරීම

    වැනි දේ නිසා වසර 5000 ක පමණ කාළය තුල මරා දැමුණු සහ නිරපරාදේ මියගිය අයගේ සංඛ්‍යාව ගණන් තියා ගෙන නැහැ කවුරුවත්... අති දැවැන්තයි වෙච්ච අපරාධ...

    ඒ නිසා ප්‍රචණ්ඩයන් බිහිවීම, ත්‍රස්තවාදීන් බිහිවීම, ආගමේ නාමය පෙරට දමා මිනී මැරීම මුස්ලිම් මිනිස්සු විතරක් කරන දෙයක් නෙමෙයි.. ඒ අද වැඩිපුර ජනමාධ්‍ය පෙන්වන දේ... මේ කථා කරන මොහොත වෙන විටත් වසරකට හින්දු ආගමේ සහ සංස්කෘතියේ බලපෑම නිසා ඉන්දියාවෙ කාන්තාවන් 10,000 කට පමණ නිරපරාදේ මිය යන්න සිදුවෙනවා... ඉස්ලාමයේ නාමයෙන් අද බොහෝ ත්‍රස්ත කල්ලි අපරාධ කරන්නා සේම අනෙක් ආගම් ටික හාරලා බැලුවත් එයිට දෙවැනි නැහැ කරලා තියෙන අපරාධ තොගය... මුස්ලිම් මිනිහා වැඩිය නරකයි, අනෙක් අය හොඳයි... නරකයන් සහ චණ්ඩයන්, ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන් බිහිවෙන්නෙ මුස්ලිම් මිනිස්සු අතුරින් පමණයි කියන එක ලෝක ඉතිහාසය නොදැනීමක්... ඒ වගෙම මේ හැම ආගමකම ඉතාම උතුම් මිනිස්සුත් ජීවත් වෙනවා...

    බෞද්ධයන්ගේ ඉතිහාසය සාපේක්ෂව අපරාධ අඩු එකක්... ඒත් මහායාන ලෝකයේ නම් අනන්ත අප්‍රමාණ ලේ වැගිරීම් තියෙනවා...චීනයේ, කොරියාවේ, ජපානයේ නායකයන් බුදුන්ගේ සහ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නමින් බොහෝ අපරාධ සිදු කළා... .. ථේරවාදීන්ගෙ සාපේක්ෂව ඉතාම අඩුයි... ඒත් දැන් ඉන්න අයියලා ඒ කලු පැල්ලමත් ගා ගනියි වගේ වැඩි කල් යන්න කලින්...

    ඒ නිසා අපිට හැඟෙන දේ තමයි, ඔය කොයි කාගෙත් කිල්ලෝට ඇද්දොත් හුණු නැව් පිටින් හොයා ගන්න පුලුවන් කියන එක... එක පිරිසකට විතරක් "මෙන්න මුන් තමා ම්ලේඡ්චයො" කියලා වටකරගෙන ගැහුවට වැඩක් නෑ...

    ආගම කියන්නෙත් ජලය වගේ... ඇසුරූ බඳුනේ හැඩය ගන්නවා... ඕනම ආගමක්, ඒ ආගම සංක්‍රමණය වන කළාපයේ ඉන්න මිනිස්සුන්ගෙ හිතුම්, පැතුම්, ඒ හිතුම් පැතුම් සැකසූ පාරිසරික සාධක, පුරුදු, පුහුණු සහ විශේෂයෙන්ම ඒ මිනිස්සු හදාගෙන ඉන්න සංස්කෘතියේ හැඩය ගන්නවා... එයින් පස්සෙ ඒ ආගමේ ධර්ම කරුණු කාරණා වෙන්නෙත් ඒ මිනිස්සු එකතු කරන මතවාද... සාහිත්‍ය වෙන්නෙත් ඒ මිනිස්සුන්ගෙ සාහිත්‍යමය කියැවීම්... විශ්වාස වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස... අපේ රටේ බෞද්ධයන් ගව මස් කෑම ප්‍රතික්ෂේප කරනවා... අග්නි දිග ආසියාවෙ ඉන්නවා ගැරඬි, තණකොළ පෙත්තො කන බෞද්ධයො... ඒ ආගම ගිය සංස්කෘතියෙන් හැටි... "අසංස්කෘතික " හැසිරීමක් පෙන්වන කිසිදු ආගමක් මෙලොව නැහැ... ඔක්කොම හැසිරෙන්නෙ ගිය තැන මිනිස්සු චිරාත් කාළයක් තිස්සෙ හැසිරුණු හැටියට.. ඒ මිනිස්සුන්ගේ මොළවල ප්‍රමාණය අනුව තමයි ආගමෙන් අනාගතයේ ඒ ප්‍රදේශ වල හැදෙන සංස්කෘතිය පෝෂණය වෙන්නෙත්...

    අනාගතය දිහා සුභවාදීව බැලීම වටිනවා.. මොකද මිනිසා දැනුමෙන් සහ තාක්ෂණයෙන් තව ඉදිරියට යනවිට, දියුණු ලෝකයෙන් සම්ප්‍රේෂණය වන නිදහස් අදහස් ඉදිරියේ ඔය හැම ආගමකටම හීලෑ වෙලා, තමන්ගේ ශිෂ්ඨත්වයේ මායිම් තුළ ක්‍රියාත්මක වෙන්න සිද්ද වෙයි... කළාපීයව ඒ වෙනස් කම් සුලුවෙන් හෝ සිදුවෙමින් එනවා.. අනාගතයෙදි කාළයට ගැළපෙන්න අනුවර්තනය නොවෙන ආගම් ඉතිහාසයට එකතු වෙයි... එහෙම වෙනස් උනොත්, වඩා ශිෂ්ඨ සම්පන්න විදිහට ඉදිරියට යයි...

