පාසල් සිසුවිය
"නව යුධ හමුදාපතිට දෙමල සන්ධානය සහ
එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමසාලිස්ගේ යුධ අපරාධ චෝධන "
"ඇයි යකෝ උන් කියන් විදියට ද බං අපෙ රටෙ තනතුරුවලට නිලධාරින් පත් කරන්න ඕනේ"
අපි මිතුරන් සිවු දෙනෙකු අපේ නිවසේ රූප වාහිනියේ නිවුස් බලමින් ඉන්න විට කෝපයෙන් ලක්ෂානය කියන්නට විය..
මමත් අනිත් මිතුරන් දෙදෙනත් ලක්ෂාන්ගේ අදහසට
එකග උවත් ටිකක් ලක්ෂාන්ව කෙන්ති ගස්සන් සිතාගෙන ,
"සුමන්දිරන්ලා කියන්නේ අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා බං"
මම ලක්ෂාන්ගේ කෙන්තිය තව ටිකක් නංගමින් කියන්නට විය..
"අනේ මේ සුරා ඔකුන් ජාතියන්තරයෙන් එන සල්ලි කුටිවලට තමයි රට ම පාවා දෙන්නේ.
ඔකුන්ට අහිංසක දෙමල මිනිසුන් ගැන වැඩක් නැහැ,
උතුර, නැගෙනහිරට ගිහින් බලපං සාමාන්‍ය මිනිසු අපේ හමුදාවට තියන ආදරය"
ලක්ෂාන් වේගයෙන් කියාගෙන යනවා'
,උඹ කියන්නේ දෙමල මිනිසු වැඩිහෙන් ම පීඩාවට පත් උනෙ කොටි ත්‍රාස්ථවාදින්ගේන් කියලා ද"
මදුරංගයා ද ලක්ෂාන්ගෙන් ප්‍රශ්ණයක් ඇසුවෙය.
" ඔව් මං ඒගැන සත්ය කතාවක් උබලාට කියන්නම් මචනලා"
,
ඒ කතාව තමයි මේ,
මම 2010 වැඩ කලේ
ලංකාව ප්‍රසිද්ද ගොඩ නැගිලි ඉදිකරන සමාගමක බව උබලා දන්නවා නේ..
ඒ කාලෙ මට විශෙෂ ව්‍යාප්පුතියක් සඳහා යාපනයට යන්න ආයතනයෙන් දැනුම් දුන්නා.
ඒ සයිට් එක තිබුනේ අලුතින් ගොඩ නගන පාසලක්ය
මමත් ඉතින් ගියා එ වැඩයට.
අපි වැඩ කරපු තැන තවත් සේවකයන් 15 විතර වැඩ කරා.
මට තිබුනේ සමාගමෙන් දුන් උපදෙස් අනුව වැඩ කරන්න..
මමත් මුල් දවසේ එතන සිටිය සේවකයන් එක පාසලේ අලුතින් හදන ගොඩ නැගිලිවල සැලස්මක් සකස් කරගත්තා..
එතන සිටිය ප්‍රධාන බාස් රනි චන්ද්‍රන් ඔවුන්ට සිංහල කතා කරන් පුලුවන් දෙමල මාමා කෙනෙක්..
මට වෙනම කුඩා කාමරයක් ද වෙන් කරලා තිබුනු නිසා
එක තමයි මගේ ඔපිස් එකත් උනේ.
සේවකයන් නිදිය ගැනිමට තරමක් විශාල සාලාවක් වෙන් කරගෙන තිබුනා..
මම දෙවනි දවසේ රෑ කෑම කාලා සේවකයන් එක්ක රාත්‍රී 11 විතර වෙකල් කතා කර කර හිදියා.
නමුත් එ සිටිය අය ඉක්මනට සාලාවට යන්න හදන බව මට තෙරුම් ගියා.
