කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්
1988 වසරේදී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.එම කාල සීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇති කළ බවට චෝදනා කරමිනි.
එම මැතිවරණයේදී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය.
එමෙන් ම, මෙම මැතිවරණයේදී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එක ම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්නේ, අපේක්ෂකයින් තිදෙනෙකු පමණි.
එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළහ.
1988 දෙසැම්බර් මස 19 වන දා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකු ඝාතනයට ලක්විය.
https://www.bbc.com/sinhala/articles/cn49zd1zdjxo
