කියනවා නම් කියන්න පුළුවන් බම් ඔළු / mind set කාපු තරම් ගොන් පාර්ට් වලින්,
පොඩි සීන් එකක් කියන්නම් මට අප්‍රසන්න ම දෙයක්,
ඉස්සර බම් හැම අවුරුද්දේම සිංහල අවුරුද්දට එහෙම බුලත් හුරුල්ලක් දීලා වට වන්දනාවේ යවනවා අර මාමාට වැඳලා එන්න, අර නැන්ඳට වැඳලා එන්න, කියලා පවුලේ උන් සහ පවුලේ නොවන උන් / අහල පහල උන් ඔක්කෝටම.. හරි කියමු අවුලක් නෑ පොඩි එකා නේ ඒ කාලේ මම, ගොනා සේ අහගෙන කිව්ව දේ කළා කියමු.
දැන් බම් 30 පැනපු (35ට කිට්ටුයි) නාකියෙක් මම, මට තීන්දු තීරණ ගන්න අයිතිය තියනවා / පොඩි එකෙක් නෙමෙයි නේ බම් මම, තාමත් කියනවා අර නාකි නෑදෑයෝ ආවම උන්ට වැඳපන් කියලා. ඒ මදිවට සමහර නාකි නෑදෑයෝ බලාගෙන ඉන්නෙත් වැඳුම් ගන්න. සමහර උන් කියලා වන්දව ගන්න try කරනවා තාමත්.....

(සමහර උන් අහගෙන තියනවා ජාතෙක් මට මළ පැන්නම)