QR Code ගැන සියල්ල... !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    QR-Code-Cover-VITS.gif

    "ඉක්මන් ප්‍රතිචාර" යන තේරුමින් කිව් ආර් කෝඩ් (QR=Quick Response) ලෙස හැඳින්වෙන්නේ දත්ත ගබඩාකරණය සඳහා
    සැබෑ ලෝකයේදී යොදාගන්නා සම්මතයකි. එය අඩු ඉඩප්‍රමාණයක වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවීමට මෙන්ම එසේ නිරූපණය කළ දත්ත ක්‍ෂණයකින් විද්‍යුත් උපාංගයකින් පහසුවෙන් කියවාගත හැකි ක්‍රමවේදයකි. මෑතකාලීනව එහි ජනප්‍රියත්වයපුළුල් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ජංගමදුරකතන තුලට QR කේත කියවීමේ පහසුකම ඇතුලත් වීමට පටන්ගැනීමය. පුවත්පත් දැන්වීමේ පටන් විලාසිතාව දක්වා ව්‍යාප්තවී ඇති QR කේතයේ පිහිටෙන් දැන් අන්තර්ජාලය ඇත්තේ අතේදුරකිනි. ඒ ඩිජිටල් ලෝකය වෙත අප වඩවඩාත් සමීපකරනා මෙවලමක් බවට පත්වෙමිනි.

    විචිත්‍රවත් තිත් රටාවන් ලෙස දිස්වෙමින් බොහෝදෙනා අතර කුතුහලය දැනවීමට සමත් මෙම කේත පිළිබඳ වැඩිදුරටත් විමසාබලමු..

    QR-Advert.jpg


    QR-Example.jpg



    හැඳින්වීම

    QR Code යනු ද්විමාන කේතකරණ සම්මතයකි. ලොව ප්‍රථමවතාවට QR කේත භාවිතයට ගැනුනේ 1994 වසරේදී ජපානයේ Toyota සමාගම විසිනි. ඒ තම නිෂ්පාදනාගාර තුල නිපැයෙන මෝටර්රථ යන්ත්‍ර මගින් එකිනෙක වෙන්කර හඳුනාගැනීමට සහ පරිපාලනය පහසුකිරීමටයි. මෙසේ කිවු ආර් කෝඩ් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ටොයෝටා සමාගම් ජාලයේ 'Denso Wave' සමාගමටයි.

    මෙම ද්විමාන ස්වභාවය නිසා සාමාන්‍ය බාකෝඩ්(UPC Barcode) කේත වැනි තනිමානයක් දත්ත ගබඩාකරණ කේත තුල රඳවන දත්ත ප්‍රමාණය මෙන් කීපගුණයක දත්ත රඳවාගබාගැනීමට QR කේත සමත්කම් දක්වයි.

    භාවිතයේ ඇති වෙනත් ද්විමාන කේතකරණ කීපයක්

    • PDF417
    • DataMatrix
    • Maxi Code

    QR සලකුණ

    සම්මත barcode මෙන්ම QR code ද එකිනෙක වෙන්කරගත හැකි වර්ණ 2කින් යුක්තය. පසුබිම් වර්ණය ලෙස සුදු වර්ණයද මුද්‍රණ තීන්තවල වර්ණය ලෙස කලු වර්ණයද බොහෝවිට යොදාගැනේ.

    QR-Quiet-Zone.jpg



    මොඩියුල(Modules)

    QR සංකේතය සමචතුරස්‍රාකාර මුද්‍රණයකි. හොඳින් නිරීක්‍ෂණය කළවිට එය කුඩා සමචතුරස්‍ර ජාලයක් ලෙස පෙනේ. එම කුඩාම සමචතුරස්‍ර ඒකකය 'මොඩියුලය'ක් ලෙස හැඳින්වේ. ඒවායින් සමහරක් තීන්තවලින් වර්ණගන්වා ඇති අතර අනෙක්වා පසුබිම් පැහැයෙන් දිස්වේ. QR code තුළ දත්ත ගබඩාකිරීමට භාවිතවන ප්‍රධානම ඒකක වන්නේ මේ මොඩියුලයි. එනම් එක් මොඩියුලයක් බිට් එකකට අනුරූපී වේ.
    නමුත් මේවායින් සමහරක් දත්ත ගබඩා කිරීම වෙනුවට QR සලකුණේ ව්‍යූහය ගොඩනැගීම සඳහා යොදාගැනේ.


