R.I.P bro coronavirus nisa maruna kena deepu පණිවිඩය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    R.I.P bro coronavirus nisa maruna kena deepu පණිවිඩය

    91540011_2577434412497012_5686286324785479680_n.jpg


    කෝවිඩ් 19 මාරයා විසින් බිලිගත් ශ්‍රී ලංකාවේ පස්වැනි ....බිල්ල...

    ඔහු ඉතාලියෙ සිට ලංකාවට එන්නේ ඉකුත් මාර්තු 12 වෙනිද.. හතලිස් හතර හැවිරිදි උදය දිනේෂ් දෙදරු පියෙක්..
    ඔහු ලක්බිමට පා තබද්දී ඉහෙන් බහින රෝගාබාධයක් තිබුනෙ නෑ. ඔහුත් සමඟ පැමිණි කණ්ඩායමේ ඇතැම් අය ඉතාලි සිට පැමිනි මේ පිරිස නීරෝධායනයට ලක් කිරීම පිලිබඳව තම විරෝධතා පල කලත් පසුව මේ සියලු දෙනාම පොලොන්නරුව කන්දකඩුව පුනරුත්තාපන ඒකකයට රැගෙන එනු ලැබුවා..

    ඔහු හා දිනපතාම හෝමාගම පදිංචි බිරිඳ දරුවන් දුරකතන් මඟින් කතා බහකලා.. ඒ විතරක් නොවෙයි වට්ස් ඇප් ,ඉමෝ තාක්ෂණය ඔස්සේ තමන් ඉතා නිරිපද්‍රිත බැව් තම අඹු දරුවන් නෑ සිය හිතවතුන්ට පෙනී සිට කතා කල වාර ගනන අපමණයි.

    කන්දකඩුව පීඩාකාරි තැනක් වෙතැයි සිතුවද දින කිහිපයකින්ම ඔහුත් එම කන්ඩායමත් මේ තත්වයට අනුගත උනා..

    උදය ට වෙනත් ශාරීරික අපහසු තා හෝ වෙනත් සෞඛ්‍යමය දුර්වලතා තිබුනේ නෑ. ඔහුත් ක්‍රියාශීලී තරුණයෙකු ලෙස දිනපතා පෙරවරුවේ ක්‍රීඩා පිටියේ ශාරීරික සුවතා අභ්‍යාස වලත් නිරත උනා. ඉඳහිටකවොහු හා ඉතාලියේ සේවය කල හිතවතුන්ද ඉතාලියේ සිට උදය හා කතා බහ කලා..
    " නෑ මචං කිසි අවුලක් නෑ තව දවස් පහකින් විතර මගේ නීරෝධායන කාලෙ ඉවරයි. ගෙදර ගියෑකි.."

    ඔහු බිරිඳටද එසේ කතා කරන්නට ඇත තව දින හතර පහකින් වසර ගණනාවකට පසු අඹු දරුවන් හමුවන සතුට ඔහු තනිවම විඳිමින් සිටින්නට ඇත්තේ.. " යන්තම් ඒ අවධානමෙනුත් මිදුනා " සිතා විය යිතුය. එහෙත් මාර්තු 19 දින උගුරේ දැවිල්ලක් හටගත් නමුත් ඔහුට පසු දින පෙරවරුවේ ශාරීරික අභ්‍යාසයක නිරත වන්නට ගියේය. එහෙත් තම ගතට උණ ගැනෙන්නට එන්නෙකු ගේ පරිදි දැනෙන කෙඩෙත්තු ගතියක් සහ දැඩි සීතල ත් හේතුවෙන් කන්දකඩුව පාලන අධිකාරිය උදයව වැලිකන්ද රෝහලට ඇතුලත් කරනු ලබනව.
    22 වන විට ඔහුගේ පෙනහලු බරපතල ලෙස ආසාධනයට ලක්වන අතර කොවිඩ් 19 වෛරස් රෝගයේ ලකුණු පෙන්වූ ඔහු එදිනම වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනව.
    එහෙත් වෛද්‍ය්වරුන්ගේ උත්සාහයන් නිශ්පල කරමින් ඒ අභාග්‍යසම්පන්න අප්‍රේල් 3 දා ඔහු මිය යනව.

    අද එනම් අප්‍රේල් 04 දා ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු වැලිකන්දට නුදුරින් පිහිටි අරලගංවිල ආදාහනාගාරයක දී සිදුකිරීමට නියමිතව තිබුනා.

    ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ( එහෙම කියන්න බෑ. යාන්තමින් ඇත සිට දේහය දැක බලා ගන්න විතරයි පුලුවනි ) ඔහුගේ ආදරනීය බිරිඳටත් දරුවෙකුටත් අද ඒ අවස්තාව ලැබෙන්නට ඇති.

    ඉහින් බහින රෝගයක් තිබුනෙ නැති ඉතා යහපත් ශරීර සෞඛ්‍යයක් තිබුනු තරුණ උදය දිනේෂ් .. තමන් කවදාවත් ලංකාවේ වැලිකන්ද වැනි පෙදෙසක මුලු ලොවම සෙලවූ බිහිසුනු වෛරසයකින් රෝගාතුරව මියයාවියැයි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

    ඔහුගේ දෙමාපියන්ටවත් නෑ හිතවතුන්ටවත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ලබුනේ නෑ.

    මේ තරුණයා ලංකාවට ලොකු පණිවිඩයක් දීලයි මියගියේ.. රටේ ඇඳිරි නීතියක් ප්‍රකාශ කලේ සාමාන්‍ය ජනතාව එලි මහනට නොගෙන සිටීමේ උපක්‍රමයක් ලෙසටයි. එහෙත් අපේ රටේ විශේෂයෙන් තරුණයො කොතෙකුත් එලි මහනේ.. මේ සටහන මම ලියන මිහොතේ මගේ ගම්බද නිවස ඉදිරිපිටින් ඇති මාවතේ ගමන් කල යතුරු පැදි හා ත්‍රි රෝද සංඛ්‍යාව හතක්. ..
    ප්‍රධාන මාවතෙත් එහෙමයි.. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම අත හැරෙන්නයි යන්නෙ. ඒකෙන්ම අපි ඉන්නෙ බරපතල අඩියක කියල වටහාග්න්න ඕන .. මේ වෛරසය කිසිම මිනිහෙක් බලහත්කාරයෙන් තමන්ගෙ සිරුරට ඇතුලත් කර ගන්නේ නෑ. එහෙම ශරීරගත කරගෙන තව පිරිසකට හිතාමතා බෝ කරන්න යන්නෙත් නෑ. හොඳම දේ කරුණාකරල ගෙදරට වෙලා ඉන්න.. තමුන්ගේ අඹු දරුවන් නෑසිය හිතවතනුත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු නොවී ගෙදරට වෙලා ඉන්න..
    එහෙම උනාම කාටවත්ම අනතුරක් නෑ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මැරෙන්නේ වයසක අය විතරක් නෙවෙයි ඇග දුර්වල අය විතරක් නෙවෙයි මේ වයිරස් එකට අවුරුදු 18 අයත් මැරෙනවා .