    ~දමිත් කේතක~

    මොකද හි‍තෙන්නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආගම් ගැන මෙච්චර කාලෙකට කියවපු හොඳම ලිපිය.:nerd: ඒත් අපේ අය මේක කියවන්නෙ නැහැ:dull:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආගම් ගැන මෙච්චර කාලෙකට කියවපු හොඳම ලිපිය.:nerd: ඒත් අපේ අය මේක කියවන්නෙ නැහැ:dull:

    ඔබට කෙතරම් කට්ටිය බැන්නත්, (මමත් බැනල ඇති) ඔබේ ඇතැම් අදහස් වලට මම එකග නොවන්නට පුලුවන් වුණත්, මෙතනදී එකගයි :yes: හැමෝම කියවලා වාදයට ගතයුතු දෙයක්. ලිපිය 100%ක් හරි නැතුව ඇති. ඒත් ගන්න දෙයක් තියෙනවා :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Mormon ආගම හැදුනේ 1930 දී වගේ ඇමරිකාවේ එතකොට ඒකේ නිර්මාතෘවරයා ජෝසප් ස්මිත් මේක ගොඩක් අළුත් ආගමක් නිසාත්,20 වැනි සියවසේ බිහිවුන නිසාත් අනිවාර්‍යෙන්ම මෝර්මේන් ආගමික සාස්තෘවරයා කියපු එකම ඒ විදියටම අදටත් පවතිනවා වෙන්න පුලුවන්. ඕනේ නම් ඌටා වලට ගිහින් බලන්න අදටත් මෝර්මේන් පල්ලි තියෙනවා ඒ කාලේ හදපු.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Mormon ආගම හැදුනේ 1930 දී වගේ ඇමරිකාවේ එතකොට ඒකේ නිර්මාතෘවරයා ජෝසප් ස්මිත් මේක ගොඩක් අළුත් ආගමක් නිසාත්,20 වැනි සියවසේ බිහිවුන නිසාත් අනිවාර්‍යෙන්ම මෝර්මේන් ආගමික සාස්තෘවරයා කියපු එකම ඒ විදියටම අදටත් පවතිනවා වෙන්න පුලුවන්. ඕනේ නම් ඌටා වලට ගිහින් බලන්න අදටත් මෝර්මේන් පල්ලි තියෙනවා ඒ කාලේ හදපු.

    Thanks for info :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මහායාන බුදුදහමේ "නාමයෙන්" කරපු අපරාධ ගැන පිලිගන්න පුලුවන් සෝර්ස් එක්ක විස්තර දාන්න බලන්න :rolleyes::rolleyes::rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක තමයි ඇත්ත . ඉය එක එකා කිව්වත් දෙවියන් කියපු විදියටම තමයි අපේ පොත් වල තියෙන්නේ කියලා මේක තමයි වෙන්නේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුද්ගලිකව මට නම් කිසිම ආගමක ශාස්තෘන්වත්, ආගමිකයන්වත් සුද්ද කරන්න යන්න උවමනාවක් නැහැ...

    100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...

    මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක් කරනවා... ?.. ටීචර් ඉස්කෝලෙ පන්තියෙ ඉස්සරහ පේළි දෙකේ කොන් දෙකේ ඉන්න දරුවො දෙන්නව ළඟට ගෙන්නලා ඒ දෙන්නට වාක්‍යයක් දෙනවා රහසෙන්.. ඒ දෙන්න දුවගෙන ගිහින් ඒ පේළි දෙකේ ඊළඟට ඉන්න දරුවන්ට කියන්න ඕන ඕක.. ඒ අය ඊ ළඟට ඉන්න අයට, ඒ අය ඊටත් ඊළඟට ඉන්න අයට... ඔහොම ඔහොම රහස පේළියෙන් පේළියට කටින් කණට, කටින් කණට යනවා... ගිහින්, පේළි සියල්ලගේම අන්තිමටම ඉන්න දරුවො දෙන්නා නැගිටලා දුවගෙන ඇවිත් ටීචර්ට කියනවා තමන්ට ඇහුනෙ මොකක්ද කියලා.. මතකද මේ සෙල්ලම?...

    මේකෙ අන්තිමටම ටීචර් ලගට එන්නෙ ටීචර්ගෙන් පිටවුණු රහසට අහසට පොළව වගේ දෙයක්... උදාහරණයක් හැටියට Tom and Peter went to the town කියලා ටීචර් මුලින්ම කිව්වා නම්, අන්තිම වෙනකොට ඒක එන්නෙ Bomb sent to Mars කියලා...

