මුලින්ම මං ගැන කියන්නම්. මම IT industry එකේ අවු10ක experience තියෙන QA lead කෙනෙක්. ඒකෙන් අවු 3ක් dev. අනිත්වා QA.
ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ, පුලුවන්නම් IT නොවන ජොබක් හොයාගන්න බලපල්ලා. බැංකුවක වගේ. මගේ වයසට ආවම, බැඳල ලමයෙක් ඉන්න කාලෙට ඒ ඇයි කියල උඹට තේරේවි. සල්ලිම නෙවේ ජීවිතේ කියල උඹලට තේරේවි.
QA ද dev ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නෙ Dev උන්ට වඩා QA උන්ට පඩි ටිකක් අඩුයි. හැබැයි Stress එකත් සාපේක්ශව අඩුයි. උඹල වයසට යනකම් IT field එකේ ඉන්න අදහස් කරනව නම් Dev යන්න එපා. Family life එක මිස් වෙනවා. ඒකාලෙට තේරේවි කරගත්තු මෝඩකම කියල. මම dev ඉඳල QA ආපු එකගැන දැන් ගොඩක් සතුටු වෙනවා.
හැබැයි QA වලින් ඉස්සරහට යන්න ඒගැන කැමැත්තක් වගේම Automation වලට ආසාවකුත් තියෙන්නෙ ඕන. දැන් QA Industry එක Automation පැත්තට වේගෙන් ඇදීගෙන යනවා. මට QA පැත්තෙන් උඩට යන්න dev experience එක ගොඩක් වැදගත් උනා. හැබැයි හැමෝටම Dev ඉඳල QA වලට මාරු වෙන්න chance එකක් එන්නෙ නෑ.
ඔය stress එක මචන් අපේ එවුන් බලෙන් හදාගන්න එකක්.
developing කියන්නේ passion එකක්. language එක මොකක් වුනත් concept එකයි ඔලුවට යන්න ඕනේ. එකම company එකේ software developer ඉන්න නෙවෙයි ඕනේ. අමතර projects, අලුත් languages ඉගෙන ගන්න එක, අනිත් අයට උදව් කරන එක, conferences ඔය වගේ දේවල් වලටත් සහභාගී වෙන්න ඕනේ.
මම දැන් අවුරුදු හතක් වෙනවා මචන්. අපේ company එකේ අලුතින් එන එවුන් hire කරන්නේ මගෙන් අහල. ගොඩක් එවුන් කරන්නම් වාලේ කරන එවුන්. උන් ට ඉක්මනට එපා වෙනවා මොකද හොද ඔලුවක් තියෙන්න ඕනේ සහ creative thinking තියෙන්න ඕනේ.
අලුතින් ආපු එකෙක් බලපන් දවසට code lines 5000ක් විතර ලියනවා. senior කෙනෙක් දවසට ඕනෙනම් lines 300ක් ලියයි. එහෙම ලියන්නේ code reuse කරලා ස්මාර්ට් විදිහට හිතල. intern ඉන්න එවුන් කොච්චර codes copy කරලා ලියනවා ද?
testing කරද්දී අපිට ඕනේ වෙන්නේ functionality එක humans ල ට කොච්චර දුරට හොදයි ද කියන එක test කරන එක. අපේ හැම component එකටම unit tests ලියනවා. QA ඉන්න එවුන් අවුරුද්දකින් කරන testing automated tool එකකින් පැය බාගෙන් කරන්න පුළුවන්.
stress එක එනවා කියල හිතෙනවනම් අනිවාර්යයෙන්ම ඔයා මොකක්හරි දෙයක් කරනවා වැරදී. දවසට පැය 4 යි මම වැඩ. තව projects එනවා Turing ටෙස්ට් කරන්න නැත්තම් security inspection වලට. මේවා QA ලා ට කරන්න බැහැ. අනිවාර්යයෙන්ම developer කෙනෙක් ම ඕනේ මොකද code එක කියවන්න තියෙන්නේ.




