නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා ලබන ඉරිදා (16) දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්රකාශ කර සිටියා. රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දෙනු ලබන වෙලාව පිලිබදව ඉදිරියේදී තීරණය කර දැනුම් දෙන බවයි මෙහිදී මන්ත්රිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
නව ඇමති මණ්ඩලය මෙම ඉරිදා සවස් භාගයේ හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි අශෝක අබේසිංහ මන්ත්රිවරයා ප්රකාශ කර සිටියේ.






