Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ==අතරමගදී හමුවූ සිසුවා==
    සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මා රචනාකළ මෙම කතාවේ නම් පමණක් මන කල්පිත ය. ආරියපාල යනු වෘත්තියෙන් විදුහල්පති වරයෙකි. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටිය ද මාතර තරම් ඉතා දුරබැහැර ප්‍රදේශයක පිහිටි පාසලක සේවය කිරීමට ඔහුට සිදුවූයේ දේශපාලනික පලිගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි. නිවස ඉතා ඈත නිසාත් අද තරම් ක්‍රමවත් මෙන්ම වේගවත් ප්‍රවාහන සේවයක් එකල නොතිබුන නිසාත් ඔහු තම නිවසට පැමිණියේ පාසල් නිවාඩුවට පමණි. ඒ අතර කාලයේ නිවස සමග සියලු සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට ඔහු තෝරාගත්තේ ලිපි හුවමාරුව යි. මේ 1985 අගෝස්තු පාසල් නිවාඩුවෙ මුල් දිනය යි. උදෑසනින්ම අවධිවූ විදුහල්පති වරයා කඩිමුඩියෙන් ලකලෑස්ති වූයේ තම නිවසට යෑමට යි. ජාතික ඇඳුමෙන් සැරසුණු ආරියපාල මහතා පාසල වටා රවුමක් ගොස් ගුරු නිවාසයට පැමිණියේ සිය ගමන් මල්ල ගැනීමට ය. එය කරෙහි එල්ලාගත් ඔහු ගුරු නිවාසයේ දොර ද වසාගෙන මිදුලට බැස්සේ මහපාරට ඉක්මනින් යා ගැනීමට ය. ඔහු මහපාරට එනවාත් සමග බස් නැවතුම්පොළ අසල නතර කළ බස් රථයේ හිස් ආසන කීපයක්ම තිබීම ආරියපාල මහතාගේ සැනසීමට හේතුවක් විය. අසුනකට භරදුන් ඔහුට හිරු මුදුන්ව හෝරා එකහමාරක් පමණ ගත වන විට කොළඹට ළගාවීමට හැකි විය. කොළඹින් බැසගත් විදුහල්පති වරයා එතැනින් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා බසයකට ගොඩව සිය අත් ඔරලෝසුව දෙස බලා [අද නම් ගොඩක් රෑවෙයි වගේ] යි තමන්ටම කියා ගත්තේ ය. ඔහුගේ සිරුරට දැනෙමින් තිබුන විඩාවට තවත් සුලු මොහොතක් යන විට ඔහුව නින්දකට ඇද දැමීමට හැකි විය. තමන් අවධි වන විට බසය බොහෝ දුරක් පැමිණ ඇති බව ආරියපාල මහතාට අවබෝධවන්නට තරමක් වෙලා ගත විය. කුරුණෑගල, වාරියපොළ, තඹුත්තේගම පසුකරමින් බස් රථය අනුරාධපුරයට පැමිණෙන විට රාත්‍රී 9 ද පසුව තිබුණි. හනිහනිකට බසයෙන් බැස ගත් විදුහල්පති වරයා අසල තිබූ කඩයකට ගොඩවූයේ දරුවන්ට රසකැවිලි කිහිපයක් මිලදී ගැනීමට ය. අනතුරුව ගම දක්වා යෑමට ක්‍රමයක් සොයමින් සිටි ආරියපාල මහතාට තම ගමේ ජීවත් වන ගැමියෙකු හමු විය. එතැන් සිට නිවස තෙක් දිවෙන පාරේ හන්දිය දක්වා එම ගැමියාගේ කරත්තයෙන් ගමන් පහසුව සලසා ගැනීමට ඔහුට හැකි විය. හන්දියෙන් බැස ගත් ආරියපාල මහතාට පරිසරය පුරා අමුතුම සීතලක් පැතිර ඇති බවක් දැනුනි. නිවස දක්වා තවත් සැතපුම් 2ක් පමණ පාගමණින් යාමට ඇති හෙයින් ඔහු සිය පය ඉක්මන් කළේය. මද දුරක් යන විට තමන්ට යාර කිහිපයක් ඉදිරියෙන් ඇති කුඹුක් ගස අසලින් යමෙක් ගමන් කරන බවක් ඔහු දුටුවේ ය. පය ඉක්මන් කර ඔහුට කිට්ටු කළ පසු ඒ සිරිමල් බව ආරියපාල මහතාට දැකගත හැකි විය. විදුහල්පති වරයා දුටු සිරිමල් තම ගුරුවරයාට සිනාවක් පා ඉදිරියටම ගමන් කළේය. [අද ගමට එන්න රෑ උනානෙ දරුවො] යැයි විදුහල්පති වරයා කිවූ විට ද සිසුවා සිනාවක් පෑවේ ය. තමන් ගමේ පාසලේ සේවය කරන විට එහි සිටි දක්ෂ, විනීතම සිසුවාගේ මේ නිහඬ බව ගණන් නොගත් ආරියපාල මහතා ද ඉදිරියටම ගියේය. ක්‍රමයෙන් තම නිවස අසලට පැමිණි පසු [එහෙනම් මං නවතිනවා දරුවෝ] යැයි කියමින් සිරිමල්ගෙ උරහිසට දයාබර තට්ටුවක් දැම්මේ ය. එවිට තම අතට දැනුන සීතල ගතියෙන් විදුහල්පති වරයාගේ මුලු සිරුරම හිරි වැටුනි. එවිට ද සිනාවක් පෑ සිරිමල් ඉදිරියටම ඇවිද ගියේ ය. හන්දියෙන් බැස ගත් අවස්ථාවේ සිට සිදුවූ සිදුවීම් ගැන හිතමින්ම නිවසට ගොඩවූ ආරියපාල මහතා [හාමිනේ හාමිනේ] යැයි කියා තම බිරිඳට කතා කළේ ය. [අද එන බවක් කල් ඇතුව කීවා නම් මලයාවත් හන්දියට එවනවානෙ] යැයි කියමින් ඉදිරියට පැමිණි ස්වර්ණා මහත්මිය තම සැමියාගේ ගමන් මල්ල අතට ගත්තා ය. එවිට [මට මහ කුඹුක් ගහ ළඟදී සිරිමල් දරුවා මුණගැහුණා හාමිනේ] යැයි කියමින් තම බිරිඳ දෙස බැලූ විට විදුහල්පති වරයා දුටුවේ තම බිරිඳගේ මුහුණ බියකින් පිරී ඇති බව යි. [මොන සිරිමල් ද ඒ දරුවා ආන්ත්‍රා වෙලා අදට දවස් 6ක් වෙනවා] යැයි බිරිඳ කිවූ විට ආරියපාල මහතා වෙවුලා ගියේ ය. පසු දින ආරියපාල මහතාටත් ඔහුගේ බිරිඳටත් සිරිමල්ගෙ මිණීමරුවන් දෙදෙනාගෙ මලසිරුරු මහ කුඹුක් ගහ ළඟ තිබී සොයාගෙන ඇති බව ආරන්චි විය.


    Lal Pushpakumara
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    පාසල් සිසුවිය


    "නව යුධ හමුදාපතිට දෙමල සන්ධානය සහ
    එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමසාලිස්ගේ යුධ අපරාධ චෝධන "
    "ඇයි යකෝ උන් කියන් විදියට ද බං අපෙ රටෙ තනතුරුවලට නිලධාරින් පත් කරන්න ඕනේ"

    අපි මිතුරන් සිවු දෙනෙකු අපේ නිවසේ රූප වාහිනියේ නිවුස් බලමින් ඉන්න විට කෝපයෙන් ලක්ෂානය කියන්නට විය..
    මමත් අනිත් මිතුරන් දෙදෙනත් ලක්ෂාන්ගේ අදහසට
    එකග උවත් ටිකක් ලක්ෂාන්ව කෙන්ති ගස්සන් සිතාගෙන ,
    "සුමන්දිරන්ලා කියන්නේ අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා බං"
    මම ලක්ෂාන්ගේ කෙන්තිය තව ටිකක් නංගමින් කියන්නට විය..
    "අනේ මේ සුරා ඔකුන් ජාතියන්තරයෙන් එන සල්ලි කුටිවලට තමයි රට ම පාවා දෙන්නේ.
    ඔකුන්ට අහිංසක දෙමල මිනිසුන් ගැන වැඩක් නැහැ,
    උතුර, නැගෙනහිරට ගිහින් බලපං සාමාන්‍ය මිනිසු අපේ හමුදාවට තියන ආදරය"
    ලක්ෂාන් වේගයෙන් කියාගෙන යනවා'
    ,උඹ කියන්නේ දෙමල මිනිසු වැඩිහෙන් ම පීඩාවට පත් උනෙ කොටි ත්‍රාස්ථවාදින්ගේන් කියලා ද"
    මදුරංගයා ද ලක්ෂාන්ගෙන් ප්‍රශ්ණයක් ඇසුවෙය.
    " ඔව් මං ඒගැන සත්ය කතාවක් උබලාට කියන්නම් මචනලා"
    ,

