පොඩි එකාගෙ මුල්ම පාසල් වසර ඉවර වෙනවා මේ සතියෙ. ඉතින් උගන්නපු ගුරුවරු 4ටයි (ලොකු එක්කෙනයි පොඩි 3යි) එයාලට උදව් කරපු ඇන්ටිලා 2ටයි සිකියුරිටි අංකල්ටයි තෑගි දෙන්න හිතුවා. ඕකට ඉතින් අදාල දේවල් ලෑස්ති කරද්දි පරන කතාවක් මතක් උනා.
අපේ තාත්තත් ටීචර් කෙකෙන්. රස්සාවක් නැති කාලේ 1990 ගනන්වල හද්ද ඩොටේ ඉස්කොලෙකට කොහොමහරි පත්වීමක් සෙට් උනා. ඉතින් හැමදාම උදේ 530ට පිටත් වෙලා යන්න ආයි එන්නේ හවස 5ට 530ට විතර. ඒ ඉස්කෝලවල ලමයි ඉගෙන ගන්නවා අඩුයි. හෙන දුප්පත්. කොහොමහරි තාත්තා ගෙමක් ගහල එකෙක්ව හොඳට OL පාස් කලා. දැන් ඒ ලමයා මොනා කරනවද දන්නේ නෑ. කොහොමහරි කොච්චර අමාරු උනත් තාත්තා අවුරුදු ගානක් ඔය ඉස්කෝලෙට පැද්දා උදේ හවස මහන්සිය බලන්නෙ නැතුව.
අපිත් ඉතින් ඒ කාලේ ගෙවල් ගාව ඉස්කොල වලට ගියේ. ඒ කාලේ පුරුද්දක් තිබ්බා හැම වාරෙකම මුල ටීචර්ට මොකක්හරි තෑග්ගක් දෙන්න. අපිට ඉතින් සල්ලි තිබ්බෙ නෑ. මතක විදියට ගොඩක් වෙලාවට ලෙමන් පෆ් එකක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතලා ගිහින් දෙනවා. එදාට ඉතින් ටීචර්ට ගෙදර ගෙනියන්න තෑගි ගොඩයි. ඉතින් අපිත් ඕක දිහා බලන් ඉන්නවා. තෑගි එහෙම දුන්නේ නැත්තන් එයාලගෙ මූනවලුත් එච්චර හොඳ නෑ. ඒ නිසා ගොඩක් ලමයි මොනාහරි දෙනවා.
එහෙම බලන් ඉන්නකොට යටි හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා අපේ තාත්තටත් ඔහොම මොනාහරි තෑගි ටිකක් හම්බෙලා අපිටත් රස බිස්කට් එහෙම කන්න හම්බෙයි කියලා. ඒත් දුක තියෙන්නෙ තාත්තා අයින් වෙනකන් කවදාවත් මුකුත්ම හම්බුනෙ නෑ. තාත්තා ඒ ගැන වචනයක්වත් කිව්වේ නෑ. හැමදාම ඉස්කෝලේ ගිහින් ඉගැන්නුවා. අම්මගේන් ඔය ගැන ඇහුවාම කිව්වෙ ඒ ලමයි ඉතින් දුප්පත් නිසා තාත්තා එයාලට මුකුත් ගෙන්න එපා කියලාලු තියෙන්නෙ කියලා. අපිටනම් ඉතින් මල.

මේ කතාවෙන් ගන්න දෙයක්නම් නැතුව ඇති ශුවර් එකටම, ඒත් පොඩි කාලේ සීන් එකක් මතක් උන නිසා දැම්මා.