Random කතා - හැමදේම වෙන්නෙ හොදටද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,310
    67,663
    113
    Our vision is too limited to this life.In term of universe time it's not even a fraction of a second.What ever happen in that large scale is to burn the karmic memories.In that sense it's good.

    කල්ප 500 කියන්නේ illusion එකක් ද ?
    Yes but you carried the ilusion for that long so time exist for you.
    ------ Post added on Apr 2, 2024 at 11:17 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    පොසිටිව් වෙන්ව කියන්නේ තමන්ට ලැබෙන හැම ප්‍රතිපලයක් ම පොසිට්ව් දෙයක් විදියට බොරුවට හිත රවට්ටගන්න එක නෙවෙයි නේ.
    පොසිටිව් නෙගටිව් දෙක හිත බොරුවට රවට්ටගන්නේ නැතුව තේරුම් ගන්න එක තමයි වැදගත්.. වැරද්දක් වැරදි දෙයක් විදයට දකින එකත් පොසිටිව් දෙයක්. බොරුවට හොද දෙයක් කියලා හිතනවට වඩා.
    මම හැම එකක්ම පොසොටිව් ගන්න කියල කිව්වෙ නෑනෙ. අදහස් කරේ කරන්න දෙයක් නැති නිසා එක ගැන කරදර වෙන්නේ නැති එක පොස්ටිවි කියල අලුත් දේවල් හිතන්න.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔක අර හිත හදාගන්න කියන කතාවක් නෙ. ඔහොම හිතුවම අලුත් ඔප්ෂන් හොයන්ඩ පටන් ගන්නව මනස.

    හැබැයි ඉතිං හැම දෙට මාත් ඔක apply කරන්ඩ බැ.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩෝ උඹල ඔය "හැමදේම වෙන්නෙ හොදට" කියන කතාව විශ්වාස කරනවද? නැත්තන් ඒකත් "හිත හදාගන්න" හදපු එකක්ද? අත්දැකීම් තියෙනවද ඒක ඇත්ත වෙච්ච වෙලාවල්?

    හොදටනෙ බන්... හැම සිදුවීමකම සිදුවූ ප්‍රමාණයට වඩා කෙලවීමේ සම්භාවිතා කෝටි ගණන් තියෙනවනෙ. ඉතින් ඊට වඩා ඔය වෙන විදිහ හොදයි....
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,444
    113
    මෙහෙමයි ඕක හිත හදාගන්න කියන එකක් තමයි. දේවල් වෙන්නෙ හොඳක් හෝ නරකක් වෙන්න නෙමෙයිනෙ කොහොමත්.
    හැබැයි නරකම කියල කියන්න පුලුවන් දේක උනත් හොඳ ප්‍රතිඵල තියෙනව.
    මනුස්සයෙක්ට අතක් පයක් නැති වෙන එකෙන් පවා සමහර හොඳ දේවල් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හැමදේම වෙන්නෙ හොදට
    මේක දෙවියන්ගේ කැමැත්ත
    පෙර කල පවක් නිසයි මෙහෙම වුනේ

    ඔක්කොම සිත නිවන කතා
     
    • Like
    Reactions: NRTG and gamerlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොඳට උනත් නරකට උනත් අතීතය වෙනස් කරන්න අපිට බැරි නිසා එතනින් ඉදිරියට යන්නෙ කොහොමද කියලා හිතන එකයි කරන්න වෙන්නෙ.

    මගේ ජීවිතයේ දේවල් නම් ලේසියෙන් කරන්න බෑ. මම දන්නෙ නෑ හැමෝටම එහෙමද කියලා. මාර බාල්දි පෙරලෙන්නෙ. සමහර දේවල් හේතුවක් නැතුව පුදුම විදිහට මහන්සි වෙලා සාමාන්‍ය සීමාවෙන් එහාටත් ගිහින් තමයි හරි යන්නෙ. මම ගෙදර කියවනවත් එක්ක පුදුම කරුමයක්නෙ මේක හරි යන්නෙම නෑනෙ කියලා.

    මට නම් තියෙන ලොකුම වාසිය කරදරයකදි වයිෆ් ඔලුව කන්න එන්නෙ නැතුව උත්තරයක් හොයන්න උදව් කරන එක.

    වෙලාවකට හිතෙනවා ලොකු ලොකු වැඩ කරන්න නැතුව පාඩුවේ හිටියානම් මේ කරදර නෑ නේද කියලා.

    උඹලටත් මොකක් හරි වැඩක් කරන්න ගියාම රටේ නැති ප්‍රශ්න එනවද?