    ඒ කතාව තමයි මේ,

    මම 2010 වැඩ කලේ
    ලංකාව ප්‍රසිද්ද ගොඩ නැගිලි ඉදිකරන සමාගමක බව උබලා දන්නවා නේ..
    ඒ කාලෙ මට විශෙෂ ව්‍යාප්පුතියක් සඳහා යාපනයට යන්න ආයතනයෙන් දැනුම් දුන්නා.
    ඒ සයිට් එක තිබුනේ අලුතින් ගොඩ නගන පාසලක්ය
    මමත් ඉතින් ගියා එ වැඩයට.
    අපි වැඩ කරපු තැන තවත් සේවකයන් 15 විතර වැඩ කරා.
    මට තිබුනේ සමාගමෙන් දුන් උපදෙස් අනුව වැඩ කරන්න..
    මමත් මුල් දවසේ එතන සිටිය සේවකයන් එක පාසලේ අලුතින් හදන ගොඩ නැගිලිවල සැලස්මක් සකස් කරගත්තා..
    එතන සිටිය ප්‍රධාන බාස් රනි චන්ද්‍රන් ඔවුන්ට සිංහල කතා කරන් පුලුවන් දෙමල මාමා කෙනෙක්..
    මට වෙනම කුඩා කාමරයක් ද වෙන් කරලා තිබුනු නිසා
    එක තමයි මගේ ඔපිස් එකත් උනේ.
    සේවකයන් නිදිය ගැනිමට තරමක් විශාල සාලාවක් වෙන් කරගෙන තිබුනා..
    මම දෙවනි දවසේ රෑ කෑම කාලා සේවකයන් එක්ක රාත්‍රී 11 විතර වෙකල් කතා කර කර හිදියා.
    නමුත් එ සිටිය අය ඉක්මනට සාලාවට යන්න හදන බව මට තෙරුම් ගියා.
    කිසිවක් නොදත් මා තව ටික වෙලාවක් ඔවුන් එක කතා කර කර හිදලා
    "එනම් මං යනවා කාමරයට නිදිය ගන්න ඔයාලාත් ගීන් නිදිය ගන්න,
    උදේට කොළඹ තවත් කටියක් එනවා කියුවා නේ"
    මම ඔවුන්ට සමු දි කාමරයට ගිහින් ෆෝන් එකට ඇවිල් තියන S.M.S.
    බලමින් සිටියේ විනාඩි 10 විතර ගත වෙන් ඇති.
    "ටක්, ටක්, ටක්,
    ටක්, ටක් ට ටක්."
    කවුරු හරි මගේ කාමරයේ දොරට තට්ටු කරනවා..
    "කවු ද, කවුද "
    කවුරුවක්වත් කතා නොකරයි.
    ෆෝන් එක මෙසය උඩින් තියලා ඇඳට නැගලා
    නිදිය ගන්න සුදානම් උනා විතරයි නැවතත් ,
    "ටක්, ටක්, ටක්.
    ටක්, ටක්ටත්,
    ඇඳෙන් බිමට බැස්ස මා මෙස උඩ තිබුන ෆෝන් එක අතටගෙන ටෝජ් එකත් පතුකරගෙන දොර ලඟට ගිහින් එය ඇරියාය.
    මා දුටුව දෙයෙන් ගැස්සි ගියාය.
    එතන සිටියේ පාසල් ඇඳුමක් ඇදන් සිටිය
    වයස 16, 17 විතර ගැහැනු ළමයෙක් ය.
    "ඇයි නංගී මේ රෑ ඔයා මෙතන"
    මම ඇයගෙන් ඇසුවෙය..
    "අනේ අනේ මාතයා මාව බෙර ගන්න"
    ඇය බියෙන් මට කියන්නට ගත්තාය
    මම වට, පිටාව සොදිසි කරාට මිනිස් චායාවක්කත් නෑ.
    "කවුරුවක්කත් නැහැ නංගී කෝ"
    ඇයගෙන් ඇසුවෙය.
    "අර, අතන පන්තියේ"
    ඇය පෙන්වන ගොඩ නැගිල්ල දෙස බැලුව මම
    "යමු බලන් කවුද ඔයාට කරදර කරන්න හදන්නේ කියලා"
    මමත් විරයෙක් වගේ
    ඒ ගොඩ නැගිල්ල
    වසර කිහිපයකින් මිනිසු වාසය නොවු එකක් බව ෆෝන එකේ එලියෙන් ම මට තෙරුම් ගියාය.
    "ඔය නංගීගේ ගෙවල් මේ ලඟ ද කවුරුවක්කත් නැහැ ඔයා කට හරි බොරුවට බයවෙලා"
    එම කියුව මට ඉලඟ මොහොතේ අද්විඳනට සිද්ධ
    උනේ ජීවිතයේ මා අත්විඳ බයානකම සිද්ධිවලින් එකකටය.
    "අර අර මාතයා"
    ඇය බියෙන් තැතිගත්
    පෙන්නන දෙස බැලුව මට රාත්‍රී තරූ නොව දවල් තරූත් පෙන්නට ගත්තෙය.
    "බුදු අම්මෝ"
    මම කියුවා නොව කියවුනාය.
    එතන බිත්තියක් උඩ කඳනැති හිසක් මගේ දෙස බලාගෙන ඉන්නවා..
    " නංගී, නංගී"
    මම මාගේ පිටි පස්සේ සිටිය අර පාසල් සිසුවිය දෙස බැලුවෙය.
    ඒකනම් අති බිහිසුනු දර්ෂණයක් ය.
    ඇයගේ හිස නෑ,
    කඳවිතරයි,
    මම දැන් හිසයි, කඳයි අතර සිරවෙලා.
    කිසිවක් සිතා ගැනිමට නොහැකි උන මා,
    අම්මා චුටි කාලෙ කියලා දුන්න ගාතාව
    ඉතිබිසෝ ගාතාව කියාගෙන සේවකයන් නිදාගෙන සිටිය සාලාවට මං දිවුවා මතකයි..
    සිය එන විට
    මගේ ලඟ රනි චන්ද්‍ර මාමා වතුර හිසනවා.
    "මාතයා මාතයා නැගිටින්න"
    මම ඇස් ඇර වට, පිටාව බැලුවෙහ.
    " කෝ කෝ අර කෙල්ල
    "මොන කෙල්ල ද මාතයා "
    රවි චන්ද්‍ර මාමා මගේන පුදුමෙන් වගේ ඇවුවා
    මම සේවකයන්ට වෙච්ච සිද්ධිය විස්තර කරා,
    ඔවුන් මුහුනට මුහුන බියෙන් බලාගෙන සිටියේය..
    "මෙ කොපි කෝපය බිවනම් මාතයා"
    මමත් එක උගරට කොපි එක බිවුවෙය..
    "සාමාවෙන් මාතයා අපිට මුලින් ම මාතයාට ගියලා තියන්න තිබුනා"
    රවි චන්ද්‍රන් මාමා මගේ ලඟ හිඳගෙන හිස කසමින් කියන්නට ගත්තෙය.
    " එ මොකක් ද රවි චන්ද්‍රන් මාමා කියන්නේ"
    මම පුදුමෙන් ඇසුවෙමි.
    "මාතයා මේ සිද්ධියට අපිත් මුහුන දුන්නා,
    එකයි අපි ඉක්මනට නින්දට යන්න හැදුවේ.
    "ඒ කියන්න රවි චන්ද්‍රන් මාමා මෙ හොල්මන දැකලා තියනවා ද"
    මම විශ්මයෙන් ඇසුවෙමි.
    "ඔව් මාතයා මං එ කතාව කියන්නම්,
    මෙ කතාව කියුවේ මට මේ ගමේ සිටිය වැඩිමහල් මාමා කෙනෙක්,