    ළමයි පනහක් විතර ඉන්න පන්තියක පැය භාගයක් වගේ ඇතුළත රහසක් පාස් වෙනකොට තත්වය එහෙම නම් , අවුරුදු දහස් ගණනක් තිස්සෙ පරපුරෙන් පරපුරට ආගමක් එනකොට මොනවා වෙනස් වෙලා ඇත්ද ඒකෙ...? ...මේ පේන්නෙ මනුස්ස ගතිනෙ.. වෙන මොනවත් නෙමෙයි නේ... මිනිස් මනසට උරුම ගති නිසා තමයි මේවා වෙන්නෙ.. ආගම් පරපුරෙන් පරපුරට ගෙනාවෙත් මිනිස්සු.... සමහර විට මේ අපි අහන ඒවායින් 10% ශාස්තෘවරයා කියපුවද දන්නෙ නෑ... මොනව එකතු වෙලා ඇද්ද, මොනව වැරදිලා ඇද්ද...?... ( දැන් "නෑ .. නෑ ඒවා ගෙනාවෙ රහතුන්, දිවැසි වරු, සුර දූතයො, දේව පණිවිඩ කාරයො, ඒක නිසා ඒවා වෙනස් වෙන්න විදියක් නෑ" වගේ මසුරන් කථා කියාගෙන එන්න නම් එපා.. මොකද ඒ ගෙනාපු අයට ඒ වගේ නම් දාගෙන තියෙන්නෙත් අපිමයි... ) .. ඒ නිසා අනේ තරහ වෙන්න නම් එපා, මම නම් ඕවයෙ තියෙන්නෙ පට්ට පරම පිරිසිදු සත්‍යය කියලා විශ්වාස කරන්නෙ නෑ... ඒක නිසා එක ආගමක්වත් උඩ දාගෙන දඟලන්න හෝ සුද්ද කරන්න මට උවමනාවක් නෑ...

    මිනිස්සුනෙ... මිනිස්සුන්ගෙ ගති තමයි ආගම් වලත් දැන් තියෙන්නෙ... ඒ නිසා මේ හැම ආගමක්ම වැඩිපුරම පාවිච්චි උනේ අන්තිමට පොලිටිකල් ගේම් වලට... ආගම ඉස්සරහට දාලා දේශපාලනික ගේමක් ගහනකොට මිනිස්සු එකතු වෙනවා සූ ගාලා... ඒක තමයි ලේසිම වැඩේ... මේ විදියට මේ ලෝකයේ අපරාධ නොකරපු, යුද්ද නොකරපු ආගම් නැහැ...

    ඔය අද මානව ප්‍රේමය, දයාව ගැන කථා කරන කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි සංස්ථා කරපු තරම් අපරාද මේ ලෝකයේ අනෙක් ආගම් සියල්ල එකතු කළත් කෙරිලා නැතුව ඇති... උතුරු, මධ්‍යම සහ ලතින් ඇමරිකාවෙ, අප්‍රිකාවෙ, ආසියාවෙ එහෙම පිටින් ශිෂ්ඨාචාර සමූල ඝාතනය කරලා, මහ පොළවෙන් අතු ගා දැම්මෙ වතිකානු බලපෑම් නිසා..1452 අවුරුද්දෙදි පස්වැනි නිකොලස් පාප්වරයා විසින් ගෙන ආපු "Dum Diversas" නැමති පාප් ආඥාව නිසා වහල් සේවය සහ වහල් වෙළඳාම ආගමිකවම නීති ගත උනා.. මේ නිසා අප්‍රිකාවෙන් සහ යුරෝපයේම පේගන් විශ්වාස තිබුණු ප්‍රදේශ වලින් ලක්ෂ ගණනක් වහල්ලු හැටියට ගෙනියන්න මග පෑදුණා.... ආගමේ නාමයෙන් ක්‍රිස්තියානිය සහ කතෝළික දර්ශණය මරා දාපු මිනිස්සුන්ගෙ සංඛ්‍යාව ගණන් තියන්න බැහැ... ලෙයින් ලියැවිච්ච ඉතිහාසයක් ඔය පල්ලි වලට තියෙන්නෙ... අද මේ කථා කරන මොහොත වෙනකොට වතිකානුව සතුව තියෙන ඩොලර් බිලියන 66 ක් වටිනා ආයෝජනයන්.. මෙලොව විශාලතම බහුජාතික සමාගම තමයි වතිකානුව... පාප් වහන්සෙ ඉරිදා දේව මෙහෙයට ගේන රත්තරං කුරුසය ඩොලර් ලක්ෂ විස්සක් වටිනවා... වස්ත්‍ර දෙකක් පමණක් තිබුණු, ඒ වස්ත්‍ර දෙක මාරුවෙන් මාරුවට හෝද, හෝද ඇඳපු , හිස තබා ගැනීමට වත් තැනක් නොතිබුණු යේසුස් වහන්සෙව විකුණ ගත්තු තරම මදිද...?

    හින්දු ආගමේ නිකාය මේ වන විට තිස් දහසකට අධික ප්‍රමාණයක් ඉන්දියාව පුරා තිබෙනවා.. ඔය නිකායන්ගේ ඉතිහාසය අරන් බැලුවොත්

    1. නිකාය - නිකාය අතර ඇතිවූ ගැටුම් වලින්
    2. නිකායන් නිසා බිහිවූ කුළයන් අතර කුළ භේදය නිසා
    3. බිහිවුණු සංස්කෘතියේ ඇති කාන්තා පීඩක ලක්ෂණ ( මංගල දායාද ක්‍රමය, නෝක්‍රි රාණි ( භාර්යාව නම් දාසියකි ) ක්‍රමය ආදිය නිසා )
    4. මිථ්යා දෘෂ්ඨික ඉගැන්වීම් නිසා සෞඛ්‍ය පහසුකම් උවමනා තැන්වලට ආගම ආදේශ කිරීම

    වැනි දේ නිසා වසර 5000 ක පමණ කාළය තුල මරා දැමුණු සහ නිරපරාදේ මියගිය අයගේ සංඛ්‍යාව ගණන් තියා ගෙන නැහැ කවුරුවත්... අති දැවැන්තයි වෙච්ච අපරාධ...

