Repack games කියන්නේ මොනවද?

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Repack games කියන්නේ මොනවද?

    රිපොස්ට්ද නොදනී !!! :shocked::lol:


    #Repack ගේම්ස් -
    රළ කිව්වොතින් repack games කියන්නේ original game's installation එක වෙනස් කරපු (modified) high compress file එකක්.
    මේ විදිහට original game files වෙනස් කරලා යලි නිර්මාණය කරන වෙනම අය ඉන්නවා. ඒ අය විවිද groups (pirate groups) විදිහට තමා මේ වැඩේ කරන්නේ. repack games වල බොහෝවිට cut scenes වෙනස් කරනවා එහෙමත් නැත්නම් ඒවායේ පොඩි වෙනසක් කරනවා.තව සමහරක් repack games වල language packs ඉවත් කරනවා.ඒ කියන්නේ game එක install කරන්න පුලුවන් English වලින් විතරයි. game එකේ files වල තිබුන වෙනත් බාෂාවන් ඉවත් කරලා game එකේ install file එකේ සයිස් එක අඩු කරනවා.මේ වැඩේ ඉතාම සීරුවට කරන්න ඕනේ,මොකද පොඩි වෙනසක් උනොත් වැඩේ ඉවරයි!ආ අර මුලින් කියපු cut සීන් වෙනස් කරන්නේ මෙහෙමයි.
    game හදන අය game එකේ cut සීන් 1080i screens තත්වයට තමා හදන්නේමේ සයිස් එකට ගොඩක් data යනවා.මේකට පිලියමක් ලෙස game එක repack කරන අය 720p දක්වා තත්වය අඩු කරනවා .එතකොට කලින් තිබුණු සයිස් එකෙන් 50% විතර අඩු වෙනවා.720p කියන්නෙත් HD නිසා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.හැබැයි මේ 720p තත්වය අගල් 20 අඩු මොනිටර් වලට අව්ලක් නැති උනාට ඊට වැඩි මොනිටර් වලට සෙට් වෙන්නේ නැ.ගේම් එකේ තියන Texture Quality , Sound Quality , Video Quality 75%ක වගේ අඩු කරලා තියන නිසා ගොඩාක් size අඩු වෙනවා මෙකින් :no: ඒ කියන්නේ ගේම් එකේ Quality එකට යම් තාක් දුරකට හානි වෙනවා.එතකොට තමා ඉතින් ඔක්කොම high settings දාලා ගහන ගෙමර්ස්ලාට මළ පනින්නේ :lol: :oo: පහලින් තියන්නේ ඒ විදිහට Texture, Sound,Video Quality වල වෙනස්කම් කරපු (Touched) හදපු Game එකක nfo තොරතුරු :) Video Quality එක 720p විදිහට වෙනස් කරලා තියනවා මේ ගේම් එකේ !

    0f791c71526b590e7e67a4155c0c56eb.png

    තව ක්‍රමයක් තමා මුලු game files ටිකම high compress කරලා වෙනමම setup file එකක් හදන එක.හැබැයි එතකොට game එක install වෙන්න යන කාලය ගොඩක් වැඩි වෙනවා!
    උදා: original setup file එක 12Gb වෙන game එකක් install වෙන්න යන්නේ විනාඩි 10-20 නම්.ඒ game එකේම 5 Gb වෙන repack එක install වෙන්න පැය 1-1 1/2 විතර යනවා!!

    ඒත් මෙතනදී ගේම් එකේ Texture, Sound,Video Quality වලට අතක් වත් තියන්නේ නැ (Untouched) :rolleyes: ඒත් කලින් කිව්වා වගේ multi player,Multi-Language වගේ දේවල් අයින් කරලා තමා repack කරන්නේ.එතකොට Size එක අඩු වෙනවා.මේ ගේම් නම් high or Ultra settings වල කිසිම අව්ලක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් :yes: පහලින් තියන්නේ ඒ වගේ repack එකක nfo file එකක් :yes:

    175e817482c6cac7446f91aa07fb7588.png


    #Reloaded ගේම්ස්
    කව්රු හරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් original game එක crack කර යලි නිකුත් කරන cracked game එකක්.බොහෝවිට මෙම games වල එය crack කරපු අයගේ හෝ group එකේ නම සදහන් වෙනවා.
    උදා: Centropy ,Crackers In Action,PARADOX,RELOADED (also known as RLD).මේ ඔක්කොම වාරිස් කියලා group එකක කණ්ඩායමක කොටස්කරුවන්. මෙය නීති විරෝදී ක්‍රියාවක් නිසා මේ විදිහට games crack කරලා අහුවුනොත් හිරේ ලගින්න තමා වෙන්නේ
    "අපේ රටේ නම් කහොමද දන්නේ නැ"

    #RIP game(ripped games) -
    මේක repack games වගේ නෙමෙයි ඊට වඩා වෙනස් .ඒ කියන්නේ මේ gamesවල බොහෝවිට සමහර sound files ඒ වගේම video files එහෙම අඩුයි.
    එතකොට game setup එකේ සයිස් එක අඩුවෙනවා.මේ වගේ games play කරනකොට ගොඩක් වෙලාවට සමහර sounds එහෙම ඇහෙන්නේ නැ,game එකේ cut සීන් වල videos නැහැ.මේ විදිහට original game එකෙන් files අඩු කරලා හදපු games කෙටියෙන් RIP games කියලා හදුන්වනවා. :growl: එතකොට ගේම් එකේ story එකත් නැ මුකුත් නැ සද්දෙත් නැ !
    උදා :- GTA Sanandrears ගේම් එකේ 1CD එකකට ගහපු ගේම් එකක් ආවා 2008 වගේ !අනිත් ඔක්කොම වැඩ සද්දේ නැ.ඒ කියන්නේ කාල් අයියගේ වීඩියෝ වල සද්දේ නැ :no: ( ඒ දවස්වල ආපු Vice City CD Version එකෙත් ඔහොමම තමා )

    #PrePacks -
    මේක මෑතකදී ආපු වචනයක්.මේකෙදි කරන්නේ ගේම් එකට crack එකක් එන්න කලින් ගේම් එකේ තියන Language , Multi-Player වගේ දේවල් අයින් කරලා Repack කරන එක :) ඒත් ඉතින් මේකට හරියන crack එකක් එනකන් setup එක දිහා බලාගෙන ඉන්න තමා වෙන්නේ :dull:
    උදා :- ලගදි ආපු ලාරා අක්කිගෙ Rise Of The Tomb Rider ගේම් එකට වෙලා තියන්නේ ඔය ටික තමා :no: ගේම් එකේ Prepack එකක් හදලා තිබ්බත් crack එකක් නැති නිසා කාටවත් සෙල්ලම් කරන්න බැ :dull:

    මේ දාල තියෙන විස්තර ඔයාලට දැන ගන්න ඕනේ නිසා දැම්මේ.මොකද ගොඩක් අය games ගැහුවට ඒවා install කරාට repack games රිලෝඩ් games කියන්නේ මොනවද කියලා හරියට දන්නේ නැ.එ්කයි!

    උපුටා ගැනීම ෆේස්බුක්හි PC GAME HUB සහ අන්ත්ර්ජන්ජාලයෙන්
     
    Last edited: