දැනගනිමු QR Codes ගැන.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැනගනිමු QR Codes ගැන.

    sample.png



    QR කෝඩ්ස් ගැන දන්නෙ නැති අයට ඒ ගැන පොඩි දෙයක් කියල දෙන්න හිතුව.
    මම දන්නෙත් පොඩි දෙයයි. දන්න ටික දන්නෙ නැති අයට කියල දෙන්න හිතුන.

    QR කෝඩ්ස් ගැන කතා කරන්න කලින් අපි Barcode ගැන පොඩ්ඩක් හොයල බලමු.
    සරලවම කියනවනම් මැෂින් වලට read කරන්න පුළුවන් විදියට සුදු සහ කළු ලයින්ස් ටිකක දත්ත ගබඩා කරල තියන එක තමයි Barcode වලින් කරන්නෙ.

    Barcode වර්ග 240ක් අපිට හදුනාගන්න පුළුවන්. මම ඔයාලට වෙනස පැහැදිලි වෙන්නත් එක්ක වර්ග දෙකක් ගැන කියන්නම්.

    ඉස්සලම කියන්නෙ Code 39 කියන Barcode වර්ගය ගැනයි.

    220px-Free_3_of_9_%28Code_39_barcode%29.svg.png


    මෙම ක්‍රමයේදී ඉංග්‍රීසි කැපිටල් අකුරු(A-Z), අංක (0-9), විශේෂිත ලකුණු (-, ., $, /, +, %, සහ space)
    සහ අමතර ලකුණක් වෙන "*" පාවිච්චි කරල තමයි දත්ත ගබඩාකරන්නේ.

    දැන් කියන්න යන්නේ ලෝකයේ වැඩි වශයෙන් භාවිතා කරන Barcode වර්ගය ගැන. ඒ තමයි UPC (universal product code)


    barcode.jpg

    මෙම ක්‍රමයේදී අංක 12ක් භාවිතා කරල තමයි දත්ත ගබඩා කරන්නෙ. නිෂ්පාදකයාගේ හදුනාගැනීමේ අංකය පළමු අංක 6නුත්,
    භාණ්ඩයේ හදුනාගැනීමේ අංකය දෙවන අංක 5නුත් error තිබුනොත් හදුනාගැනීමට 1 අංකයක් වශයෙන් තමයි මේ අංක 12 හැදිලා තියෙන්නෙ.

    හරි දැන් ඔයාල මේ කෝඩ්ස් ගැන පොඩ්ඩක් දැනුවත් උනා. දැන් අපි අපේ මාතෘකාව QR කෝඩ්ස් ගැන කතා කරමු.
    QR කෝඩ්ස් සැලසුම් කරනු ලැබුවේ ජපානයේ ටොයෝටා ආයතනයට අනුබද්දිත ආයතනයක් වන Denso Wave ආයතනය විසින් 1994 දී.
    QR කියන එකේ තේරුම තමයි "ඉක්මන් ප්‍රතිචාර කේත"(Quick Response code) කියන එක.
    ඇයි මේවට එහෙම කියන්නෙ? මොකද මේ කේත සැලසුම් කරපු අය බලාපොරොත්තු උනා මේවල ගබඩා කරල තියන දත්ත ඉතා ඉක්මනින් විකේතනය(තේරුම්ගන්න) කරන්න පුළුවන් වෙයි කියල.
    QR කෝඩ්ස් read කරන්නෙත් මැෂින් වලින්ම තමයි. ඒත් Barcode වලට වැඩිය QR කෝඩ්ස් වල වාසි තියනව.

    QR කෝඩ්ස් වලින් characters 1800 කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන්(DataType එක මත මේ ප්‍රමාණය වැඩි වෙනවා) නිසා තමයි මේ වාසිය ඇති වෙලා තියෙන්නෙ.
    ඒ නිසා ඉතා පහසුවෙන් වෙබ් අඩවියක URLඑකක්, එස්.එම්.එස් එකක්, Contact Number එකක් වගේ ගොඩක් දේවල් අපිට මේ කෝඩ් වල ගබඩා කරන්න පුළුවන්.
    අද ලෝකයේ ගොඩක් නිෂ්පාදන වල, වෙළද ප්‍රචාරක දැන්වීම් වල, Business Cards වල වගේම Android Market එකෙත් භාවිතා වෙන්නෙ මේ QR කෝඩ්ස් තමයි.

    Barcode සහ QR කෝඩ්ස් හදන්න පුළුවන් වෙබ් අඩවි ගොඩක් තියනව. ඔයාලත් නිකමට වගේ එකක් හදල බලන්නකො.
    මෙන්න ලින්ක් එකක්.. http://zxing.appspot.com/generator/

    ඒ වගේම අන්තර්ජාලයේ හෝ කොහේ හරි තිබුන Barcode සහ QR කෝඩ් එකක් විකේතනය කරලත් බලන්න.
    මෙන්න එකටත් ලින්කුවක් .. http://zxing.org/w/decode.jspx


    :cool::cool::cool::cool::cool::cool::cool:......