Rain & Flood Situation 2017 (Updating...)

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kaduwela thatthwe mok ban
    yata welada?
    මම ඔෆිස් ආවා බන්...මොන මගුලක් වෙලාද දන්නේ නෑ හවස් වෙද්දි යට වෙන කතාවක් කියනවා බන්..දැනට අපේ ගෙවල් පහල පාරවල් නම් යට වෙලා තියෙන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ඔෆිස් ආවා බන්...මොන මගුලක් වෙලාද දන්නේ නෑ හවස් වෙද්දි යට වෙන කතාවක් කියනවා බන්..දැනට අපේ ගෙවල් පහල පාරවල් නම් යට වෙලා තියෙන්නේ

    TV anan manan badu tika kokatath udakin thiyala thiyapan..
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කැළණි ගඟ පිටාර ගැලීම ඇරඹේ - අවට ජනතාවට ඉවත් වෙන්නැයි උපදෙස්

    Kelani-River-Over-Flow.jpg
    [FONT=&quot]
    Fri 26 May 2017 12:56 pm​
    2,703 views​
    [/FONT]

    [FONT=&quot]https://www.facebook.com/sharer/sha... ගැලීම ඇරඹේ - අවට ජනතාවට ඉවත් වෙන්නැයි උපදෙස් https://twitter.com/intent/tweet?st...izen.lk/news/4356/kelani-river-over-flow.html https://plus.google.com/share?url=http://www.citizen.lk/news/4356/kelani-river-over-flow.html [/FONT]
    සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් උපදෙස් ලබා දී තිබෙනවා.
    මේ වන විට කැළණි ගඟ පිටාර ගැලීම ආරම්භ වී ඇති නිසාවෙන් ඔවුන්ට එලෙස ඉවත් වෙන්නැයි දැනුවත් කර ඇති අතර ආපදාවන්ට ලක්වූ පිරිසට අගමැති හා ජනපතිගේ අණින් සහන සැලසීමට මේ වනවිට රජය කටයුතු කරමින් සිටිනවා


    Source : http://www.citizen dot lk/news/4356/kelani-river-over-flow.html
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අවිස්සාවේල්ල ටවුන් එකට යාමට නොහැකි තත්වයක් තියෙන බව නිව්ස් එකක් අවා. හතර පැත්තෙන්ම යටවෙලාලු. හංවැල්ල, පහත්ගම, පුගොඩ එහෙමත් යට වෙලා කියල දැනුම් දුන්නා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සේදවත්ත කලුපාලම් අසල ප්‍රධාන බොක්කුවේ දොරටු විවෘතකරන නාවික හමුදා කිමිදුම් කරුවන්...

    18622229_1703759329664158_5623284973155446252_n.jpg


    18698232_1703759556330802_8077573898040573473_n.jpg


    18622682_1703759776330780_5706686198702658753_n.jpg


    18740506_1703759896330768_1678983799374791673_n.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්‍රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට,
    ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට.

    ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න
    හේතුව අංක 01
    උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා.

    හේතුව අංක 02

    රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ.

    තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක.

    ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ.

    දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ.

    ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක.

    කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න.
    කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“.

    ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා.

    මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල