මචං මට මේ වෙනකොට ජාවා, පයිතන් ගැන යම් තරමක දැනුමක් තියෙනවා. මම ඩිවලොපර් කෙනෙක් විදියට රස්සාවකට යන්න නම් මම දැන ගන්න ඕනෙ අනිත් ලැන්වේජස් මොනවද? ජාවා පයිතන් උනත් බේසික් තිබුනට මදිනෙ.. oop වගේ දේවල් ඇරෙන්න තව ඉගෙන ගන්න ඕනෙ මොනවද? මම ආසාවට මේ ලැන්වේජ් දෙක යම් තරමක් ඉගෙන ගෙන තියෙනවා විතරයි දැනට. මට රස්සාවක් හොයා ගන්න නම් තව දැන ගන්න ඕනෙ දේවල් මොනවාද? ඩිවලොපින් පැත්තට වඩා වෙබ් පැත්තෙන් යන එක හොදයිද? මට මේ සම්භන්ධව උපදෙසක් දෙන්න පුළුවන්ද දන්න කෙනෙක්ට? මේ දේවල් ඉගෙනගන්න ඔයාලා රෙකමන්ඩ් කරන හොද කෝසස් එහෙම තියෙනවා නම් ඒවත් දාගෙන යන්න පුළුවන් නම්. තෑන්ක්ස් බන්
කෙටියෙන් කිව්වොත් ඔයා යන්නේ ගෙවල් හදන්න නම් ඔයා දන්නේ සැටලිම ගහන්න විතරයි. ගෙදරක් හදනකොට අනික් වැඩ ගොඩක් කරන්න තියනවා. ප්ලැන් එක කියවල ෆවුන්ඩේෂන් එක කපන එක. ගල් බදින එක , කපරාදු කරන එක වගේ ඒවා ගොඩක් කලාම තම සැටලිම ගහන්න තියෙන්නේ .
මෙන්න මේ ත්රෙඩ් එකේ තියනවා ටිකක් මැද ලෙවල් එකෙන් කොමද උඩ කිව්ව ටික කරන්නේ කියන එක. එක කියවල ඕනේ කරන ප්රශ්න අහන්න මේකේ. හෝ PM එකක් දාන්න. PM එකට වඩා මේකේ අහන එක හොදයි.මොකද ඔයාගේ ප්රශ්නෙම තියන අනික් අයට වැදගත් සහ මේකේ ඉන්න වැඩ කාරයෝ දැකලා උත්තර දෙයි..
Click Here
සිස්ටම් එකක් මුල ඉදන් අගට හදන විදිහ එක්ස්පිරිඅන්ස් එකෙන් ගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි කියල කිසිම කෙනෙක් දාන්නේ නැ . මොකද එක ලියන්න සැහෙන කාලයක් යන නිසා. සහ එහෙම එකක් කියෙව්වා කියල ඔයාට එක එහෙම්මම කරන්න බැරි නිසා. එක නිසා මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම් හැම දේම කොටලා පොවන එක වෙනුවට ගැම්මට තනියෙන් හොයාගෙන බැරිම තැන කෙනෙක්ගෙන් අහන ලෙවල් එකට එන්න ඕනේ. එක තමා ඔයාගේ ටාගට් එක.
එහෙම අවම ජාවා ද පයිතන් ද මොන මගුල උනත් ප්රශ්නයක් නැ
ඩිවලොපින් පැත්තට වඩා වෙබ් පැත්තෙන් යන එක හොදයිද?
මම හිතනේ මේකෙන් කියන්නේ වින්ඩෝස් ප්රෝග්රමින්ග් වලට වඩා වෙබ් එක හොදයිද කියන එක නේ? ඔව් අනිවාර්යෙන්. වෙබ් එකෙත් ෆුල් ක්ලවුඩ් බේස් යන්න ඕනේ. මගේ අදහස නම් ඔය දැන්ම ක්ලවුඩ් එකක් තෝරාගෙන ඒක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ.