PVT Limited කම්පනි එකක් රෙජිස්ටර් කරමු

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,852
    1,210
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කම්පනි රෙජිස්ට්‍රේශන් එක තමන්ටම කරගන්න පුලුවන් ඔන්ලයින්ම ලේසියෙන්. රජයේ වෙබ්සයිට් එක හරිම ලේසී. සහ ලොකු මුදලක් වැය වෙන්නෙත් නෑ.

    මේ ලින්ක් එකෙන් රජයේ වෙබ්සයිට් එකට යන්න පුලුවන්
    https://eroc.drc.gov.lk/dashboard/home

    ඕකට ගිහිල්ල උබලගෙ ඊමේල් එකයි, අලුත් පාස්වර්ඩ් එකකුයි දීල රෙජිස්ටර් වෙන්න.


    Step 1 - ව්‍යාපාර නාමය රෙජිස්ටර් කිරීම

    ඉස්සෙල්ලම අහන්නෙ උබ කැමති ව්‍යාපාර නම

    උදා: එලකිරි ප්‍රයිවට් ලිමිටඩ් (මේක ගත්තෙ වෙන සයිට් වල නම් දාන එක හරි නැති නිසා මෙතන)

    View attachment 232731

    ඒකෙන් නම ටයිප් කරල සර්ච් බටන් එක ප්‍රෙස් කලාම නම රෙජිස්ටර් කරන්න පුලුවන් එකක්ද, දැනටමත් තියෙන එකක් ද කියල එනව.
    දැන් උඩ තියෙන නම මම ටයිප් කරපු එක නම් පොඩි වෝනින්ග් එකක් දෙනව, ඒකට සමාන නමක් තියෙනව කියල, ඒත් ඔහොම වෝනින්ග් සයින් එකක් රතු පාටින් ආවට ගොඩක් වෙලාවට ඕක රෙජිස්ටර් කරන්න පුලුවන්. සමහර විට එලකිරිය තාම ප්‍රයිවට් ලිමිටඩ් රෙජිස්ටර් කරල නැතුව ඇති.

    ඕකෙ ගාන රු: 2768.28

    ඕක දවස් දෙක තුනකින් (බොහෝ වෙලාවට එක දවසින්) රෙජිස්ටර් කරන්න පුලුවන්.

    Step 2 - ව්‍යාපාර නාමය incorporate කිරීම

    ඕක රෙජිස්ටර් කලාට පස්සෙ උබ රෙජිස්ටර් කරපු නමට යටින් පේන්නනව බටන් එකක් "Incorporate" කියල.

    ඒකෙ අහන්නෙ පහල දේවල්

    1. උබේ විස්තර ටික (අයිඩෙන්ටිටි කාඩ් විස්තර හෝ පිට රැටියෙක් නම් පාස් පෝට්)
    2. කම්පනි එකට උබ දාන්න කැමති සෙක්‍රිටරි ගෙ විස්තර ටිකයි (උබේ කෙල්ල, කොල්ල, බල්ල, අල්ලපු ගෙදර නන්ගි/අයිය, යාලුවෙක්, ඕනෙ එකෙක් දාන්න පුලුවන්)
    3. Articles of Association (මේකත් රජයේ වෙබ්සයිට් එකේම මොඩල් එකක් උන් දාල තියෙනව, ඒක වෙනස් කරන්න ඕනෙ කියල උබට හිතෙන්නෙ නැත්තන් ඒකම අප්ලෝඩ් කරපන්, ඒක උබලට වෙනස් කරන්න ඕනෙ නම් විතරක් වෙනස් කරන්නත් පුලුවන්, ලොකු සීන් එකක් නෑ)

    articles of association එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
    Articles of Association

    ලන්කාවෙ ඔය ප්‍රයිවට් රෙජිස්ටර් කරල දෙන්නම් කියන අර බුක්ස් මේ බුක්ස් කිය කිය නම්වලින් එන යූ ටියුබ් එකේ වීඩියෝ දාල උබේ පොකට් එකට දීර්ඝකාලීනව කෙලින උන්ට නම් අහුවෙන්න එපා.

