මචන් මගේ අදහස මේ. උබට මේක සෙට් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේකයි අදහස, අපි හැමෝම දන්නවා වාහන, සල්ලි, ගෙවල් තියෙනවා නම් කෙල්ලෙක් සෙට් කරගන්න එක මහා දෙයක් නෙවේ කියල. හැබැයි මචං එහෙම දේපල පෙන්නලා කෙල්ලෙක් සෙට් උනොත් ඒ සෙට් වෙන්නේ ඇත්තටම උබට අදෙර්ට කියල හිතන්න බැහැ. මොකද මචං උබට වඩා සල්ලි තියන කොල්ලෙක් සෙට් උනොත් ඒකිට , ඒ කොල්ල ගැනත් හිතන්න පටන් ගන්නවා. මගේ අදහස අනුව උබ සුළු කාලයකට සාමාන්‍ය තත්වයකට හැරියන් ( වාහනේ විකුණලා දේපල විකුණලා හිගන්නෙක් වෙලා පාරට වැටියන් කියල නෙවේ කියන්නේ එව්වා එහෙමම තියාගෙන, උබ කෙල්ලන්ට ඒ දේවල් මොනවත් නැහැ රස්සාවක් විතරක් තියන, වාහනයක් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විදිහට රගපාන්න තියෙන්නේ ). උබ මෙහෙම රගපාන කාලේ උබට සෙට් වෙන කෙල්ලෝ / උබ සෙට් කරගන්න හිතන කෙල්ලෝ එක්ක උබ කතා කරලා උබේ තත්ත්වේ තේරුම් කරහන්. මට රස්සාවක් තිබ්බට වහනයක් නැහැ, ඉස්සරහට vehicle එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම plans තියෙනවා මම කරන්න හිතන් ඉන්න කියල ඒ සෙට් වෙන කෙල්ලෝ එක්ක වෙන වෙනම කතා කරපන් උබේ තත්වේ ගැන. ඊට පස්සේ උබ තේරුම් ගනින් උබේ ඒ තත්වේ එක්ක උබ එක්ක ඉන්නේ කවුද කියල. අන්න ඒ ඉන්න කෙල්ල තමා උබේ ජීවිතේට එකතු කරගන්න ඕනි කෙනා වෙන්නේ. සල්ලි, දේපල ඇති වෙනවා නැති වෙනවා මචන්. ඒ දේවල් තියන කොට ලග ඉන්නත් නැති කොට උබේ ඔලුව කාල පැත්තකට වෙන උන් වැඩක් නැහැ. මේ දේවල් ඇති උනත් නැති උනත් උබව තේරුම් අරන් උබ එක්ක තවත් දියුණු වෙලා එකට ඉන්න කෙල්ලෙක් එක්ක ඉදපන්. එහෙම ඉන්න කෙල්ලෙක්ට, උබ උබේ උපරිමෙන් මදි නොවෙන්න සලකපන්. මොකද ඒකි තමා උබව තේරුම් ගත්ත කෙනා.
මේ මගේ අදහස.