pvt Hospitals :yes: දැන් හරි නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113


    කොරෝනා වෛරසය ආසාදනය වී යැයි සැක සහිත කිසිදු පුද්ගලයෙකු ප‍්‍රතිකාර සදමා භාර නොගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සියල්ලම පාහේ තීරණය කර ඇත.

    එම රෝහල්වල පාලනාධිකාරින් විසින් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයවලට දැනුම්දී ඇත්තේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිසිදු රෝගියකු රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා ඇතුළු කර නොගන්නා ලෙසයි.

    එවන් රෝග ලක්ෂණ සහිත ඕනෑම අයෙකු බාහිර රෝගී අංශය හරහා කුමන හෝ ඖෂධ කිහිපයක් ලබාදී පිටත් කර යවන ලෙස නිල වශයෙන්ම දැනුම්දී ඇත.

    මෙය රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ලද පියවරක් යයි එක් රෝහලක ප‍්‍රකාශකයෙක් අප වෙත සඳහන් කළේය.

    ඒ අනුව දැනටමත් කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත කිසිදු පුද්ගලයෙකු එම රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා නවත්වා නොගනී.

    ඇතැම් පුද්ගලික රෝහල් විසින් එවන් පුද්ගලයන් සදහා උපදෙස් දී ඇත්තේ කොළඹ ජාතික රෝහල හෝ උණ රෝහල වෙත යන ලෙසයි.


    දැන් හරිනේ, කොච්චර හැංගෙන්න හැදුවත් දැන් නම් අනිවාරෙම්ම ලෙඩ වෙච්චි උන් ඔක්කොටම ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට එන්න වෙනවා .
    හොරට ගිහින් බේත් ගන්න හම්බෙන්නේ නෑ :no::no: