Review in Sinhala - Huawei Mate 10 Lite AKA Huawei Nova 2i

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලට අලුත් ෆෝන් එකකට යන්න ආසාවක් ආව නිසා ගත්තා හුවාවේ නෝවා 2 අයි එකක්.
    මේ ෆෝන් එකේ හරි නම හුවාවේ මේට් 10 ලයිට්.
    ඒශියා මාකට් එකට ෆෝන් එක එන්නේ හුවාවේ නෝවා 2 අයි කියලා.


    Huawei_Mate_10_Lite_64GB_Dual_Sim.jpg


    ලන්කාවට ඕක ඇවිත් සති එකාමාරක් වගේ යද්දි තමා ගත්තේ.
    මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගත්තේ හුවාවේ ඒජන්ට් වොරන්ටි එක්ක රු.41000.00
    මේ තියෙන්නේ භාණ්ඩේ.
    ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්.

    N9HBxXy.jpg


    tqNWGRb.jpg


    I1dybXA.jpg


    dClUCJ4.jpg


    මේ ලින්ක්ස් වලට ගිහින් ෆෝන් එකේ ෆුල් ස්පෙක්ස් බලාගන්න පුලුවන්.

    https://www.gsmarena.com/huawei_mate_10_lite-8857.php

    http://consumer.huawei.com/kw-en/phones/mate10-lite/

    ෆෝන් එකේ ලුක් එක එහෙම ඩීසන්ට් ලුක් එකක් තියනවා.
    අනාත ඇන්ඩ්‍රොයිඩ් ලුක් එකක් නෑ සැම්සුන්ග් වගේ.
    මේ ෆෝන් එක මාකට් කරන්නේ කැමරා 4 තියන ෆෝන් එකක් විදියට.
    ඉස්සරහ කැමරා දෙකයි , පිටිපස්සේ කැමරා දෙකයි.
    ඉස්සරහ , පිටිපස්ස කැමරා වලට ෆ්ලැශර්ස් එනවා ඉස්සරහට වෙනමයි , පිටිපස්සට වෙනමයි.

    මොන බම්බුවක් ගත්තත් අපි ගොඩක් අයට ඕන වෙන්නේ ෆෝන් එකේ කැමරා එකනේ.
    ඒ නිසා ෆොටෝස් දාන්නම් අයිඩියා එකක් ගන්න.
    ඩිෆෝල්ට් ෆෝන් එකට එන කැමරා ඇප් එකෙන් , ඩිෆෝල්ට් සෙටින්ස් වලින් ගත්තේ ඔක්කොම ෆොටෝස්.
    එලකිරි එකට දාන්න ෆොටෝස් පොඩි කරා මිසක් ෆොටෝස් මුකුත් එඩිට් කර නොමැත.

    මේවා ගත්තේ බැක් කැම් එකෙන්.

    5rz1RNn.jpg


    DJqIkXp.jpg


    JlEQvrK.jpg


    මේක ගත්තේ ඉස්සරහ කැම් එකෙන්.

    J5D6Vqe.jpg


    ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කිව්වොත් දැනට ෆෝන් එකේ ලැග් එකක් , ස්ලෝ එකක් නෑ.
    ඕනම කරන ඇප්ස් විතරයි ෆෝන් එකට දාලා තියෙන්නේ.
    බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.

    ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.
    ලාවට හීට් වෙනවා එච්චරයි.


    ෆෝන් එක ගන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් හොදම ෆෝන් එකක් ප්‍රයිස් රේන්ජ් එකේ යන අනිත් ෆෝන්ස් එක්ක ගත්තාම.
    සෙල්ෆි ගහන එකෙක්ට නම් සිරාම ෆෝන් එක මේක මොකද කිව්වොත් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන ෆෝන් වලින් හොදම සෙල්ෆි කැම් එක තියෙන්නේ මේ ෆෝන් එකේ.

    ඔන්න ඔහොමයි ඉතින් රිවීව් එක කෙල්ලගෙයි , මගෙයි එක්ස්පිරියන්ස් එකෙන්.
    කට්ටියට ප්‍රශ්ණ තියේ නම් අහන්න පුලුවන්.
    මම දන්න විදියට උත්තර දෙන්නම්.

    එහෙනම් ජය වේවා.
    රෙප් නම් වැඩක් නෑ ඒත් කමෙන්ට්ස් වටිනවා උබලගේ.
    ඒ නිසා අනිවා ත්‍රේඩ් එක බැලුවානම් කමෙන්ට් එකක් දාලා යන්න.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks for the review brother.. 40 Range eke wena monawada hoda? Mi A1 ? Samsung J7 Pro... Nokia 6 nam alluwe na mata...

    ඒ 1 එක ගැන නම් දන්නේ නෑ මචන් මොකද ෆෝන් එක අතට ගන්න සෙට් වෙලා නෑ.
    ජේ 7 ප්‍රෝ එක නම් මෙලෝ රහක් නෑ බන් මේකත් එක්ක බැලුවාම.
    නොකියා 6 එක නම් ඩීසන්ට් ෆෝන් එක.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    heat eka kohomada

    ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.
    ලාවට හීට් වෙනවා එච්චරයි.

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් ඔය phone එකේ ප්‍රශ්නයක් නැතිව සිංහල අකුරු පේනවද ? එළකිරි වගේ සයිට් වල සිංහල බලන්න පුළුවන් ද ?


    මටත් ගන්න හිතිලා තියෙන්නේ , එත් 2018 පෙබරවාරි වල huawei p11 release කරනවා , එතකොට P10 එක 40-50/= ට ගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා, මොනවා උනත් p10 එක flagship phone එකක් නිසා මීට වඩා හොඳයිනේ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඔය phone එකේ ප්‍රශ්නයක් නැතිව සිංහල අකුරු පේනවද ? එළකිරි වගේ සයිට් වල සිංහල බලන්න පුළුවන් ද ?

    අව්ලක් නෑ බන් සින්හල කේස් එකක් නෑ පේනවා හොදට.