මූ මෙතන පානිය දාගෙන ඉන්නවා president ඉස්සරහා. අහින්සක මනුස්සයෙක් දුර ඉදන් වැඩක් කරගන්න ගියත් මූ ඔලුව උස්සලා බලන් නෑ. අලි ලොකු කම මං මේ ලගදි ගියා අපේ අයියා කෙනෙක්ගෙ වැඩකට. මුගේ තිබුන අහන්කාර කමයි ලොකු කමයි කියලා වැඩක් නෑ. ඔලුව උස්සලා බැලුවෙ නෑ. දැන් බෑ හෙට එන්න කිවුවා මුගෙ අත්සන ගන්න ලිවුමකට. මං කිවුවා සර් මම නුවර ඉදන් ආවේ උදේම ආයෙ එහෙම උනොත් මේ වැඩේටම හෙට එන්න වෙනව ලොකු උදවුවක් මේක කරල දෙන්න කියලා. මූ කිසිම ගානකට ගත්තේ නෑ. ඔව් ඒක තමයි කරල දෙන්නම් දැන් බෑ හෙට එන්න කිවුවා ආයෙත්. බැරිම තැන මන් ඉස්සරා කවුන්ටරේ මිස් කෙනෙක්ට 2000/- දීලා විනාඩි 5ක් වත් යන්න කලින් වැඩේ කර ගත්තා. මං ඉස්සරාදිම තවත් මඩකලපුවෙ ඉදල ආපු අහින්සක මනුස්සයෙක්ව මූ යැවුවා හෙට එන්න කියලා. අඩුම ඔලුව උස්සලා බලලා හිනා වෙලා කතා කරානම් දුක නෑ. මූ මුගේ ගෙදර ප්‍රශ්නෙකද කොහෙදෝ phone එකත් ඔබ ඔබා එහාට මෙහාට නට නටා හිටියා. මේ වගේ රාජ්‍ය සේවකයෝ ගෙදර යැවිය යුතුමයි.
බුද්ධික පෙරේරා
මේ වෙලාවේම වෙනස් කරගන්න එක හොදයි කට්ටියම කෑ ගහලා...නැත්තම් මේ ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැදෙන්න නෑ...






