HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මම මේක දාන්න හිතුවේ දැන් මම කීප තැනකම දැක්ක Ransomware නිසා කෙල උන අය අන්තිමට අඩාගෙන එනවා Thread වලින් File Decrypt කරගන්න බලාගෙන..මේක ඒ අයට නම් නෙමෙයි. විශේෂයෙන්ම, ඉදිරියේදී කෙළවෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන, නොසැලකිලිමත්ව අන්තර්ජාලය භාවිතා කරන අයටයි.:P

    මේක හුදෙක් ඒ ගැන දැනුවත් වීමේ Thread එකක් විදිහට සැලකුවත් කමක් නැ.:yes:

    මම Ransomware ගැන සැහෙන්න Study කරා ගිය අවුරුද්දේ, මම කරපු Master එකේ ස්වභාවය නිසාත්, මට මේකේ Hands-on experience එකක් ගන්න ඕනේ නිසාත්, මේක feel වෙන්න ඕනේ නිසත්... පල්ලෙහා තියෙන්නේ මම try කරපුවගෙන් කීපයක්.:D

    • GandCrab
    • PureLocker
    • Jigsaw
    • WannaCry
    • CryptoLocker
    හැබැයි මේව කට්ටිය සාමාන්‍ය Day-to-day පාවිච්චි කරන Machine වල නම් කරන්න යන්න එපා...අනික මේවා පස්සේ try කරන්න කියල, දැන් පාවිච්චි කරන Machine එකට Download කරලා තියාගන්නත් එපා... දන්නේ නැත්තන් කරන්න යන්නම එපා. ඉන්න විදිහට මේක කියවලා, පාඩුවේ ඉන්න….මේකෙන් කාටහරි පාඩුවක් වෙනකන්, කාටවත් මේක බරපතල කම එච්චර තේරෙන්නේ නැ…:no:

    මම කරේ Virtual Environments (VMs, Sandbox...etc) වල එක එක Scenarios Plan කරලා, Study කරන අරමුණින් ම විතරයි.


    හරි. මුලින්ම කියන්න ඕනේ කට්ටිය හැමතැනම දාල තියෙනවා දැක්ක, මේ ප්‍රශ්නේ ආපු ගමන්, කොහෙන්ද Files Download කරේ, අපිටත් කියන්න එතකොට අපි එතනින් Download කරන්නේ නැතිව ඉන්නම් කියල.

    Verified Sites වලින් බෑවා කියල නෑ, මොකෙන් බෑවත් බඩු තියෙනවා නම් කෙල වෙනවා..අනික මම දැක්ක ඔය කට්ටිය Verified කියල Download කරන Most popular torrent sites වලත්, සැහෙන්න Ransomware තියෙන Cracks and Patches, Software එක්ක. සමහර වෙලාවට Upload කරලා Verified User කෙනෙක්ට උනත් මේවා මගහැරෙන්න පුළුවන්. සමහරවෙලාවට Uploaders ල මේවා Distribute කරන එක විතරයි කරන්නේ..:(

    එක නිසා හොදම දේ තමයි, මේවා Download කරද්දී ටිකක් වටපිටාව ගැන හොයල බලන එක. Comment Section එක කියවන එක, ඉන්ටෙර්නෙට් එකේ Search පාරක් දාන එක වගේ දේවල්.

    දැන් මම ඔය Test කරා කිවුව Ransomware වලින් ගත්ත Experience ටිකක් Discuss කරන්නම්. මේකේදී මුලින්ම මේක Install වෙච්ච ගමන්, අන්තිම ප්‍රතිපලය විධිහට File Encrypt වෙන එක තමයි වෙන්නේ..ඒ ගැන වැඩි විස්තර පල්ලෙහා Link එකේ තියෙනවා.

    https://medium.com/searchencrypt/what-is-encryption-how-does-it-work-e8f20e340537

    එක එක Ransomware වල පාවිච්චි කරන Encryption Techniques වෙනස්. ඒ ඒ ආකාරයට Decryption එක කර ගන්න වෙනවා, අයෙ මේ Files Use කරන්න ගන්නවානම්.