    සාමාන්‍යයෙන් උබලට සෙක්‍රිටරි (ලේකම්) ගෙ නමට උබ දන්න කෙනෙක් දාන එක හොදයි, මොකෝ ගොඩක් තැන්වලදි එයාගෙ අත්සන ඕනෙ වෙන්න පුලුවන් පස්සෙ කාලෙක, බැන්කු ගිනුම් වගේ දේවල් කම්පනි එක නමට ගන්නකොට වගේ.

    ඕකෙ ගාන රු: 13,800.00 ක් වගේ ගන්නෙ.

    මේ දෙවැනි පියවරට නම් සතියක් වගේ බලන් ඉන්න වෙනව උන් අප්ඩේට් එකක් දෙනකන් (දන්නවනෙ ඉතින් ලන්කාවෙ වැඩ 😁).
    මේකෙත් කාලය ඉක්මන් කරන්න පුලුවන් නම් හොදයි ඒත් මොනව කරන්නද ඉතින් ලන්කාවෙ මිනිස්සු ඉක්මන් වැඩ නෑනෙ.

    මොකක් හරි අඩුපාඩුවක් තියෙනව නම් එයාල ඔයාට එතනම මැසේජ් එකක් දාල තියනව හදන්න ඕනෙ අඩුපාඩු. ඒක නිසා ලොකුවට බය වෙන්න දෙයක් නෑ මොකක් හරි අඩුවක් වෙයිද කියල. පුලුවන් උපරිමයෙන් ඉල්ලල තියෙන දේවල් ටික දෙන්න බලන්න. එතකොට දෙපැත්තටම ලේසී.

    ඔය වෙන ආයතන වලට සල්ලි දීල කරගත්තම උන්ගෙ පස්සෙන් යන්න ඕනෙ අත්සන් ගන්න තව තව සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනව සැරෙන් සැරේ අත්සන් වගේ ඒවට. ඒක නිසා උබලගෙ රෙජිස්ට්‍රේශන් එක උබලම කරගන්න එක හොදයි.

    රජයේ ගොබ්බ වෙබ්සයිට් නිසා සමහර වෙලාවට පොඩ්ඩක් ස්ලෝ. ඒත් ලොකු අව්ලක් නෑ.

    රජයටත් ඕනෙ මේක උබලට ලේසි වෙන්න සහ හොරුන්ට අහු නොවී උබලගෙ බිස්නස් එක ගොඩදම්ම වන්න. උබලගෙ බිස්නස් ගොඩ ගිහිල්ල උබල සල්ලි කාරයො උනොත් තමයි රජයටත් කීයක් හරි එන්නෙ.

    ලන්කා රජය උබලව ගිලින්න බලන් ඉන්නව වගේ ගොබ්බ විදිහට හිතන එක අතෑරල, තමන්ගෙ දෙයක් පටන් අරන් ගොඩ යමු.

    ඒක නිසා උබලගෙ පොකට් එකේ තියෙන සල්ලි ටික හූරන් කන්න එන එවුන්ට කියල උබල පාවිච්චි නොවී මොලේ පාවිච්චි කරල වැඩ කරමු.

    අනවශ්‍ය වියදම් උබේ පොකට් එකෙන් සත පහක් වත් අනිත් කෙනෙක්ට හූරන් කන්න දෙන්න එපා.

    ටැක්ස් වගේ ගෙවන ඒව ඩොක්‍යුමන්ට් හදන හැටි පස්සෙ දවසක දාන්නම්. ලොකු සීන් එකක් නෑ. ඔය කම්පනි රෙජිස්ට්‍රේශන්. ගොඩක් එවුන් උබලව අන්දල සල්ලි ගන්නව, තමන්ටම කරගන්න පුලුවන් දේවල් වලටත්.

    බිස්නස් වලට බය උනොත් සහ අනුන්ට රැවටුනොත් නම් කවදාවත් ගොඩ යන්න වෙන්නෙ නම් නෑ.

    ------
    කාට හරි ප්‍රයෝජනයක් වෙන්න බම්ප් එකක් දාල යන්න.
    machn mamath IT Services wlata ekak reg karnna ynne,
    Api dollar walin income genawanam apita tax free da, ehema act ekak thiyanwalu, but mata thama hoyagnna beri una hariyatama?