    ඒ නිසා ප්‍රචණ්ඩයන් බිහිවීම, ත්‍රස්තවාදීන් බිහිවීම, ආගමේ නාමය පෙරට දමා මිනී මැරීම මුස්ලිම් මිනිස්සු විතරක් කරන දෙයක් නෙමෙයි.. ඒ අද වැඩිපුර ජනමාධ්‍ය පෙන්වන දේ... මේ කථා කරන මොහොත වෙන විටත් වසරකට හින්දු ආගමේ සහ සංස්කෘතියේ බලපෑම නිසා ඉන්දියාවෙ කාන්තාවන් 10,000 කට පමණ නිරපරාදේ මිය යන්න සිදුවෙනවා... ඉස්ලාමයේ නාමයෙන් අද බොහෝ ත්‍රස්ත කල්ලි අපරාධ කරන්නා සේම අනෙක් ආගම් ටික හාරලා බැලුවත් එයිට දෙවැනි නැහැ කරලා තියෙන අපරාධ තොගය... මුස්ලිම් මිනිහා වැඩිය නරකයි, අනෙක් අය හොඳයි... නරකයන් සහ චණ්ඩයන්, ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන් බිහිවෙන්නෙ මුස්ලිම් මිනිස්සු අතුරින් පමණයි කියන එක ලෝක ඉතිහාසය නොදැනීමක්... ඒ වගෙම මේ හැම ආගමකම ඉතාම උතුම් මිනිස්සුත් ජීවත් වෙනවා...

    බෞද්ධයන්ගේ ඉතිහාසය සාපේක්ෂව අපරාධ අඩු එකක්... ඒත් මහායාන ලෝකයේ නම් අනන්ත අප්‍රමාණ ලේ වැගිරීම් තියෙනවා...චීනයේ, කොරියාවේ, ජපානයේ නායකයන් බුදුන්ගේ සහ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නමින් බොහෝ අපරාධ සිදු කළා... .. ථේරවාදීන්ගෙ සාපේක්ෂව ඉතාම අඩුයි... ඒත් දැන් ඉන්න අයියලා ඒ කලු පැල්ලමත් ගා ගනියි වගේ වැඩි කල් යන්න කලින්...

    ඒ නිසා අපිට හැඟෙන දේ තමයි, ඔය කොයි කාගෙත් කිල්ලෝට ඇද්දොත් හුණු නැව් පිටින් හොයා ගන්න පුලුවන් කියන එක... එක පිරිසකට විතරක් "මෙන්න මුන් තමා ම්ලේඡ්චයො" කියලා වටකරගෙන ගැහුවට වැඩක් නෑ...

    ආගම කියන්නෙත් ජලය වගේ... ඇසුරූ බඳුනේ හැඩය ගන්නවා... ඕනම ආගමක්, ඒ ආගම සංක්‍රමණය වන කළාපයේ ඉන්න මිනිස්සුන්ගෙ හිතුම්, පැතුම්, ඒ හිතුම් පැතුම් සැකසූ පාරිසරික සාධක, පුරුදු, පුහුණු සහ විශේෂයෙන්ම ඒ මිනිස්සු හදාගෙන ඉන්න සංස්කෘතියේ හැඩය ගන්නවා... එයින් පස්සෙ ඒ ආගමේ ධර්ම කරුණු කාරණා වෙන්නෙත් ඒ මිනිස්සු එකතු කරන මතවාද... සාහිත්‍ය වෙන්නෙත් ඒ මිනිස්සුන්ගෙ සාහිත්‍යමය කියැවීම්... විශ්වාස වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ විශ්වාස... අපේ රටේ බෞද්ධයන් ගව මස් කෑම ප්‍රතික්ෂේප කරනවා... අග්නි දිග ආසියාවෙ ඉන්නවා ගැරඬි, තණකොළ පෙත්තො කන බෞද්ධයො... ඒ ආගම ගිය සංස්කෘතියෙන් හැටි... "අසංස්කෘතික " හැසිරීමක් පෙන්වන කිසිදු ආගමක් මෙලොව නැහැ... ඔක්කොම හැසිරෙන්නෙ ගිය තැන මිනිස්සු චිරාත් කාළයක් තිස්සෙ හැසිරුණු හැටියට.. ඒ මිනිස්සුන්ගේ මොළවල ප්‍රමාණය අනුව තමයි ආගමෙන් අනාගතයේ ඒ ප්‍රදේශ වල හැදෙන සංස්කෘතිය පෝෂණය වෙන්නෙත්...

