Ramayanaya and Troy

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    just watching Troy, i feel like Troy and Ramayanaya stories deka eka wage kiyala 🤔🤔🤔🤔🤔.
    ravana = alexander
    Seeta = helen
    Rama = menelaus
    Hanumantha = achillies

    spartans dinanawa trojon war eka
    Just like Rama wage

    war eka athiweemata hethuwa : alexander , spartans lage lokkage wife ( helen ) wa troy walata ekkagena giya hinda

    Same story like ramayana
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ow oya godak indiyawe nirmana Greece walin labuna ewa. apita indiyawen labuna pilima kalawa indiyawata labune Greece walin.
    oya wage ooya ramayanaya liwweth ashokage kaleta kittuwa . ithin oya katawa ahala liyanna ati samahara wita.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    ගොඩක් යුද්ධ ඇති වෙලා තියෙන්නෙ ගෑණු කේස් නිසා වෙන්න බැරිද?:confused:
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    ගොඩක් යුද්ධ ඇති වෙලා තියෙන්නෙ ගෑණු කේස් නිසා වෙන්න බැරිද?:confused:
    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙත් රොබට් බරතියන් ,ටාගෙරියන්ලා එක්ක යුද්ධ කරන්නෙ
    ගැණු සීන් එකක් නිසා නෙ ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    වාග්වේදීන්ගේ මෙහෙම විශ්වාසයක් තියෙනවා.
    ඔය ග්‍රීකයේ මිනිස්සුයි ඉන්දියාවේ මිනිස්සුයි ඈත අතීතයේ හිටියේ එකට. පසුව ඔවුන් වෙන්වෙලා යනවා. පිරිසක් ඉන්දියාව පැත්තටත් තව පිරිසක් ග්‍රීකය පැත්තටත් යනවා. එසේ වෙන්ව කාලයක් යනකොට ඔවුන් ඔවුන්ටම අවේනික සංස්කෘතියකට හැඩ ගැහෙනවා. ඉන්දියානුවෝ සහ ග්‍රීකයෝ එක්ව හිටපු කාල‍යේ පැවති ජනකතාවක්(සමහරවිට සත්‍ය සිදුවීමක්) රාමායණයටත් ඉලියඩ් කාව්‍යටත් මූලික වෙන්න ඇති. වසර දහස් ගනණක් මුවින් මුව ආපු නිසා කතා දෙකෙහි ඇතැම් සිදුවීම් හා චරිත නාම වෙනස් වන්නට ඇත.


    (ඉන්දියානුවෝ සහ ග්‍රීකයෝ පමනක් නොව ඉතාලි ජනයා,ජර්මන් ජනයා, ඉරාන ජන‍යා ආදි වර්තමානයේ රටවල් වශයෙන් බෙදි සිටින බොහෝ දෙනා මුල්ම යුගයේ එක්ව එක් ජනකොටසක් ලෙස වාසය කරන්නට ඇති බව වාග්වේදීන්ගේ විශ්වාසයයි. එසේ එකව වාසය කරන කාලයේදි ඔවුන්ව ඉන්දු-යුරෝපි ජනයා ලෙසත් ඔවුන් භාවිත කල භාෂාව ඉන්දු-යුරෝපීය භාෂාව ලෙසත් හැදින්විය.)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සාමාන්‍යෙන් පුරාණ සාහිත්‍යයෙ එකම අච්චුවෙ කතාන්දර නැවත නැවත ප්‍රතිනිෂ්පාදනය වීම අමුතු දෙයක් නෙමේ. ප්‍රසිද්ධ නෝඩික් ජන කතාවක්, මැක්බත් ප්ලොට් එක සහ පණ්ඩුකාභය සම්භව මිත්‍යාව කියන තුනම එකම කතාව වීමත් තව හොඳ උදාහරණයක්.

    ඔය වගේ වෙන රටවල දේවලුත් එකිනෙක සමාන වෙන තැන් ඕනෙතරම් තියෙනව.

    ඔය සමහරක් ඒව නම් සංස්කෘතීන් මුහුවීම හේතුවෙන් කතාන්දර පිටපත් වීමක් තියෙන්නෙ. හැබැයි සිත්ගන්නාසුලු දේ තමයි එකිනෙකින් ස්වායත්තවත් එකම සිද්ධි දාමය සහිත කතා විවිධාකාර ප්‍රජාවන් අතරෙ පැනනැගීම. කාර්ල් යන්ග් සහ පස්සෙ ආපු ව්‍යුහවේදින්ගෙ මූලික අදහසක් වුන මානව ශිෂ්ඨාචාරයෙ කතා ගෙතීමෙ කලාවට පොදු (a priori) ව්‍යුහයක් තියෙන්න පුලුවන් ය කියන උපන්‍යාසය හැදෙන්නත් ඔය සීන් එක හේතු උනා (චොම්ස්කිගෙ universal syntactic structures වලට සමානුරූපව නමුත් ඒ තරම් එස්ටැබ්ලිෂ් නොවුන අදහසක්).
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    just watching Troy, i feel like Troy and Ramayanaya stories deka eka wage kiyala 🤔🤔🤔🤔🤔.
    ravana = alexander
    Seeta = helen
    Rama = menelaus
    Hanumantha = achillies

    spartans dinanawa trojon war eka
    Just like Rama wage

    war eka athiweemata hethuwa : alexander , spartans lage lokkage wife ( helen ) wa troy walata ekkagena giya hinda

    Same story like ramayana
    ඔය එක කැල්ලක් අල්ලගත්තොත් විතරයි. හරිම පටු ගැලපිමක් ඕක. ට්‍රෝයි පිලුම බලලා කතාව ඒක කියලා හිතන කෙනෙක් ට ඕකා එහෙම වෙයි. නමුත් කරපු කැපවිම්,බිලිදිම්,දේවවාදි සංකල්ප පරතෙරයි. බැක් ටු ග්‍රීස් පාට් එක ගැන කතා වෙන්නේම නැති තරම්. ඒකත් මාරම ඉන්ට්‍රෙස්ටින්.

    මම නම් ආසම එපික් එක මහභාරතය. දිග වැඩියි තමා.

    ගලා යැම අතින් පට්ටම ඒවා නෝඩික් එපික්ස්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය එක කැල්ලක් අල්ලගත්තොත් විතරයි. හරිම පටු ගැලපිමක් ඕක. ට්‍රෝයි පිලුම බලලා කතාව ඒක කියලා හිතන කෙනෙක් ට ඕකා එහෙම වෙයි. නමුත් කරපු කැපවිම්,බිලිදිම්,දේවවාදි සංකල්ප පරතෙරයි. බැක් ටු ග්‍රීස් පාට් එක ගැන කතා වෙන්නේම නැති තරම්. ඒකත් මාරම ඉන්ට්‍රෙස්ටින්.

    මම නම් ආසම එපික් එක මහභාරතය. දිග වැඩියි තමා.

    ගලා යැම අතින් පට්ටම ඒවා නෝඩික් එපික්ස්
    ඍග්වේදයම උත්කෘෂ්ඨයි. ආගමික සාහිත්‍යද, ප්‍රබන්ධ ද, මෙඩිසින්ද, මැතද...වාසනාවකට ඒ කල්චර් එක කරපු හොඳම දේ දියුණු ලේඛන කලාවක් සතුව තිබීම නිසා හැමදේකම රෙකෝඩ්ස් තියාගත්ත එක. ලිවීම සහ සාහිත්‍යකරණය කියන එක අද කාලෙ අපිට සාමාන්‍යකරණය වෙලා පෙනුනට ඒතරම් කාලෙකට කලින් හරි හමන් හෝඩියකුත් හදාගෙන තමන්ගෙ මිත්‍යාමය ගොඩනැංවීම් කරාය කියන්නෙ ඒ මිනිස්සු පරිණාමික සංජානනමය හැකියාවන් අතින් තරමක ලොකු ලීඩ් එකක් තියල කියන එක.

    ඉන්දුආර්‍යයොන්ගෙන් වේදික් ග්‍රන්ථ සහ සෙමයිට් ලගෙ පරණ තෙස්තමේන්තුව සහ තල්මුද් එක ලියන්ඩ අවශ්‍ය වෙන ක්‍රියේටිවිටි එක දකිද්දි අවංකවම මේ ජීවිතෙ කබ්බෙක් නොවී ඉන්න පොඩි හරි උත්සාහයක් දරන්න පොළඹවනව.