කිසිවක් නොදත් මා තව ටික වෙලාවක් ඔවුන් එක කතා කර කර හිදලා
"එනම් මං යනවා කාමරයට නිදිය ගන්න ඔයාලාත් ගීන් නිදිය ගන්න,
උදේට කොළඹ තවත් කටියක් එනවා කියුවා නේ"
මම ඔවුන්ට සමු දි කාමරයට ගිහින් ෆෝන් එකට ඇවිල් තියන S.M.S.
බලමින් සිටියේ විනාඩි 10 විතර ගත වෙන් ඇති.
"ටක්, ටක්, ටක්,
ටක්, ටක් ට ටක්."
කවුරු හරි මගේ කාමරයේ දොරට තට්ටු කරනවා..
"කවු ද, කවුද "
කවුරුවක්වත් කතා නොකරයි.
ෆෝන් එක මෙසය උඩින් තියලා ඇඳට නැගලා
නිදිය ගන්න සුදානම් උනා විතරයි නැවතත් ,
"ටක්, ටක්, ටක්.
ටක්, ටක්ටත්,
ඇඳෙන් බිමට බැස්ස මා මෙස උඩ තිබුන ෆෝන් එක අතටගෙන ටෝජ් එකත් පතුකරගෙන දොර ලඟට ගිහින් එය ඇරියාය.
මා දුටුව දෙයෙන් ගැස්සි ගියාය.
එතන සිටියේ පාසල් ඇඳුමක් ඇදන් සිටිය
වයස 16, 17 විතර ගැහැනු ළමයෙක් ය.
"ඇයි නංගී මේ රෑ ඔයා මෙතන"
මම ඇයගෙන් ඇසුවෙය..
"අනේ අනේ මාතයා මාව බෙර ගන්න"
ඇය බියෙන් මට කියන්නට ගත්තාය
මම වට, පිටාව සොදිසි කරාට මිනිස් චායාවක්කත් නෑ.
"කවුරුවක්කත් නැහැ නංගී කෝ"
ඇයගෙන් ඇසුවෙය.
"අර, අතන පන්තියේ"
ඇය පෙන්වන ගොඩ නැගිල්ල දෙස බැලුව මම
"යමු බලන් කවුද ඔයාට කරදර කරන්න හදන්නේ කියලා"
මමත් විරයෙක් වගේ
ඒ ගොඩ නැගිල්ල
වසර කිහිපයකින් මිනිසු වාසය නොවු එකක් බව ෆෝන එකේ එලියෙන් ම මට තෙරුම් ගියාය.
"ඔය නංගීගේ ගෙවල් මේ ලඟ ද කවුරුවක්කත් නැහැ ඔයා කට හරි බොරුවට බයවෙලා"
එම කියුව මට ඉලඟ මොහොතේ අද්විඳනට සිද්ධ
උනේ ජීවිතයේ මා අත්විඳ බයානකම සිද්ධිවලින් එකකටය.
"අර අර මාතයා"
ඇය බියෙන් තැතිගත්
පෙන්නන දෙස බැලුව මට රාත්‍රී තරූ නොව දවල් තරූත් පෙන්නට ගත්තෙය.
"බුදු අම්මෝ"
මම කියුවා නොව කියවුනාය.
එතන බිත්තියක් උඩ කඳනැති හිසක් මගේ දෙස බලාගෙන ඉන්නවා..
" නංගී, නංගී"
මම මාගේ පිටි පස්සේ සිටිය අර පාසල් සිසුවිය දෙස බැලුවෙය.
ඒකනම් අති බිහිසුනු දර්ෂණයක් ය.
ඇයගේ හිස නෑ,
කඳවිතරයි,
මම දැන් හිසයි, කඳයි අතර සිරවෙලා.
කිසිවක් සිතා ගැනිමට නොහැකි උන මා,
අම්මා චුටි කාලෙ කියලා දුන්න ගාතාව
ඉතිබිසෝ ගාතාව කියාගෙන සේවකයන් නිදාගෙන සිටිය සාලාවට මං දිවුවා මතකයි..
සිය එන විට
මගේ ලඟ රනි චන්ද්‍ර මාමා වතුර හිසනවා.
"මාතයා මාතයා නැගිටින්න"
මම ඇස් ඇර වට, පිටාව බැලුවෙහ.
" කෝ කෝ අර කෙල්ල
"මොන කෙල්ල ද මාතයා "
රවි චන්ද්‍ර මාමා මගේන පුදුමෙන් වගේ ඇවුවා
මම සේවකයන්ට වෙච්ච සිද්ධිය විස්තර කරා,
ඔවුන් මුහුනට මුහුන බියෙන් බලාගෙන සිටියේය..
"මෙ කොපි කෝපය බිවනම් මාතයා"
මමත් එක උගරට කොපි එක බිවුවෙය..
"සාමාවෙන් මාතයා අපිට මුලින් ම මාතයාට ගියලා තියන්න තිබුනා"
රවි චන්ද්‍රන් මාමා මගේ ලඟ හිඳගෙන හිස කසමින් කියන්නට ගත්තෙය.
" එ මොකක් ද රවි චන්ද්‍රන් මාමා කියන්නේ"
මම පුදුමෙන් ඇසුවෙමි.
"මාතයා මේ සිද්ධියට අපිත් මුහුන දුන්නා,
එකයි අපි ඉක්මනට නින්දට යන්න හැදුවේ.
"ඒ කියන්න රවි චන්ද්‍රන් මාමා මෙ හොල්මන දැකලා තියනවා ද"
මම විශ්මයෙන් ඇසුවෙමි.
"ඔව් මාතයා මං එ කතාව කියන්නම්,
මෙ කතාව කියුවේ මට මේ ගමේ සිටිය වැඩිමහල් මාමා කෙනෙක්,
මිට වසර 5පෙර,
මෙ ගමේ ජනතාවට කොටි ත්‍රාස්ථවාදින්ගෙන් කරදර වැඩිය තිබුනු කාලයක් ය.
ඔවුන් සියලු ම තරුණයන් යුධයට ස්මබන්ද කරගෙන තිබුනු අතර,
එතනින් නතර නොවී දරුවන් ද යුදයට බදවා ගන්න
දරුවන් ප්‍රරගෙන ගිය අවස්ථා ද තිබුනේය.
මෙ සිද්ධිය උන දවසේ,
මේ පාසලේ ගුරුවුන් සහ දරුවන්ට අවාසනාව ගෙන ආව දවසක්ය.
මාදිවි සිසුවියත් එ කාලේ 11 වසර අධ්‍යාපන ලබමින් සිටියාය.
කිසිවෙකුවත් සිතන්නැති අවස්ථාවක කොටි ත්‍රාස්ථවාදින් මෙ පාසලට අවි, ආයුද සමග කටා වැදලා..
එදා සිටිය සියලු අවුරුදු 10 ඉහල සිසුන් අරගෙන යන්න හදලා තියෙන්නේ.
මාදවිවත් අල්ලගත්ත ඇය එක් ත්‍රාස්ථවාදියෙක්ව තල්ලු කරලා දුවන් උත්සා කරලා,
නමුත් මාදවි අල්ල ගත් ඒතිරිසන් ත්‍රාස්ථවාදින් තමන්ගේ ම ජාතියේ අහිංසක කෙල්ලෙක් දුෂණය කරලා,
හිස කඳින් වෙන් කරලා,
අර මාතයා දැක්ක බිටි බිත්තියේ උඩ තියලා.
එදාන් මෙ පාසලේ සිටිය ගුරුවරුන් දෙන්නෙක් ද මරාදාම.
, දරුවන් 12 දෙනෙක් ද බලෙන් ම අරගෙන ගිහින්.
ඔය මාදවි දරුවා තමයි හොලමනක් වගේ මේ පාසලේ ඉන්නවා කියලා ගමේ මිනිසු කියන්නේ.
නිමි.
සත්ය කතාවක්
ඔයාලාට තෙරුවන් සරණයි.
මම සුරාජ් රනසිංහලාගේ
රනසිංහලාගේ