    අනාගතය දිහා සුභවාදීව බැලීම වටිනවා.. මොකද මිනිසා දැනුමෙන් සහ තාක්ෂණයෙන් තව ඉදිරියට යනවිට, දියුණු ලෝකයෙන් සම්ප්‍රේෂණය වන නිදහස් අදහස් ඉදිරියේ ඔය හැම ආගමකටම හීලෑ වෙලා, තමන්ගේ ශිෂ්ඨත්වයේ මායිම් තුළ ක්‍රියාත්මක වෙන්න සිද්ද වෙයි... කළාපීයව ඒ වෙනස් කම් සුලුවෙන් හෝ සිදුවෙමින් එනවා.. අනාගතයෙදි කාළයට ගැළපෙන්න අනුවර්තනය නොවෙන ආගම් ඉතිහාසයට එකතු වෙයි... එහෙම වෙනස් උනොත්, වඩා ශිෂ්ඨ සම්පන්න විදිහට ඉදිරියට යයි...

    ~දමිත් කේතක~

    මොකද හි‍තෙන්නේ?

    හොද ලිපියක්. සමහරක් කරැණුත් එක්ක මට එකග වෙන්න බැරි වුනත් අදහස වටිනවා. මම පසුව ඒ පිළිබදව දීර්ඝ පිළිතුරක් දාන්නම්. නමුත් ඔබතුමා අවසානයට පවසපු දේ ගැන පොඩි සදහනක් කරන්නම්.

    අනාගතයෙදි කාළයට ගැළපෙන්න අනුවර්තනය නොවෙන ආගම් ඉතිහාසයට එකතු වෙයි... එහෙම වෙනස් උනොත්, වඩා ශිෂ්ඨ සම්පන්න විදිහට ඉදිරියට යයි...

    මම අහන්න ඕනේ මෙතනදි ආගමක් කොහොමද කාලයත් සමග වෙනස් වෙන්නේ කියන එක ?? ආගමක් කියන්නේ යම් ශාස්තෘවරයෙක් විසින් මිනිස් වර්ගයාගේ යහපත සහ අධ්‍යාත්මික වර්ධනය උදෙසා දේශනා කරන ලද දේශනයක්. ඒක කාලයත් සමග වෙනස් වෙන්න බෑ. එහෙම වෙනස් වෙනවනම් ඒ ශාස්තෘවරයා දැනට පණපිටින් මේ ලෝකේ ඉන්න ඕනේ ඔහු විසින් තමයි ඔහුගේ දේශනාවන් වෙනස් කරන්න ඕනේ. ඔහුගේ අනුගාමිකයින්ට ඕනේ ඕනේ විදිහට ආගමක් වෙනස් කරන්න බෑ එහෙම වෙනවනම් ඒක තවදුරටත් ආගමක් වෙන්නේ නෑ. එලෙස වෙනස් කරන්න යාමෙන් වෙන්නේ අර ආගමක මූලික හරය කොටසින් කොටස වෙනස් වීම පමණයි. අපි උදාහරණයක් ගත්තොත් කතෝලික ආගමෙන් කැඩිලා ගියපු නිකායයන් කොයි තරම් අද ලෝකේ තියෙනවද ?? ඒවායින් වෙච්ච යහපතක් දකින්න නෑ. ඒවා මුල් දේශනාව තරම් සම්පූර්ණ නෑ. අනුගාමිකයින් මූලික වෙලා ආගමේ එක එක කොටස් කඩාගෙන නිකායන් හදා ගත්තු පමණින් කවදාවත් ඒ අලුත් නිකාය ශිෂ්ඨ සම්පන්න වෙන්නේ නෑ.

    මම හිතන්නේ ඔබතුමා කියන්න ඕනේ ආගමක් වෙනස් වීම නෙවෙයි ආගමට අනුව මිනිස්සුන්ගේ සංස්කෘතිය වෙනස් විය යුතුයි කියන එකයි. ඔබතුමා කිව්ව වගේම ඕනෑම ආගමකට ඒ අදාළ ජන කොට්ඨාසයේ පැවත එන සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර එකතු වෙනවා. ඒ මගින් කාලයක් යනකොට අර ආගමේ සැබෑ කොටස් යටපත් වෙලා ඊට සම්පූර්ණයෙන් වෙනස් කොටස් ඈදෙන්න පුලුවන්. ඒක සංස්කෘතික බලපෑම අනුව සිද්ධ වෙන දෙයක්. මම උදාහරණයක් ගත්තොත් දේවාණම්පියතිස්ස රජතුමාගේ කාලයේ අපිට ලැබුණු පිරිසිදු බුදු දහමට පසුකාලීනව දකුණු ඉන්දියානු බලපෑම නිසා හින්දු චාරිත්‍ර වාරිත්‍ර එකතු වුනා. අදටත් ඒ සංස්කෘතික ප්‍රවාහයේ බෙෘද්ධයෝ ඇලිලා ගැලිලා ඉන්නවා. නමුත් අපි යම් තරමකින් හෝ බුදු දහම, ත්‍රිපිටකය ඉගෙන ගන්නවනම් අපිට ඇත්ත මොකක්ද ඒකට පිටින් එකතු වෙච්ච දේ මොනවද කියලා අදහසක් ගන්න පුලුවන්. ඉතින් මම කියන්න උත්සාහ ගත්තේ කාලානුරෑපීව ආගමක් වෙනස් වෙන්න බෑ (ශාස්තෘවරයා නැත්තම්). එහෙමනම් ඒකට ආගමක් කියන්න බෑ. නමුත් කාලානුරෑපීව ආගමට පිටින් වැහිලා තියෙන සංස්කෘතික කඩතුරාව මිනිස්සුන්ට උචිත අන්දමින් වෙනස් කල හැකියි.