    මිට වසර 5පෙර,
    මෙ ගමේ ජනතාවට කොටි ත්‍රාස්ථවාදින්ගෙන් කරදර වැඩිය තිබුනු කාලයක් ය.
    ඔවුන් සියලු ම තරුණයන් යුධයට ස්මබන්ද කරගෙන තිබුනු අතර,
    එතනින් නතර නොවී දරුවන් ද යුදයට බදවා ගන්න
    දරුවන් ප්‍රරගෙන ගිය අවස්ථා ද තිබුනේය.
    මෙ සිද්ධිය උන දවසේ,
    මේ පාසලේ ගුරුවුන් සහ දරුවන්ට අවාසනාව ගෙන ආව දවසක්ය.
    මාදිවි සිසුවියත් එ කාලේ 11 වසර අධ්‍යාපන ලබමින් සිටියාය.
    කිසිවෙකුවත් සිතන්නැති අවස්ථාවක කොටි ත්‍රාස්ථවාදින් මෙ පාසලට අවි, ආයුද සමග කටා වැදලා..
    එදා සිටිය සියලු අවුරුදු 10 ඉහල සිසුන් අරගෙන යන්න හදලා තියෙන්නේ.
    මාදවිවත් අල්ලගත්ත ඇය එක් ත්‍රාස්ථවාදියෙක්ව තල්ලු කරලා දුවන් උත්සා කරලා,
    නමුත් මාදවි අල්ල ගත් ඒතිරිසන් ත්‍රාස්ථවාදින් තමන්ගේ ම ජාතියේ අහිංසක කෙල්ලෙක් දුෂණය කරලා,
    හිස කඳින් වෙන් කරලා,
    අර මාතයා දැක්ක බිටි බිත්තියේ උඩ තියලා.
    එදාන් මෙ පාසලේ සිටිය ගුරුවරුන් දෙන්නෙක් ද මරාදාම.
    , දරුවන් 12 දෙනෙක් ද බලෙන් ම අරගෙන ගිහින්.
    ඔය මාදවි දරුවා තමයි හොලමනක් වගේ මේ පාසලේ ඉන්නවා කියලා ගමේ මිනිසු කියන්නේ.
    නිමි.
    සත්ය කතාවක්
    ඔයාලාට තෙරුවන් සරණයි.
    මම සුරාජ් රනසිංහලාගේ
    රනසිංහලාගේ
     
    • Like
    Reactions: NRTG

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ඕලාහි වැව්දිය..

    (ඇමරිකානු සත්‍ය අද්භූත කතාවක් අනුසාරයෙන් නිර්මිතයි)

    ඇමරිකා එකසත් ජනපදයට අයත් හවායි දූපත් සමූහයෙන් එකක ඕලා නැමැති ගමක් තිබෙනවා. දිනක් ගමට පැමිණි තරුණ පියෙක් තම කුඩා පුතාත් සමඟ ඕලාහි පිහිටි පාළුවට ගිය වැවේ බැම්ම දිගේ ගමන් කරමින් සිටියා.

    දරුවා කුඩා ගල් කැබිලිති අසුලා ඒවා වැව් දියට වීසි කරමින් දියරැළි නඟන ආකාරය නැරඹුවේ ප්‍රීතියෙන් යුතුව.

    "අනේ.. අනේ තාත්තේ..!!"

