උපුටා ගැනීමකි -
මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.
පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.
මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.
අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.