    මම පසුව අනෙක් කරැණු ගැනත් විග්‍රහයක් කරන්නම්. ලිපියට ස්තූතියි.
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමුන්ගෙ එක හරි අනික වැරදියි කියලා නොකිව්වොත් ඔය එකම ආගමකටවත් පැවැත්මක් නැ, කොයිම ආගමකවත් ශාස්තෲවරයව මේ සියවසේ මිනිස්සු දැකලා නැ, අම්මා අප්පා කිව්ව නිසා අදහනවා, කල් යනකොට අපි කැපුවත් මහින්දට, අපි කැපුවත් රනිල්ට වගේ ආගමත් ජානවලටම කිදා බහිනවා.. ඊට පස්සේ ඒක තමන් දිවි හිමියෙන් රකින තත්වෙට පත්වෙනවා, ඒ පත් උනාම තමා සීන් එක සිද්ද වෙන්නේ.. ඊට පස්සේ තමන්ගේ එක වැරදියි කියලා කිව්ව එකා එක්ක මරාගන්නවා.. ඔක තමා අඩු වැඩි වශයෙන් හැමතැනම වෙන්නේ.. තමන්ගේ ගොඩ අඩු වෙයි කියන බය නිසා තමා ගැටුම නිර්මානය වෙන්නේ.. ගොඩක් යුරොපියන්ගෙන් දැන් මේ තත්වේ අඩු වෙනවා, ආගම නිසා මරාගන්න තරම් ඒ අයට කාල වෙලාවක් නැ, බෞද්ද දර්ශනය කතොලික ආගම උනත් ඒ අය ශාස්තෲන් මුල් කරගෙන අදහනවා අඩුයි.. නැත්තෙම නැති තරම්.. උදාහරනෙකට, BBC එකේ top gear කියන වැඩසටහන කරන Jeramey Clarkson කියන පුද්ගලයා ප්‍රසිද්දියේ ක්‍රිස්තු උපත, ජෙසුතුමාව අපහාසයට ලක් කරපු තැන් තියනවා, ඒත් ඒ එකකටවත් කවුරුත් BBC යට ගල් ගැහුවෙත් නැ, ජෙරමි ක්ලාක්සොන් ගේ බෙල්ල කැපුවෙත් නැ.. ඔන්න ඔකයි තත්වේ.. මිස්ට බීන් ගේ චරිතේ කරන රොවන් අට්කින්සන් කියන නලුවා, එන්ගලන්ත සබාවේ මුල් පුටුවේ ඉන්න කාදිනල්ගේ ලොගුව උස්සලා යට කලිසමත් පාත් කරනවා Johnny English කියන චිත්තර පටියේ.. ඒත් කවුරුත් ඒක තහනම් කලේ නැ.. ඔවට තහනම් නියොග ගෙනාවොත් තමා වැඩේ දිග්ගැස්සිලා අපහාසේ වෙන්නෙ.. දැන් ඔය මුස්ලිම් ආගමේම මොහොමඩ් කියන චරිතෙට කාටුන් එකක් ඇන්දොත් උගේ බෙල්ල කපනවා, ඒක ඊට පස්සෙ නිවුස් එකක් වෙනවා, ඉතින් චා වෙන්නේ නබි.. ගනන් නොගෙන හිටියොත් කවුරුත් ඩොන්ට් කෙයාර් තමා..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela. watina mathrukawak.

    math me langadi ekek ekka buddagama gana sakachchawak dagena innakotath oka mathu una. hama agamakatama oka podui.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට අනන්තවත් හම්බ වෙලා තියනවා ගෞතම බුදුරජානන්වහන්සේගේ ඉගැන්වීම් පිලිපදින ප්‍රන්ශ, එන්ගලන්ත කාරයො, කොටින්ම ඉතාලි කාරයො පවා.. හැබැයි උන් මසුත් කනවා අරක්කුත් බොනවා නමුත් බෞද්ද අපිට වඩා බුදු හාමුදුරුවන්ගෙන් දෙයක් ඒ මිනිස්සු ඉගෙන ගෙන තියනවා කියලා දැනෙනවා, අපි තවමත් උන්වහන්සේ ඉගැන්නපු දර්මය ඔලුවට ගන්නවා වෙනුවට උන්වහන්සේගේ දර්මය ශාසනය රකින්න මිනිමරාගන්නවා.. (මිනිමරාගන්නවා කිව්වේ හාමුදුරුවො මිනිමරනවා කියන එක නෙමෙයී කරුනා කරලා මෙතන ඉන්න මුස්ලිම් පින්වත්තු මොඩ ජොක් නම් දාන්න එපා මෙතන මගේ පොස්ට් කොට් කරලා..)