    මොඩියුලවල විශාලත්වය

    QR කේතකරණයේ භාවිතවන මොඩියුල වලට නියමිත විශාලත්වයක් නොමැත. වැදගත් වනුයේ පැහැදිලි සමචතුරස්‍රාකාර හැඩය සහ පැහැදිලිව හඳුනාගතහැකි බවයි. මුද්‍රණය කිරීමේදී මොඩියුලයක් සඳහා dots 16ක්, 25ක් හෝ 36ක් භාවිතයට ගැනීම නිර්දේශකර ඇත. එම නිසා මොඩියුලයේ විශාලත්වය මුද්‍රකයේ(ප්‍රින්ටරයේ) dpi(dots per inch) settings මත තීරණය වේ.


    Codewords

    දත්තගබඩාකරණය සඳහා යොදාගන්නා මොඩියුල 8 බැගින් යුක්ත වන සෘජුකෝණාස්‍රාකාර ප්‍රදේශ කෝඩ්වර්ඩ්ස් ලෙස හැඳින්වේ. එක් කෝඩ්වර්ඩ් එකක ධාරිතාව බයිට් 1කට සමානවේ.


    Trackboxes

    Trackboxes.gif


    සලකුණේ කෙලවරයන් තුනක පැහැගැන්වූ මොඩියුලයන් මගින් ගොඩනැගුණු තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍රය බැගින් දැකිය හැකිය. මෙම සමචතුරස්‍රාකාර ව්‍යූහයන් trackboxes ලෙස හැඳින්වේ.

    එමෙන්ම ට්‍රැක්බොක්සස් යාවන පරිදි මුද්‍රණය කරඇති කඩඉරි දෙකක්ද දැකිය හැකි අතර ඒවායේ ද දත්ත ගබඩා නොකෙරේ. සෙසු පෙදෙස දත්ත ගබඩාකරණය සඳහා යොදාගැනේ.


    Quiet Zone/නිහඩ කලාපය

    QR සලකුණ වටා මොඩියුල 4ක පමණ හෝ ඊටත් වැඩි දුරක් විහිදෙන පෙදෙස quiet zone ලෙස හැඳින්වේ. මෙය QR කේතයේ පසුබිම් වර්ණයෙන් ඒකාකාරීව පැහැගන්වා ඇත. QR කේතය නිවැරදිව හඳුනාගැනීමේ පහසුව සඳහා මෙම පෙදෙස යොදා ඇත. (අනිවාර්ය නොවේ)


    QR සංස්කරණ (Versions)

    QR-ver1.gif
    Version1
    QR-ver2.gif
    Version2

    QR-ver3.gif
    Version3
    QR-ver10.gif
    Version10

    රඳවාගත හැකි දත්ත ප්‍රමාණය අනුව විවිධ QR සංස්කරණ 40කි. සංස්කරණය ඉහළයත්ම සංකේතයේ අඩංගු මොඩියුල ප්‍රමාණය වැඩිවේ. ඒසමගම දත්ත ධාරිතාවද, සංකේතයේ විශාලත්වයද ඉහළයයි.

    ඉහළ සංස්කරණයන්හිදි සංකේතය නිවැරදිව ස්කෑන් කරගැනීමේ පහසුව සඳහා අමතර (කුඩා) trackboxes ඇතුලත්කෙරේ.

    Version 1 QR සංකේතයේ පැත්තක දිග මොඩියුල 21කි. Version 2හිදි එය 25කි. එනම් වැඩිවන සෑම සංස්කරණයකටම පැත්තක දිග මොඩියුල 4 බැගින් වැඩිවේ.


    දත්ත ගබඩාකරණය

    කිව් ආර් කේතයක් තුල ගබඩාකළ හැකි ප්‍රධාන ආකාර 4කි. ඒවා නම්: සංඛ්‍යා(Numeric), සංඛ්‍යා හා ඉංග්‍රීසි අක්‍ෂර(Alphanumeric), කන්ජි සහ කනා(Kanji, Kana) ජපන් අක්‍ෂර, සහ බයිට්ස්(Bytes) යන වර්ග 4යි. මීට අමතරව URL ලිපින, හැඳුනුම්පත් දත්ත ඇතුලත් කල හැකි ලෙස ද සැකසිය හැක

    භාවිතකරන QR සංස්කරණය මත ගබඩා කළහැකි දත්ත ප්‍රමාණය තීරණය වේ. දැනට භාවිත වන ඉහළම සංස්කරණයේ(version 40) ධාරිතා මෙසේය.



