Reason behind FIFA's suspension of Srilankan Football

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,346
    3,689
    113
    Maligawatta

    ඇමති රොෂාන්, උමාර් ඉවත් කර රංගා දාන්න ගිය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක්​


    ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන්නට පාපන්දු ක්‍රීඩා කරන රටවල සංගම් 197 ක් එක්වී තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව FIFA මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවද අත්හිටුවන ලදී.
    ලෝක පාපන්දු පාලක මණ්ඩලයේ (FIFA) ඉහළම පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000 ක් කිගාලි හි දී රැස්වී පැවැත්වූ 73 වැනි FIFA සම්මේලනයේදී FIFA හි උත්තරීතර ව්‍යවස්ථාදායක ආයතනය වන FIFA කොන්ග්‍රසය,සංගම් 211 න්, 197 ක් FIFA මැතිවරණවලදී ශ්‍රී ලංකාවට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ යෝජනාවට ඡන්දය දුන්හ.ෙ
    FIFA හි ඉහළ විධායකයින්, සම්මේලන සහ සාමාජිකයින් 211 ක් මෙම සංගම් නියෝජනය කරයි.
    collage.jpg


    ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ ෆිෆා පාපන්දුද අත්හිටුවීමේ යෝජනාව සම්මත විය.
    2022 ජනවාරි මාසයේදී FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයේදී (FFSL) දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධ හෙළිදරව් වීම නිසා සූරිච් හි ප්‍රමිතීන්ට අනුව අත්හිටුවීමට තීරණය කර තිබුණි.

    2022.01.14 පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත ලබාදී තිබුණ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබුණි.
    මෙසේ අවසන් මොහොතේදී කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව රොෂාන් රණසිංහ නිලවරණ කමිටුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා මෙසේ බලපෑම් කර ජස්වර් උමාර් නිලවරණයෙන් ඉවත් කොට තිබීම මෙම බලපෑමයි.
    ඉන්අනතුරුව ජේ.ශ්‍රී රංගා ජයග්‍රහණය කරවීමට ප්‍රචාරක කටයුතු එලිපිටම සිදු කරන්නටද ඇමතිවරයා කටයුතු කර තිබුණි.
    තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර් තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව අධිකරණයට ගිය අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයටද පැමිණිලි කළේය. පසුව ෆිෆා නියෝජිතයින් ලංකාවට පැමිණ විභාගයක් පවත්වා දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව අනාවරණය කරගන්නා ලදි.
    ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තහනම වැටිණි.
    4.jpg
     
    • Angry
    Reactions: parallax

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,346
    3,689
    113
    Maligawatta
    Only VOTING power suspended neda?
    India has also Suspended last year and Pakistan as well.
    මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත.

    එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.

    මීට අමතරව , රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් ලංකාවට අහිමි වී ඇත.මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.
     
    • Like
    Reactions: siri_ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,997
    13,574
    113
    පෘථිවිය
    මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත.

    එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.

    මීට අමතරව , රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් ලංකාවට අහිමි වී ඇත.මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.
    Ah niyamai
    Dollar enneth naha neda
    Jeppo satutui