    දිවි හිමියෙන් ශාසනේ රැකීමට‍්රහ් වෙන්න ඔනා, ඒ එක්කම අපේ ස්වාමින් වහන්සේලා දේශනා කරන දර්මය ටිකක් මිනිස්සු ලෞකික ලොකයෙන් ඇත් කරනවද කියලා හිතෙනවා අද කාලේ දර්ම දේශනා ඇහුවම.. බෞද්දයො වශයෙන් අපි වියාපාර වලදි හරි ගතානුගතිකයි කියලා හිතෙනවා, සල්ලි මොකටද? එලොවටනේ වැඩ කරන්න ඔනා.. ඔන්න ඔය වගේ දේවල් මිනිස්සුන්ගේ හිතට ඔනාවට වඩා කා වැදිලා මිනිස්සු එලොවම පමනක් හොයනවා කියලා හිතෙන තැන් තියනවා.. මම් හිතන්නේ ඒකත් වැරදියි..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හොඳ කාලෝචිත ලිපියක්, සමහර දේවල් වලට එකඟයි...

    නමුත් මෙතන හැම ආගමක්ම විවේචනය කරලා තියෙනවා වගේම අනාගමික/නිර්ආගමික ප්‍රතිපත්තියේ බලපෑමත් එකතු කරොත් හොඳයි කියල හිතනවා. මොකද විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග දැන් ආගම්වාදීන්ට සමව හෝ ඊට වඩා අනාගම්වාදීන් ලෝකයට බලපෑම් කරන්න පටන් අරන්. හැම ආගමකටම නිර්ධය ලෙස පහර ගසන, ආගම් ඔක්කොම ලෝකයෙන් අතුගවුනොත් සාමය/සහජීවනය ඇති වෙයි කියන මතවාදය දැන් අපිට ගොඩක්ම ඇහෙන්න පටන් අරන්..ගොඩක් අය ප්‍රසිද්දියේ පිළිගත්තේ නැතත් මේක තමා විසඳුම කියල හිතෙනවා, එනිසා තමා අද (EK එකෙත්) තමන්ගේ ආගම/දර්ශනය පිළිපදින්නේ නැති ගොඩක් අය අනිත් අයගේ ආගම්වලට පහත් ලෙස පහර දීල ඒවා නැති කරන්න හදන්නේ..අලුත් පරපුරේ නොදැනුවත්වම මේ නිර්ආගමික/අනාගමික මතවාදය ලොකු role එකක් කරනවා.

    තම ආගම් පතුරුවීමට සමහර අය ගන්න/ගත්ත සමහර පියවර හරි කියල කියන්න බැහැ, නමුත් ඒ නිසා එම ආගම් වල කිසිම හරයක් නැහැ කියන එක පිළිගන්න බැහැ. ඉතා සරල න්‍යයකින් මේක පැහැදිලි කරන්න පුළුවන්, ඒ තමා කාලයත් එක්ක හැඩ නොගැසෙන ඕනෑම දෙයක් විනාශ වේනව කියන එක. ඒ නිසා මේ ලිපියේ කරුණු වැරදි නොවුනත් ආගම් තවමත් පැවතීමට තිබෙන හේතුන් සොයා බලන එකයි වටින්නේ කියලයි මගේ මතය.

    ඔය නිර්ආගමිකයින්ගේ ලොකුම තර්කයක් තමා මිනිස්සු දැන් දියුණුයි ඒ නිසා ආගම් අවශ්‍ය නැහැ/පවතින්නේ නැහැ කියන එක. එහෙම බැලුවොත් දියුණු, නිදහස්, ආගම් ප්‍රතික්ෂේප කරන බුද්ධියෙන් හා තාක්ෂණයෙන් උසස් මිනිසාගෙන් ලෝකෙට වුන මිනිස් ජීවිත විනාශයන්, පරිසර හානි මීට පෙර සිදුව ඒවා හා සැසඳීමටවත් බැරි ප්‍රමාණයේ විශාල ඒවා. 21 වන සියවසේ දියුණු මිනිසා මීට පෙර නොවූ විරු ප්‍රමාණයේ විනාශකාරී මාවතකට ලෝකය ඇද දමා තිබෙන එකයි තිත්ත වුවත් යථාර්තය.

    හිරෝෂිමා/නාගසාකි, ලෝක යුද්ධ මෙන්ම ආගම අබින් වගේ කියපු කාල් මාර්කස් ගේ චින්තනයෙන් බිහිවුණු සෝවියට් රුසියාවේ, චීනයේ සිදුවූ මිනිස් සංහාරයන් ගත්තත් අදත් දියුණු යැයි කියන ප්‍රබල රටවල් (සැම එකක් වගේම secular ඒවා) ස්වබාවික සම්පත්, තෙල් වගේ දේවල් වල අදිපත්‍ය ලබාගැනීම සඳහා පරිසයට, සාගර වලට, සතුන් හා වායුගෝලයට කරන විනාශ මෙන්ම මිනිස් සංහාර ඉතිහාසයේ ඔක්කොම ආගම් කල ඒවා එක් කරලත් ළඟවත් තියන්න බැරි ඒවා බව දත්ත එක ඔප්පු වෙලා තියෙනවා..

    ඒ නිසා ලෝකයේ ප්‍රශ්න ඔක්කොටම හේතුව ආගම්, ඒවා නැති කරොත් ප්‍රශ්න නැතිවෙයි කියන එක්ක පට්ටපල් බොරුවක් කියන එකයි මගේ අදහස. ප්‍රශ්න නැති වීමට නම් ඒවා විසඳීම අවශ්‍ය ගතිගුණ පිරි සමාජ බිහි විය යුතුයි, එක විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවෙන් පමණක් වෙන්නේ නැහැ..ඒ නිසා ආගම් නැති කිරීමට වැඩිය හරි විදිහට ඒවායේ හරයන් වටහා ගැනීමයි පිළියම කියන එකයි මගේ මතය.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොඳ කාලෝචිත ලිපියක්, සමහර දේවල් වලට එකඟයි...