    කියවනව නම්, වැඩි විස්තර පල්ලෙහා Link එකේ තියෙනවා.

    https://resources.infosecinstitute....on-method-used-in-widespread-ransomware/#gref

    Ransom ගැන, Payments ගැන කතා නොකර ඉම්මු. මොකද ඒවා කරන්න තියා හිතන්නවත් යන්න එපා..! මේකට හේතු තියෙනවා, දැන ගන්න ඕනේ උන් පල්ලෙහයින් අහන්න.

    සමහර Ransomware තියෙනවා, ඒවා Encrypt වෙනවා කියල Pretend කරනව විතරයි. Encrypted වෙච්ච Filesඋත් Encrypt වෙලා කියල පෙන්නවා, එත් ඇත්තටම වෙලා නෑ...ගොඩක් වෙලාවට File Extension එක මාරු කරන එක වෙන්නේ. හැබැයි, සමහර Files වල Extension එක මාරු කරත්, File Damage එකක් වෙලා තියෙන්න පුළුවන්. උදාහරණක් විදිහට Music File එකක් නම් හරි, Video File එකක් නම් හරි, එක කොටස් නැති වෙලා තියෙන්න පුළුවන්. සමහර Photos & Pictures, Read කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්.

    තව ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න එත් වැඩක් නැ..මොකද මේක කරලම බලන්න ඕනේ feel වෙන්න..ඇත්තටම මෙහෙම දෙයක් ඔයාගේ වටිනා Data Store කරලා තියෙන Device එකකට උනොත් කර කියාගන්න දෙයක් නැති වෙනවා. :(

    හරි, දැන් බලමු මේ වගේ දේකින් කොහොමද බේරෙන්න පුළුවන් කියල…

    1. File Backup කරන එක! Very Important! Backup your important shit.:lol:
    Backup! Backup! Backup!

    කෙල උන ගොඩක් අයට මේක හිතිලා ඇති අපරාදේ මම Backup කරගත්තේ නැත්තේ කියල. මම නම් කියන්නේ තැන් දෙක තුනක හරි කමක් නැ ඕනේ කරන දේවල් Store කරගන්න. හැබැයි, ඒ Storages හැමතැනම Connect කරන්නයි, අරන් යන්නයි තියා ගන්න එපා. පරිස්සමෙන් කොහේ හරි තියාගන්න, Completely Disconnect කරලා. අනික තමා Backup Scope එක වැඩි කරගන්න, Backup කරන Frequency එකත් වැඩි කරගන්න. මේවා හරියට කරොත් Ransomware is Nothing!:lol:

    2. විශේෂයෙන් Cracked and Patched Software, Download කරන්න යන්න එපා.

    Open-source Solutions ගොඩක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. බැරිමනම් විතරක් Download කරන්නේ මොකද්ද කියල සැහෙන්න Study කරලා Download කරගන්න (Not Recommended). එකේ තියෙන භයානක කම තමයි Install කරද්දී Anti-Virus එක Disable කරන්න කියල තියෙනවා Instructions වල.

    2.1. කරන්නම දෙයක් නැත්තන් පොඩි දෙයක් තියෙනවා කරන්න. VM එකක් හරි, Sandbox එකක් හරි
    දාගන්න.

    දැන් මේක ඇතුලේ ඔය Risk තියෙන Download කරපු Files, Run කරලා බලන්න පුළුවන්, කිසිම ප්ර්ශයක් නැතිව. VM එකේ කරනව නම් ගොඩක් හොදයි.

    3. Spam Sites, Email වලින් එන ඒවා Download කරන්න යන්න එපා. :no:

    කොටින්ම දන්නේ නැති Links, Open කරන්නත් එපා..ඒවගෙන් දෙන දේවල් Download /Install කරන්න යන්නත් එපා.