    එක්වරම තමන් පිටුපසින් ගමන් කරමින් තම කුඩා පුතු බියෙන් විලාප නඟනු ඇසුණු පියා වහා ඔහුවෙතට හැරෙද්දී දුටුවේ බියකරු දසුනක්. කුඩා දරුවා වැව් බැම්ම දෑතින් බදාගෙන පහතට එල්ලී සිටි අතර වැවට වැටීමෙන් වැළකීමට දැඩි උත්සහයක යෙදුණා.

    " ප්ප් පුතේ.."

    තම දරුවා ගළවා ගැනීමට ඔහු ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් කුඩා දරුවා වැව් දියට වැටී ගිලී ගියා. මොහොතකුදු පමා නොවූ පියා වැවට පැන ඒ මේ අත කිමිදුණත් පුතුගේ සළකුණකුදු ඔහුට දකින්න ලැබුණෙ නෑ. එබැවින් පියා ඉතා ගැඹුරු වැව්දිය පතුලටම කිමිදුණේ දරුවා කෙරෙහි ඇති අසීමාන්තික දාරක ස්නේහයෙන්. වැව් දිය පතුලට ළංවූ පියා දුටුවේ විශ්වාස කළ නොහැකි දෙයක්.

    ඔහුගේ කුඩා පුතු වැව් පතුලෙහි ගලක් මත දෑත සිරුර දෙපසින් පහතට දමාගෙන සන්සුන් ලෙස හිඳ සිටියා. එහෙත් ඔහුගේ මුව හා දෑස් මහත් ලෙස විවරවී තිබුණෙ හිඳ සිටියදී ඔහු යම්කිසි දෙයකට බියවූ බවක් පාමින්. ප්‍රාණය ඇතැයි සිතිය නොහැකි ඔහුගේ සිරුර දිය රැළි සමඟ චලනය වුණා.

    නමුත් පියා සටන අතහැරියෙ නැහැ. ඔහු පුතුගේ සිරුරද රැගෙන හැකි උපරිම වේගයෙන් වැව් දිය මතට කිමිදී ඉවුරට ගොඩවුණා. වාසනාවට ඔහු ප්‍රථමාධාර ක්‍රම ගැන තරමක පුහුණුව ලද්දෙක්. වහ වහා මුවට හුස්ම පිඹීමේ ප්‍රතිකාරය සිදුකොට අවසන සිය උත්සාහය අත්හැරීමට මොහොතකට පෙර දරුවාගේ ළය උස්පහත් වන අයුරු ඔහු දුටුවා.

    සුවවූ දරුවා පැවසුවේ වැවෙන් මතුවූ කුඩා කොළුවෙකු විසින් තමන්ගේ දෙපයින් අදිනු ලදුව තමන් වැවේ ගිලී ගිය බවයි.

    මේ පියා හා පුතා නොදැණ සිටියද ඕලා වැවෙන් හිටි අඩියේ මතුවන කොළුවාගේ අවතාරය එගම වැසියන් අතර ප්‍රකට පුවතක් වුණා. වැව අසල ජීවත්වන බොහෝ දෙනා කලින් කලට සමහර රාත්‍රීන්වල ඔහුගේ වේදනාබර විලාපයන් ඇසෙන බවට වාර්තා කොට තිබෙනවා.

    " මේ සිද්ධියට මුල් වෙන්නෙ අතීතයෙ වුණ දුක්මුසු පුවතක්"

    ඕලාහි වසන වැඩිහිටියෙකුගෙන් අසන්නට ලැබුණ පරිදි ඒ කතාව මෙසේයි.

    "1947 අවුරුද්දේ තමයි වාර්තාවලට අනුව ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ. ඒ කාලෙ හිටපු දරුවො ඔය වැව ඉස්මත්තෙ නිතරම සෙල්ලම් කරල තියනව. ඉතිං එක දවසක් ඔහොම සෙල්ලම් කරපු පොඩි කොල්ලො කණ්ඩායමක හිටපු එක දරුවෙක් එක පාරටම වැවට වැටිල ගිළුනලු. ගැඹුරු වුණත් වැවේ පීනන්න ඒ කාලෙ ළමයි බයවෙලා නෑ. ඉතිං මේ ළමයත් ගිලෙයි කියල කවුරුත් හිතල නෑ. වැටුණ වේගෙට යමක් වතුරෙ යට ගියාට සාමාන්‍යයෙන් ආපහු උඩ එනවනෙ. ඉතිං අනෙක් ළමයි වැව් ඉවුර අයිනට වෙලා මේ ළමය ආපහු උඩ මතුවෙනකම් බලං හිටියලු පැනල ගන්න. ඒත් සෑහෙන වෙලාවක් බලන් හිටියත් ළමය ආපහු උඩ මතුවෙලා නෑ. ඒපාර යාළුවො ටික හොඳටම බයවෙලා ගමට දුවල ඇවිත් වැඩිහිටියො කීපදෙනෙක් අඬගහගෙන ගියාළු.

    වැවට පැන්න කිමිදුම් කරුවන්ට දරුව ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නෑ වැව් පතුලටම යනතුරු. මේ වැව හරිම ගැඹුරුයි. පතුලට කිමිදෙන එක අමාරුයි වගේම භයානකයි. ඒත් කිමිදුම් කරුවො වැව් පතුලටම ගියාළු. එතකොට දැකල තිබුණෙ අමුතු, භයානක දෙයක්. කිසිම දියේ ගිළුණ කෙනෙක් නොඉඳින ඉරියව්වකින් ඉන්න ළමයව එයාලට දකින්න ලැබුණලු.."

    "ඒ කිව්වෙ?"

    "ඒ කිව්වෙ මහත්තයො ඒ ළමය බොහොම සන්සුන් විදිහට වැව්පතුලෙ තිබ්බ ගලක් උඩ ඉඳගෙන අත් දෙක දෙපැත්තට දාගෙන හිටියළු. ඒත් හුස්ම හිරවෙද්දි වුණා කියල හිතන්න පුළුවන් විදිහට කටයි ඇස් දෙකයි හොඳටම ඇරිලලු.. "

    දරුවා දියෙහි ගිලී සෑහෙන වේලාවක් ගතවී තිබූ නිසා ප්‍රාණය පිළිබඳව බලාපොරොත්තුවක් ඔවුන්ට තිබී නැහැ. කෙසේ නමුත් කිමිදුම් කරුවන් දරුවාව වැව් ඉවුරට ගෙන ආවා. ඔවුන් සිතූ පරිදිම ඒ වනවිට ඔහු අවසන් හුස්ම හෙළා බොහෝ වේලාවක් ගෙවී අවසන්. මුළු ගමේම සෝසුසුම් මැද ඔහුගේ දේහය මිහිදන් කළත් ඒ මරණයේ තිබූ අද්භූත බව නිසාම එයින් පසු ගම්මු ඒ සිදුවීම සිහිකරන්නටවත් පෙළඹුනේ නෑ.

    ඒත් එය සිදුවීමක අවසානයක් නොව, සිද්ධි දාමයක ආරම්භයක් වූ බව ඕලා වැසියන් දැණගන්නේ පසුවයි. වැව අසල ජීවත්වන බොහෝ දෙනාට ඉන් පෙර අසා නොපුරුදු වේදනාබර විලාප ඝණ අඳුරු රාත්‍රින්වල වැව දෙසින් ඇසෙන්නට පටන් ගත්තා. මුලදි ඔවුන් ඒ සුළඟ විසින් ඇති කරන හඬක් වියයුතු යැයි සිතුවත් පසුව ඒ අදහස වෙනස්වූවේ වැව ඉවුර මතින් යන බොහෝ දෙනෙක් වැවෙන් මතුවන දරුවා විසින් තම දෙපයින් ඇද ගිල්වීමට උත්සහ කරන ලදැයි කියන ප්‍රකාශ ඇසීමෙන්.

    "මම හොඳටම දැක්ක ඒ ළමයගෙ ඔළුව .. එකපාරටම වතුරෙන් උඩට මතුවුණා.. ඊළඟ පාර එයා මගෙ කකුලෙන් තදින් ඇද්දා.. මම බේරුණේ අනූනවයෙන්.."

    වැව් දියේ මසුන් මරන්නට ගිය, මෙවැනි කතා උපහාසයෙන් ඉවතලන කිහිපදෙනෙකුත් මේ අත්දැකීම ලැබුවා. වැඩිපුරම මේ දරුවාගේ ප්‍රහාරයට ලක්වුණේ කුඩා ළමුන් සහ අද්භූත කතා විශ්වාස නොකරන පුද්ගලයින්.

    " අන්තිමේ ඒ කාලෙ හිටපු ඇත්තො හොඳ පාදිලි කෙනෙක් ගෙන්නල ළමයගෙ ආත්මය වෙනුවෙන් වැව් ඉවුරේ දේව කණ්නලවුවක් කරල තියනව. ඒ අය හිතල තියෙන්නෙ ඒකෙන් ළමයට ශාන්තිය ලැබෙයි කියල.. ඒත් ටික කාලයක් ගියාට පස්සෙ ආපහු අර විලාපෙ ඇහෙන්න අරං. අපේ සමහර අය කියනව ඒ ළමයගෙ ආත්මයට කවදාවත් ශාන්තියක් ලැබෙන්නෙ නෑ කියල.. දැන් මේ ආපහු වෙච්චි සිද්ධියෙන් මේ කතාව අළුත් වුණා මහත්තයො. අපේ සමහර අය කියනව ඒ ළමයට ඔය එයාගෙ වැව් පතුලෙ සොහොනෙන් ගැළවිලා යන්න පුළුවන් වෙන්නෙ තව කෙනෙක් ඒ ගල උඩ ඉන්දවලා විතරයිලු.. කවුද මහත්තයො ඒකට ඉඩ දෙන්න කැමති? ඒ කොළුවට සුගතියක් වෙනවට මොනතරම් කැමතිවුණත් කවුද තමන්ගෙ දරුවව කැප කරන්නෙ ඒ වෙනුවෙන්?"

    එසේ කී ගැමියා දුක්බර බැල්මක් වැවේ රැළි නගන දියකඳ වෙත හෙළා මගෙන් සමුගත්තා. වැව පේන මානයටවත් නොයන ලෙස ඕලාවේ දෙමව්පියන් තමන්ගේ දූදරුවන්ට දැණටමත් තරයේ අවවාද කොට අවසන්.