    නමුත් මෙතන හැම ආගමක්ම විවේචනය කරලා තියෙනවා වගේම අනාගමික/නිර්ආගමික ප්‍රතිපත්තියේ බලපෑමත් එකතු කරොත් හොඳයි කියල හිතනවා. මොකද විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග දැන් ආගම්වාදීන්ට සමව හෝ ඊට වඩා අනාගම්වාදීන් ලෝකයට බලපෑම් කරන්න පටන් අරන්. හැම ආගමකටම නිර්ධය ලෙස පහර ගසන, ආගම් ඔක්කොම ලෝකයෙන් අතුගවුනොත් සාමය/සහජීවනය ඇති වෙයි කියන මතවාදය දැන් අපිට ගොඩක්ම ඇහෙන්න පටන් අරන්..ගොඩක් අය ප්‍රසිද්දියේ පිළිගත්තේ නැතත් මේක තමා විසඳුම කියල හිතෙනවා, එනිසා තමා අද (EK එකෙත්) තමන්ගේ ආගම/දර්ශනය පිළිපදින්නේ නැති ගොඩක් අය අනිත් අයගේ ආගම්වලට පහත් ලෙස පහර දීල ඒවා නැති කරන්න හදන්නේ..අලුත් පරපුරේ නොදැනුවත්වම මේ නිර්ආගමික/අනාගමික මතවාදය ලොකු role එකක් කරනවා.

    මෙහෙමයි . මට හිතෙන්නේ ආගම කියන වචන ගැලපෙන්නේ සර්වබලධාරී නිර්මාණවාදයට (ක්‍රිස්තියානි,යුදෙව්,ඉස්ලාම්,හින්දු ආගම). නමුත් දහමක්(ධර්මයක්) කියන වචනය ගැලපෙන්නේ ස්වභාවදහමේ නිතිරීතී (ධර්මතාවයන්) පැහැදිලි කරන ඉගැන්වීමකට,හුදෙක් සර්වබලධාරී නිර්මාණකරනයකට වඩා හේතු මගින් පැහැදිලි කිරිමක් එතන වෙන්නේ. මේ කොටසට වැටෙන ඉගැණ්වීම් දෙකක් විතරයි මම දන්නේ
    1. ජෛනයන්ගේ ඉගැන්වීම්
    2. ශාක්‍යමූනි ගෞතමයන්ගේ ඉගැන්වීම්
    මේ ඉගැන්වීම් දෙකම සර්වබලධාරී නිර්මාණවාදය ප්‍රතික්ශේප කරන අතරම තමන් කරන කියන දේවල් අපේ ඉදිරිය සඳහා හේතු වෙනවයි කියලා ඉගැන්වෙනවා. බුදු දහමේ සියලුම ඉගැන්වීම් ක්‍රේන්ද වෙලා තියෙන්නේ හේතුඵලවාදය මත.ඉහත කියපු හැම ආගමක කියලා තියෙනවා තමන්ගේ විශ්වාසයේ නැති අයව මරන්න කියලා(ඔව් හැම ආගමක්ම). නමුත් දහමක් අනිත් පැත්තට අවිහිංසාව උගන්වනවා.
    නිර් ආගමිකයන් ගැන තේරුම්ගන්න නම් අපිට මේකේ ඉන්ග්‍රීසි වචනේට යන්න වෙනවා
    තීයිසිම් කියන්නේ දේවනිර්මාන වාදයට (ඒක දේව සහා බහු දේව නිර්මාණවාදය). මේක පිලි නොගන්න අයට කියන්නේ ප්‍රතික්ෂේපකරන වාදය වෙන්නේ ගෑඅතියිසිම් . මේක පිලිපදින අය ඒතියෙස්ට්ලා නැත්තම් නිරාගමිකයන්. නිර් ආගමිකයන් සමාන්‍යයෙන් ස්වභාවදර්මය පාලනය වෙන නිතිරිති , ධර්මතා ප්‍රතික්ශේප කරන්නේ නෑ, එහින්දා තමයි බොහොමයක් අය ආගම් අත හැරලා බුදුදහම වගේ දහමක් අනුව හැසිරෙන්නේ. ඉතින් මමත් හිතන්නේ මේ සියලු ආගම් නැතිවෙලා යන තරමට ලෝකයට හොඳයි ලෝක සාමයටත් හොඳයි.
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    Mormon ආගම හැදුනේ 1930 දී වගේ ඇමරිකාවේ එතකොට ඒකේ නිර්මාතෘවරයා ජෝසප් ස්මිත් මේක ගොඩක් අළුත් ආගමක් නිසාත්,20 වැනි සියවසේ බිහිවුන නිසාත් අනිවාර්‍යෙන්ම මෝර්මේන් ආගමික සාස්තෘවරයා කියපු එකම ඒ විදියටම අදටත් පවතිනවා වෙන්න පුලුවන්. ඕනේ නම් ඌටා වලට ගිහින් බලන්න අදටත් මෝර්මේන් පල්ලි තියෙනවා ඒ කාලේ හදපු.

    mata mathak wenawa study of scarlet ;) saltlake aganuwara :cool: