මේ කොමෙන්ට් එක දැක්කම නිකමට පරණ කතාවක් මතක් උනා. වාහනේ badge ගහලා පොලීසියෙන් නතර නොනරන ටයිප් එකේ වාහනත් මම පාවිච්චි කරලා තියෙනවා දෙතුන් පාරක් වගේ.

ඒවා වල windshield එකේ පැත්තක්ම රජයේ එක එක badge වලින් වහල තියෙන්නේ. දවසක් යාලුවෝ සෙට් එකක් එක්ක කටුකුරුන්දේ රේස් බලන්න ගියා ඔහොම එකක. පරක්කු වෙලා එලියට බැස්ස නිසා වාහනේ තියෙන siren horn එක දාල, double සිග්නල් දාගෙන ගියෙ. traffic light එකක නතර කරපු ගමන් ඒ හරියේ ඉන්න පොලිස් කාරයෝ දුවගෙන ඇවිල්ලා අහනවා මොන පැත්තටද යන්නෙ කියල. උට අතින් යන පැත්ත පෙන්නුවම උන් සෙට් එක දුවගෙන ගිහින් අනෙත් පැති වහලා අපිට යන්න දෙනවා.
එව්වයි මෙව්වයි තනිකර දෙකක් බ්‍රෝ.