    වැව් දිය තොරතෝංචියක් නැතිව රැළි නඟයි. ඝණ අඳුරු රැයේ විලාප නඟන ඒ දරුවා හෙට, නැතිනම් තවත් දවසක අනපේක්ෂිත මොහොතක යළිත් වැව්දියෙන් මතුවෙන බවත්, තමන්ගේ දිය යට සොහොන් කොතෙහි ස්ථානයට වෙනකෙකු ගෙනයෑමට උත්සහ කරන බවත් මටත් හොරාම මගේ සිතත් විශ්වාස කිරීමට පටන්ගෙන ඇත.

    Ash Jayawardana
     
    • Like
    Reactions: NRTG

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මට මේ සිදුවීමට මුහුණ දෙන්න උනේ මීට අව්රුදු හතරකට විතර කලින්... පාසල් නිවාඩු කාලෙත් ආපු නිසා අම්මයි තාත්තයි මමයි තීරණය කරා අ⁣ගෝස්තු නිවාඩුව මගෙ තාත්තගෙ මහ ගෙදර ගත කරන්න...

    තාත්තගෙ මහ ගෙදර තියෙන්නෙ කෑගල්ල ප්‍රදේශයෙ නගරයට කිට්ටුව... අපි තුන් දෙනා කෑගල්ලට යද්දි ටිකක් හවස් උනා, මතක විදිහට හවස 4.30 පමණ වෙන්න ඇති... මහ ගෙදර ඒ වෙනකොට හිටියෙ තාත්තගෙ අක්කා,ඒ කියන්නෙ මගෙ නැන්දා විතරයි...

    අපෙ ඒ මහ ගෙදර තියෙන්නෙ කන්දක ඉහලම කොටසෙ... ඒ කන්දෙ පාමුල තිබ්බෙ බොහොම දුප්පත් ආච්චි කෙනෙකුයි ලස්සන අක්කා කෙනෙකුයි හිටිය ⁣පොඩි ගෙදරක්...

    ඒ අක්කගෙ අම්මයි තාත්තයි වෙලා ගිහින්... පොඩි කාලෙ ඉදන්ම ආච්චි ලඟ තමා හැදිලා වැඩිල තියෙන්නෙ... වාසනාවකට හෝ අවාසනාවකට එයාට ලැබිලා තිබුනා ලස්සන රූපයක්... ආර්ථික අපහසුතා නිසා හෝ මොන යම් හෝකරාන නිසා වැඩි අද්‍යාපනයක් නොලබපු එයා ජීවත් වෙන්න කලේ ගාමන්ට් යන එක...

    මම නැන්දල⁣ගෙ දිහා ගියාම අනිවාරෙන්ම ඒ ගෙදරට යනවා වෙරලු ඇහිඳගෙන එන්න... ඒ ගෙදර ඉස්සරහා තිබුනා වාරයක් අවාරයක් නැතුව වගේ ගෙඩි හැදෙනව නියම වෙරලු ගහක්... ඇහිඳින්න වෙරලු නැති උනොත් ඒ ආච්චි හෝ අක්කා කලින් අැහිඳපු ගෙඩි ටිකක් හරි දීලා එවනවා...

    එදත් මම ගිහින් ඇඳුමක් එහෙම මාරුකරගෙන උණුවෙන් තේ එකක් එහෙම ගහලා නැන්දගෙන් ඇහුවා පහලින් වෙරලු ගෙඩි ටිකක් අැහිඳගෙන එන්නද කියලා... නැන්දා කවදාවත් නැතුව මට සැර කරා නෑ නෑ මේ වෙලාවෙ ඔහෙ යන්ඩ එපා ඕන නම් පස්සෙ ලොකු තාත්තලගෙ දිහායින් ඉල්ලං එන්ඩ කියලා...

    මම එවෙලෙ ඒ කියපු දේ ඇහුව වගේ ඉදලා චුට්ටක් එහා මෙහා වෙනකම් ඉදලා සට පට ගාලා ශොපින් බෑග් එකකුත් සාක්කුවෙ ඔබාගෙන කන්ද පහලට දුවගෙන ගියා...

    වෙනදා නම් අර ගේ වටේට හරි ලස්සනට පිරිසිදු කරලා පිළිවෙලට පොඩි වතු කෑල්ල තිබුනා... ඒත් එදා නම් ටිකක් වල් වැදිලා වගේ තිබ්බෙ...

    ඒ වෙරලු ගහ තියෙන්නෙ ගේ ඉස්සරහම ⁣වගේ මීටර් 10ක් 15ක් ඉස්සරහින්... ඔය ගහට මීටර් 110ක් විතර එහායින් තියෙනවා ටිකක් ලොකු අඹ ගහක්... ඒ ගහ යට තියනවා පොඩි ගලක්...

    මම යද්දි අර අක්කා එතන ඉඳගෙන හිටියා... හැබැයි ඉස්සර තරම් ලස්සනක් පෙනුන් නෑ ඇස් වල දීප්තියක් නෑ මූනත් අඳුරුයි වගේ කොන්ඩෙත් කඩාදාගෙන හිටියෙ... ඒත් මම ඒක ගැන වැඩි දුර නොහිතාම "අක්කි වෙරලු ගෙඩියක් ඇහිඳගන්නම් !" කියලා කීවෙ කවදාවත් එපා කියන්නෙ නෑ කියලා දන්න නිසා...

    ඒත් මම කියපු එක එයාට ගානක් නෑ වගේ හිටියා... හරියට ලොකු කනගාටුවකින් ඔහේ බලන් ඉන්නවා කියලා මට හිතුනෙ... මට හිතටත් පොඩි චකිතයක් ආවා... වත්තත් වල් වැදිලා මිනිස්සු ඉන්න තැනක් නෙවේ වගේ, අනික ඒ අක්කත් මාරම අමුතුයි ඒ නිසා මමපට ගාලාගෙඩි දෙක තුනක් අරගෙන ගෙදරට දිව්වා...

    එදා කාලා බීලා නිදාගත්තට පස්සෙ උදේම මාව ගැස්සිලා ඇහැරුනේ නැන්දගෙ ආමන්ත්‍රනේට...😑 මගෙන් ඇහුවා මේ වෙරලු කොහෙන්ද කියලා, මටත් නිදි මරගාතෙම වගේ කියවුනා පහලින් කියලා...

    විනාඩි 5ක විතර දෝස් මුරේකට පස්සෙ වෙරලු ටිකත් වත්ත පල්ලෙහාට විසි කරලා දැම්මා... මට ඒ පැත්ත පලාතෙ යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරා... මටත් අර වත්න පාලුවට ගිහින් තිබ්බ නිසා ආයෙ එහෙ යන්නෑ කියලා හිතාගත්තා...

    මහ ගෙදරට එහායින් තියෙන්නෙ අපෙ බාප්පගෙ ගෙදර... බාප්පගෙ පුතා මටවඩා අව්රුදු 4ක් විතර වැඩිමල් එයා මම ආපු නිසා මහ ගෙදරට ආවා... ඒ අයියා එක්ක කිව්වා මම පහලින් අරං ආපු වෙරලු ටික විසි කරා කියලා...

    එතකොට එයත් කීවා ආයෙ එහෙ යන්න එපා කියලා... මම හේතුව ඇහුවම කිව්වා ඒ ගෙදර කව්රුත් නෑ කියලා... ඒත් මම එයාට ඉස්සෙල්ලම කීවෙ නෑ මම ඒ අක්කව දැක්කා කියලා... හාර අවුස්ස අවුස්ස කියන කියන එකට හේතු අහද්දි තමා වෙලා තියෙන දේ මට කීවෙ...

    ඒ ගෙදර හිටිය ආච්චි ඒ සිදුවීම වෙන්න අව්රුද්දකට විතර කලින් මැරිලා අර අක්කා තනියම ගෙදර ඉදලා තියෙන්නෙ... ඊට පස්සෙ අර අක්කා එක්ක කොල්ලෙක් යාලු වෙලා ඒ අක්කගෙන් ගන්න ඕන දේවල් අරාගන අතෑරලා දාලා...

    අන්තිමේට කොහොම හරි කාත් කව්රුත් නැතිව අනාත වෙලා ගියාට පස්සෙ මම අර වෙරලු අැහිඳපු ගහේම එයා එල්ලිලා මැරලා තියෙනවා... මිනිය භාරගන්න වත් කව්රුත් ඉදලා නෑ කියලා කිව්වා...

    ඒක අහද්දි තමා මට තේරුනේ මම කතා කරලා තියෙන්නෙ ඒ අක්කගෙ හොල්මනට කියලා...

    එදායින් පස්සෙ තාමත් හවස් වෙලාවට මම එ් පැත්තෙ යන් නෑ... අනික මම විතරක් නෙවේ ගොඩක් අය ඒ අක්කා ඒ විදිහට ඉදගෙන ඉන්නවා දැකලා ගොඩක් අය බය වෙලා තියෙනවා කියලා ආරන්චි උනා...

    ඒ දැක්කෙ හොල්මන් කියලා දැනගෙන හිටියා නම් අනිවාරෙන් මටත් නූල්දාලා පිරිත් කියන්න වෙයි... වෙලාවට ඒක දැනගත්තෙ පස්සෙ නිසා ලොකුවට බයක් දැනුන් නෑ...

    කොහොම උනත් අදශ්‍යමාන බලවේග යම් යම් අවස්ථා වලදි අපිට දුශ්‍යමාන වෙනවා... මේක කියවන ඔයත් සමහර විට හොල්මන් දැකලා අැති... හැබැයි ඒ හොල්මනක්ද ඇත්තටම මිනිහෙක්ද කියලා ඔයා තවමත් හරියට දැනගන්න නැතුව අැති...


    Dewmina Wathsana Randunu
    ඒකට නම් සැහෙන්න දුක හිතුණා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ඩාක් තීම් දාගෙන ඉන්න සිංහලුන්ගේ ඇස් නිලංකාර වෙන්නම ලියලා තියෙනවා.