    4. බැරිවෙලා හරි Infect උනා කියල දැන ගත්තොත් මොකද කරන්නේ. :nerd:

    බල බල ඉන්න එපා කෙලින්ම Switch OFF!. Plug එකේන් ඇදල දාල Off කරන්න. ඊට පස්සේ ඔක්කොම Storage Devices ටික ගලවන්න (Internal & External). වාසනාවට කලින්ම Detect උනොත් ගොඩක් වෙලාවට Files Encrypt වෙලා නොතියෙන්න පුළුවන්. එතකොට Bootable Data Recovery Software එකකින් Files Recover කරගන්නත් බැරි වෙන එකක් නෑ..ඒ කරලා System Drive එක තිබ්බ Device එක Format කරනන වෙනවා.

    ඕව තමයි දැනට මගේ ඔලුවට එන්නේ. තව දේවල් තියෙනවා නම් ඔයාලත් Discuss කරන්න. තව මේකේ Actual Experience ගත්ත අයත් මේකේ ඇති, එයාලගේ Inputsඋත් Highly Appreciated!

    මට මේකෙන් වෙන්න ඕනේ එක දෙයයි, මේකේ අවදානම ගැන කියල දීල, තව කෙනෙක්ට මේ Attack එකක් වෙන්න තියෙන Risk එක අවම කරන්න එක...එච්චරයි! :D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    Very Important thread. Thanks for sharing.
    Can we get our files back after paying the ransom?
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Good thread. Nikan risk ekak ganne nathuwa podi kaalayak waya karala backup ekak thiya gatta nan iwarayi. Anika IDM wage software gaanak deela gaththath padu naa. Ehen mehen patch hoyala kelawa ganne nathuwa
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Very Important thread. Thanks for sharing.
    Can we get our files back after paying the ransom?

    You’re welcome!

    For your question, most of the time, they don’t give the KEY! Or maybe it’s not actually encrypted.

    I’d say don’t try that since you’re indirectly motivating them to do more attacks of such when you pay for it, and then again don’t trust those buggers. Beside the amount is huge and it’s a waste if they did not respond back. So strong No to that!
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,495
    1
    99,637
    113
    33
    Kalutara
    ෆක්, මට එහෙම ඔහොම වුනොත් 2005 විතර ඉඳන් එක්කහු කරපු සින්දු 10,000ට කෙල වුනොත් ඉඳල වැඩක් නෑ :(:(:(
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Good thread. Nikan risk ekak ganne nathuwa podi kaalayak waya karala backup ekak thiya gatta nan iwarayi. Anika IDM wage software gaanak deela gaththath padu naa. Ehen mehen patch hoyala kelawa ganne nathuwa

    Backup තියා ගන්න එක, මොන දේටත් හොදයි.!
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Windows 10 Pro or enterprise thiye nam sandbox enable karaganna

    ඔව් ඒකත් එක sandboxing method එකක්. එත් මම recommend කරන්නෙ complete isolation testing method එකක් use කරනව නම් හොදයි, VM වගෙ. මොකද On system testing වල risk එකක් තියෙනව, කොච්චර කිවුවත්.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ෆක්, මට එහෙම ඔහොම වුනොත් 2005 විතර ඉඳන් එක්කහු කරපු සින්දු 10,000ට කෙල වුනොත් ඉඳල වැඩක් නෑ :(:(:(

    Backup එකක් දාගන්න මචන්. ඕවගෙ වටිනාකම තේරෙන්නෙ, කෙල උනාට පස්සෙ.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Backp karanna method tikak kiyapanko.

    System Backups දාගන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනව, එහෙම ඕනෙ නම් system in-built backup method එක use කරන්න.

    මම නම් කියන්නෙ, system backups නැතිව important files and data විතරක් වෙනම backup කරල තියාගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ක්‍රැක් එකක් සැකෙන් හරි ඕපන් කරා කියමුකො. එතකොට රැන්සම්වෙයා එකක් නම් ඒක ඇතුලෙ තියෙන්නෙ, අපේ හාර්ඩ් එකේ ෆයිල් සේරම එන්ක්‍රිප්ට් වෙන්න පැය ගානක් යන්න පුළුන්නෙ. ඒ පැය ගාන අතරතුර, දැන් මගේ ෆයිල්ස් එන්ක්‍රිප්ට් එනව කියලා අපි දැනගන්නෙ කොහොමද?