    24ewcua.png



    විශේෂ ලක්‍ෂණ

    1. ඕනෑම අතකට ස්කෑන් කිරීමේ අවකාශය

    කුමන අතකට ස්කෑන් කිරීම සිදුකලද trackboxes වල පිහිටීම් උපකාරයෙන් QR සංකේතය නිවැරදි ලෙස කියවිය හැක.


    2. දෝෂ ශෝධනය (Error correction)

    Damaged-QR2.jpg


    Damaged-QR.gif


    මුද්‍රිත QR කේතයේ කොටසක් අපිරිසිදුවීම හෝ හානිවීම නිසා කියවිය නොහැකි තත්වයක් ඇතිවුවහොත් මුලු QR කේතයම භාවිතකල නොහැකි තත්වයක් ඇති විය හැක. මීට ප්‍රතිකර්මයක් ලෙස දෝෂ ශෝධන දත්ත එක්කර QR කේත මුද්‍රණය කෙරේ. එවිට එම අමතර දත්ත භාවිතයෙන් හානිවූ කොටස්වල දත්තයන් ප්‍රතිනිර්මාණය කරගත හැක. QR කේතවල දෝෂ ශෝධනය සඳහා Reed-Solomon ඇල්ගොරිතම භාවිතයට ගැනෙන අතර error correction levels 4ක් සපයා ඇත. වැඩි දෝෂ ශෝධන දත්ත ප්‍රමාණයක් එක්කලවිට වැඩි දත්ත ප්‍රමාණයක් ආවරණය කල හැකිවන අතරම ගබඩාකල හැකි දත්ත ප්‍රමාණය අඩුවීයයි.



    නිර්මාණාත්මක කිව් ආර් සංකේත ගොඩනැගීම සඳහා දෝෂ ශෝධන හැකියාව යොදාගෙන ඇති අවස්ථා කීපයක්:
    Creative-QR-Wikipedia.jpg
    Creative-QR-Addidas.jpg
    Creative-QR3.jpg

    (සැරසිලි යෙදීම නිසා සලකුණේ දත්තයන් හානිවුවද ගැටලුවක් නොවන ලෙස ඉහළ දෝෂ ශෝධන මට්ටමක් භාවිත කර ඇත)


    භාවිතයන්


    ලේබල් කිරීමට(Labelling)


    උපාංග, ද්‍රව්‍ය ආදි භෞතික දේවල් ලේබල් කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක රඳවාගැනීමට අවකාශ සැලසේ. බැලුබැල්මට තේරුම්ගත නොහැකි නමුත් ස්කෑන් කිරීම මගින් ක්‍ෂණයකින් කියවාගැනීමට හෝ උපාංගයකට ක්‍ෂණයෙන් තොරතුරු ඇතුලත්කිරීමේ මාධ්‍යක් ලෙස භාවිතයට ගැනේ.


    හාර්ඩ් ලින්කින්(Hardlinking)


    වෙබ්අඩවි එකිනෙක හයිපර් ලින්ක්(Hyperlink) මගින් සම්බන්ධකරනවාක් මෙන්, භෞතික වස්තුවක් මෘදුකාංගමය(වෙබ්අඩවියක් වැනි) දෙයක් සමග සම්බන්ධකිරීමේ මාධ්‍යක් ලෙස

    QR-Can.jpg


    QR-ID-card.jpg



    Advertising


    කිවු ආර් කේතයක් කියවීමට සැලසවීම තුලින් යම් වෙබ්අඩවියක් වෙත ගෙනයාම වැනි වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට.


    නිර්මාණශීලී ලෙස QR කෝඩ් භාවිත කර ඇති අවස්ථා කීපයක්:




    QR-Cap.jpg


    QR-T-shirt.jpg


    QR-dice.jpg


    SOURCE

    ඕගොල්ලොන්ටම කියලා QR Code එකක් හදගන්න ඕන්නම්..

    http://qrcode.kaywa.com/
     
    Last edited: