Rep_40++ _ රෙගේ ලෝක උරුම ලැයිස්තුවට

Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,059
    10,620
    113
    Rep_40++ _ රෙගේ ලෝක උරුම ලැයිස්තුවට

    මගේ රේප් පවර් එක 40++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 40+ ගානේ.


    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .




    රෙගේ සංගීතය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට

    බොබ් මාලේ නිසා ලොවම හඳුනන රෙගේ සංගීතය ලෝක උරුම ලැයිස්තුවට එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කර ඇත.

    rexfeatures_78853e_1711234c.jpg


    යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ විද්‍යාත්මක සංවිධානය ජැමෙයිකාවේ සම්භවය වූ රෙගේ සංගීතයට මෙම පිළිගැනීම ලබාදෙමින් පවසන්නේ එය සංරක්ෂණය සහ ප්‍රවර්ධනය කළ යුතු ‘‘අස්පර්ශනීය සංස්කෘතික උරුමයක්‘ ලෙස ය.

    ‘‘අයුක්තිය, ප්‍රතිවිරෝධය, ආදරය සහ මනුෂ්‍යත්වය අන්තර්ජාතික තලයට ගෙන යාම පිණිස‘ ලබාදුන් දායකත්වය වෙනුවෙන් මේ තීරණය ගත් බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි. ‘‘කළල අවධියේ දී රෙගේ සංගීතය කොන් වූවන්ගේ හඬ බවට පත්ව තිබුණ ද මේ වන විට එය විවිධ සමාජභාවයන්, වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර ජනප්‍රිය වී ඇති බව‘‘ ද එය ප්‍රකාශ කරයි.

    53ea6705c22aeae6dbccf435a7304101f969fe2c.jpg


    ‘‘රෙගේ සංගීතය ජැමෙයිකාවට සුවිශේෂීයි‘‘ යැයි කැරිබියන් දූපත්වල සංස්කෘතික ඇමතිනිය, යුනෙස්කෝවේ මෙම පිළිගැනීම ලබාදීම සම්බන්ධ ඡන්ද විමසීමේදී කියා සිටියාය. ‘‘එය අප විසින් නිර්මාණය කර ලෝකයේ සතර කොනට පැතිරී ගොස් පවතින සංගීතයක්..“

    1960 දශකයේ ජැමෙයිකාවෙන් උපන් රෙගේ සංගීතය, පීඩිතයන්ගේ සංගීතය වශයෙන් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. රෙගේ ගීතවල ගී පදවලින් නිතරම කියැවුණේ සමාජ දේශපාලන ගැටළු, බාධිත බව සහ අසමානාත්මතාවය ගැන ය.

    එසේම රෙගේ සංගීතය, රස්තෆාරියානු ආගම සමග ද බද්ධ වී ඇත. හිටපු ඉතියෝපියානු අධිරාජ්‍ය හේල් සෙලාසි (Haile Selassie) දේවත්වයට පමුණුවාලූ රස්තෆාරියානු ආගම, ගංජා හෝ මරිජුවානා භාවිතය ද උත්කර්ෂයට නැංවීය.

    ලෝකයට රෙගේ උමතුව ගෙන ආ මුල්ම ගීතය වශයෙන් සැලකෙන්නේ ටූට්ස් සහ මයිටල්ස් ගේ “Do the Reggay” ගීතයයි.



    පසුව බොබ් මාලේ සහ ඔහුගේ වයිලර්ස් (Wailers) සංගීත කණ්ඩායම විසින් “No Woman, No Cry” සහ “Stir It Up” වැනි ගීත හරහා රෙගේ සංගීතය ජාත්‍යන්තර තලයට රැගෙන යාම සිදුවිය.



    මේ අතර වයිලර්ස් කණ්ඩායමේ ගායක පීටර් ටොෂ්, “Legalize It,”ගීතය හරහා ඒකල ගායකයෙකු ලෙස ද මනා වෘත්තීය පසුබිමක් සකසා ගත්තේය. මේ අතර “Israelites” ගීතය සමග ඩෙස්මන්ඩ් ඩෙක්කර් අන්තර්ජාතික තලයට ද එසවිණි. ටූට්ස් සහ මේටල්ස්ගේ “Pressure Drop”, ජිම් ක්ලිෆ්ගේ “The Harder They Come,” ද එපමණටම ජනප්‍රිය විය. “The Harder They Come” ගීතය එනමින් යුත්, 1972 වසරේ නිර්මාණය කළ චිත්‍රපටයේ ද ප්‍රධාන ගීතය බවට පත්විය.



    දෙවන ලෝක යුද්ධයෙන් පසු ජැමෙයිකානුවන් රාශියක් බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව වෙත සංක්‍රමණය වී සිටීමද රෙගේ සංගීතය මෙම රටවල් දෙක තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වීමට හේතුවක් විය.

    රෙගේ සංගීතයේ තවත් උප සංගීත ප්‍රභේද වශයෙන් reggaeton, dub සහ dancehall බිහිවූයේ ද මේ අතරවාරයේ ය. නූතන පරපුරේ කන්යේ වෙස්ට්, ලෝරින් හිල්, ක්‍රිස් බ්‍රවුන් සහ ජේයි ඉසෙඩ් වැනි ගායකයෝ රෙගේ සංගීතය නව මානයකින් යුතුව ජීවමාන කළහ.

    මෙවර අලුතෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් වූ දේ අතර, වියානාවේ ස්පාඤ්ඤ අශ්ව පුහුණු පාසල, මොන්ගෝලියාවේ ඔටුවන් මෙල්ල කරන ලබ්ධියක් සහ චෙක් ජනරජයේ රූකඩ ඇතුළු නව සංස්කෘතිකාංග 300කට අධික ප්‍රමාණයක් අතරට එක් වී තිබේ.









    සලකන අයට සහ Bump , Comment කරන අයට 40++ ගානේ දෙනවා....
     
    Status
    Not open for further replies.