Recomended Courses

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචං මට මේ වෙනකොට ජාවා, පයිතන් ගැන යම් තරමක දැනුමක් තියෙනවා. මම ඩිවලොපර් කෙනෙක් විදියට රස්සාවකට යන්න නම් මම දැන ගන්න ඕනෙ අනිත් ලැන්වේජස් මොනවද? ජාවා පයිතන් උනත් බේසික් තිබුනට මදිනෙ.. oop වගේ දේවල් ඇරෙන්න තව ඉගෙන ගන්න ඕනෙ මොනවද? මම ආසාවට මේ ලැන්වේජ් දෙක යම් තරමක් ඉගෙන ගෙන තියෙනවා විතරයි දැනට. මට රස්සාවක් හොයා ගන්න නම් තව දැන ගන්න ඕනෙ දේවල් මොනවාද? ඩිවලොපින් පැත්තට වඩා වෙබ් පැත්තෙන් යන එක හොදයිද? මට මේ සම්භන්ධව උපදෙසක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්ට? මේ දේවල් ඉගෙනගන්න ඔයාලා රෙකමන්ඩ් කරන හොද කෝසස් එහෙම තියෙනවා නම් ඒවත් දාගෙන යන්න පුළුවන් නම්. තෑන්ක්ස් බන් :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ජාවා ඉගෙන ගෙන තියේනම් , Spring පැත්තෙන් පොඩි වෙබ් එකක් ගහලා, ඒක ගිට් දාලා. ඉන්ටර්න් පලයන් කොහෙ හරි (ගිට් දාන්න කිව්වෙ, ඉන්ටර්විවි එකේදි පෙන්නන හරි පුලුවන්නෙ මම මෙහෙම දෙයක් කරලා කියලා), ඒ අතර ඉතින් පොඩි පොඩි කෝස් නැතුව කොළඹ විශ්වවිද්‍යාලයෙ BIT එකවත් පටන් ගන්න. ඊට පස්සෙ ඉතින් ඉස්සරහට යන්න ඕනි විදිහ ගැන ඔයාට අදහසක් එයි. කොච්චර උනත් පෙලක් උන් කෝ ඩිග්‍රි එක අහනවා. ඒක ඉස්සරහට දාලා රැකියා උසස්වීම් දෙන්න ඇඹරෙනවා. ඒ නිසා ඩිග්‍රියක් පුලුවන් විදිහට කරගන්න.

    අනික OOP එහෙම විඩියො බලල ඒකෙ කියන පූසයි බල්ලයි උදාහරණ වලින් හරියටම අදහසක් ගන්න බෑ, ඒ නිසා රියල්වර්ල්ස් ඇප් එකක් ට්‍රයි කරන්න, දන්නෙ නැති දේ මේකෙ අහන්න. සුපිරි මොළ ටිකක් ඉන්නවා මේකෙ. උදව් කරයි :) උනන්දුව තියෙනම් ගොඩ යයි මචන්. කකුලෙන් අදින්න, වට්ටන්න මිනිස්සු කතා කියයි, වැටෙන්නෙ නැතුව පලයන්. ජයවේවා!!!.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මට මේ වෙනකොට ජාවා, පයිතන් ගැන යම් තරමක දැනුමක් තියෙනවා. මම ඩිවලොපර් කෙනෙක් විදියට රස්සාවකට යන්න නම් මම දැන ගන්න ඕනෙ අනිත් ලැන්වේජස් මොනවද? ජාවා පයිතන් උනත් බේසික් තිබුනට මදිනෙ.. oop වගේ දේවල් ඇරෙන්න තව ඉගෙන ගන්න ඕනෙ මොනවද? මම ආසාවට මේ ලැන්වේජ් දෙක යම් තරමක් ඉගෙන ගෙන තියෙනවා විතරයි දැනට. මට රස්සාවක් හොයා ගන්න නම් තව දැන ගන්න ඕනෙ දේවල් මොනවාද? ඩිවලොපින් පැත්තට වඩා වෙබ් පැත්තෙන් යන එක හොදයිද? මට මේ සම්භන්ධව උපදෙසක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්ට? මේ දේවල් ඉගෙනගන්න ඔයාලා රෙකමන්ඩ් කරන හොද කෝසස් එහෙම තියෙනවා නම් ඒවත් දාගෙන යන්න පුළුවන් නම්. තෑන්ක්ස් බන් :)
    කෙටියෙන් කිව්වොත් ඔයා යන්නේ ගෙවල් හදන්න නම් ඔයා දන්නේ සැටලිම ගහන්න විතරයි. ගෙදරක් හදනකොට අනික් වැඩ ගොඩක් කරන්න තියනවා. ප්ලැන් එක කියවල ෆවුන්ඩේෂන් එක කපන එක. ගල් බදින එක , කපරාදු කරන එක වගේ ඒවා ගොඩක් කලාම තම සැටලිම ගහන්න තියෙන්නේ .

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියනවා ටිකක් මැද ලෙවල් එකෙන් කොමද උඩ කිව්ව ටික කරන්නේ කියන එක. එක කියවල ඕනේ කරන ප්‍රශ්න අහන්න මේකේ. හෝ PM එකක් දාන්න. PM එකට වඩා මේකේ අහන එක හොදයි.මොකද ඔයාගේ ප්‍රශ්නෙම තියන අනික් අයට වැදගත් සහ මේකේ ඉන්න වැඩ කාරයෝ දැකලා උත්තර දෙයි..

    Click Here

    සිස්ටම් එකක් මුල ඉදන් අගට හදන විදිහ එක්ස්පිරිඅන්ස් එකෙන් ගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි කියල කිසිම කෙනෙක් දාන්නේ නැ . මොකද එක ලියන්න සැහෙන කාලයක් යන නිසා. සහ එහෙම එකක් කියෙව්වා කියල ඔයාට එක එහෙම්මම කරන්න බැරි නිසා. එක නිසා මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් හැම දේම කොටලා පොවන එක වෙනුවට ගැම්මට තනියෙන් හොයාගෙන බැරිම තැන කෙනෙක්ගෙන් අහන ලෙවල් එකට එන්න ඕනේ. එක තමා ඔයාගේ ටාගට් එක.
    එහෙම අවම ජාවා ද පයිතන් ද මොන මගුල උනත් ප්‍රශ්නයක් නැ

    ඩිවලොපින් පැත්තට වඩා වෙබ් පැත්තෙන් යන එක හොදයිද?
    මම හිතනේ මේකෙන් කියන්නේ වින්ඩෝස් ප්රෝග්‍රමින්ග් වලට වඩා වෙබ් එක හොදයිද කියන එක නේ? ඔව් අනිවාර්යෙන්. වෙබ් එකෙත් ෆුල් ක්ලවුඩ් බේස් යන්න ඕනේ. මගේ අදහස නම් ඔය දැන්ම ක්ලවුඩ් එකක් තෝරාගෙන ඒක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනික OOP එහෙම විඩියො බලල ඒකෙ කියන පූසයි බල්ලයි උදාහරණ වලින් හරියටම අදහසක් ගන්න බෑ, ඒ නිසා රියල්වර්ල්ස් ඇප් එකක් ට්‍රයි කරන්න.
    1oo% true :love: