මූ කියපි ඔව් අයියේ මම මේ මාසයක් ඉඳලා අද ආවේ කොණ්ඩේ කපන්න කියලා..![]()
![]()
හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..
මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්‍රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..පස්සේ මම ඇහුවා මල්ලී ඔයා කොහෙද හිටියේ කියලා.. මූ කිව්වා බණ්ඩාරගම පොට් එහෙක හිටියේ අයියේ බේත් පෙති දුන්නලු එක එක ජාතියේ කියලා.. මායි යාළුවයි බය උනා එකසිය ගානට.. පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ...
දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ...
![]()
ප්‍රතිශක්තිය හොඳටම වැඩි යෝධයෙක්ට මෙහෙම නම් - ප්‍රතිශක්තිය රොඩ්ඩට බැහැපු බෝ නොවෙන රෝග අවුරුදු ගණන් පාලනය කොරන් ඉන්න අසරණයෙක්ට කොහොම වෙයිද ?
කායික ප්‍රතිශක්තිය අඩු වෙනකොට 99% මිනිස්සුන්ගේ මානසික ප්‍රතිශක්තියෙනුත් තදට දුර්වල වෙනවා. කොයි වෙලෙත් බියෙන් තැතිගැන්මෙන් තමයි ඉන්නේ. ඒ අස්සෙ වසංගත ලෙඩකට බේත් නෑ කිව්වාම කොහොම තියෙයිද ? අඩන්න ඉන්න කෙනාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ තමා ඒක.
එතකොට ප්‍රතිශක්තිය දුර්වල කෙනා නිතර නිතර බියට පත් වීම නිසා inflammatory reaction එක නිතර නිතර වැඩ කොරන්න ගන්නවා. ඔය යෝධයාම කියන්නෙ තොල කට වේලිලා ගියා කියලා. ඒවගේම තමා උගුරත් වේලෙනවා, වේලිච්ච කැස්ස එනවා , උණ හැදෙනවා මොනම බාහිර විෂබීජයක් ඇඟේ ඇතුලෙ තියෙන්නෙ නැතුව.
ඔන්න ඕකට කියනවා rapid inflammatory reaction triggering කියලා. මේක සර්ප විෂ වෙදකමේදි අත්දකින්න ලැබෙන සුලභ බරපතල රෝග අවස්ථාවක් , නැත්තම් සිංහල වෙදකමේ භාෂාවෙන් කියනවා නම් සන්නි (severe හෝ critical) අවස්ථාවක්. මේ අවස්ථාවෙන් රෝගියා අසාධ්‍ය (terminal) අවස්ථාවට පැමිණිම වළක්වන විශේෂිත දිව්‍ය ඔසු තියෙනවා. ඒවා ඖෂධ රාජයෝ හැටියට හඳුන්වනවා. ඒ මොකද ඒ දරුණු අවස්ථා වලත් ඒ ඔසුවේ ක්‍රියාකාරිත්වය ගැන තියෙන විශ්වාසය ඉර හඳ වගේ අද වෙනතුරුත් නොබිඳි පවතින නිසා.
දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ...