අන්න අන්න ඕකනේ කියන්නේ බන් ඉතින් උඹල අපි ගැන ඔහොමනෙ හිතන්නේ, ඉතින් බලපන්කො උබත් ඔහොම කියනවනම් පිට මිනිස්සු මොනවා නොකියයිද?
එහෙම සිද්දියක් නෙවේ ලලිය, මට ඇත්තටම ගොඩක් ආදරෙයි බන් දිලිනි, මටනම් ඇත්තටම හිතාගන්න බෑ ඒ කෙල්ල මගේ උනා කීවම,අපේ අම්ම වගේ බන් මාව බලා ගන්නේ,
එච්චරටම ආදරෙයි, ජීවිතේට මන් දිලිනිව නැති කරගන්නේ නෑ මචන් සිරාවටම.
අන්න එච්චරයි මචන් වෙනද ඕනේ, හැමදාමත් පිස්සු කෙලල බැනේ, කොහොමත් ඉතින් බන් කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුව දවසට හොට පටලේනවනේ, අන්න එදාට ඉතින් කස්ටියගේ ධර්ම ටෝක් කෝටියයි, අපි නොදැන සිරා ලව,
හරි හරි බලපන්කො මොකද වෙන්නේ කියල ඉස්සරහට,
මොනවා වෙන්නද ඉතින් අපිත් එක්ක දුකට සැපට හිටිය එක අපිට නැතිවෙයි, දිලිනි බොට නාස් ලනුව දාගෙන ජහ් පිට මහ් කිය කියා ඒකිට ඕන විදියට තෝව නටෝනවා ආයේ ඉතින් එකේ හොදන්ද දෙයක් නෑ,
ඔච්චර ඉරිසියා කරන්ඩ එපා වල බල්ලෝ, තු නොදකින් තොපි වගේ පාප මිත්රයෝනම්, අම්මප උබල වගේ පාප මිත්ර සේවනයේ යෙදුන වෙලේ, අබි සරු ලියන සේවනය කලානම් අඩුම ගානේ ටිකක් කෙට්ටු වෙන්න්නවත් තිබ්බ,
අන්න එකනම් සිරා කතාව බන් කෙට්ටු කෙසේවෙතත් උබට කොටස් වෙන් වෙන් වශයෙන් අයින් කරගන්දනම් තිබ්බ තමා.
මේ එක නෙවේ උඹ ඔහොම හිටපන් මන් අරූවත් පොඩ්ඩක් ස්කෑන් කරලා එන්නම්, උන්ගේනම් කස්ටිය ඇතිනේ, මන් ටිකක් ඉඳල විස්තර බලල එන්නම්, උබට තනියම ඉන්න අවුලක් නැනේ නේද?
හරි හරි බන් අවුලක් නෑ, උඹ ගිහින් වරෙන්, මටත් යන්න තිබ්බනම් හොඳයි බන් එත් ඉතින් කොහේ යනන්ද? ආන්ටිනම් සරින් සැරේ ඇවිත් යනවා බන් මෙහෙට,
මේ නංගිත් පොඩ්ඩක් ෂොක් වෙලා හිටිය කීවේ එකත් බලන්ම් වරෙන්, දැන් දිලිනිත් එයි, එක නිසා අවුලක් නෑ,
ආව් අම්ම මූට දිලිනි එකක් තනියම ඉන්න තියනවනම් දැන් මන් හිතන්නේ ගෙදර යන්න ඕන වෙන එකකුත් නෑ නේද?, තූ තොපි වගේ එඋන්ටමනේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්නේ, අම්මප අර ඇපල් කන්නෙම වඳ පනුවෝ කියන කතාවනම් සහතික ඇත්ත,
හා හා දැන් පලයන්කෝ ඉතින් මෙතන කියවන්නේ නැතුව, උබත් නිකන් බන් හිරු එකේ නිදර්ශි වගේනේ,