"අනුර කුමාර සහෝදරයා හැමදාම කියනවනේ උනුත් එකයි මුනුත් එකයි කියලා, මම කියනවා ඕගොල්ලොත් එකයි කියල. 2013 වසරේ සිට අරන් බලන්න දුමින්ද සිල්වාට එරෙහිව වචනයක් අපේ ජේවීපී සහෝදර වරු කතා කරලා තියෙනවද කියලා. මිනීමැරුම් චුදිතයෙක් වෙලා දවසක්වත් රිමාන්ඩ් එකේ හිටපු නැති ගැන කතා කළා ද ? ඒගොල්ලෝ කතා කළා පොඩි කාලෙකට. එතොකොටම ඒ චැනල් වලින් එහෙම කතා කරපු නිසා නිව්ස් නැවැත්තුවා. ඒක නැවැත්තුවට පස්සේ අනිත් අයට ඩීල් කාරයෝ කියල චෝදනා කරන මේ අයම ඩීල් එකක් ගැහුවා, ඒ ගැන කතා නොකරන්න. එයින් පසු දිගටම අනුර සහෝදරයට නිව්ස් එකේ තුන්වෙනි නිව්ස් එක හම්බවුනා, බලයේ පුටුවක් වෙන්වුනා, මෙන්න මේකයි ඇත්ත.
මෙන්න මෙහෙමයි සමහර මාධ්‍ය ආයතන දේශපාලකයන් මෙහෙයවන්නේ. මම අභියෝග කරනවා අනුර කුමාර සහෝදරයට භාරත ලක්ෂ්මන් නඩුව ගැන, මරණ දඬුවම දුන්න අය පුද්ගලික රෝහල් වලට ගෙනයාම ගැන, විනිසුරුවරුන් හොරෙන් ගිහින් හමුවීම ගැන කතාකරන්න කියලා. අර සුපුරුදු ‘ලැජ්ජයි... අම්මපා‘ ලීලාවෙන්, මම හිතනවා ඩිල් එක දැන්වත් නවත්වලා කතා කරයි කියලා."