ඇමෙරිකාවෙන් රෝබෝ යුද භටයෝ
ඇමෙරිකානු යුද හමුදාව දැන් ඕනෑම යුද පෙරමුණකට යැවීම සඳහා රෝද මත ඇවිදින ඉලක්කයට වෙඩි තැබිය හැකි රොබෝ යුද භටයන් කණ්ඩායමක් තෝරාගන ඇත.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මැරතන් ටාර්ගට්ස් නම් සමාගම විසින් නිපදවන ලද මේ රොබෝ යුද හමුදා කණ්ඩායම දැන් සිය සේවාවන් සඳහා සැදී පැහැදී සිටිති. ඔවුන් ගෙන් එක් අයකුට වෙඩි වැදීමෙන් අනතුරුව අනිත් රොබෝ මිනිස්සු ස්ථානගතව විසිරී සැඟවී යළි සටනට සූදානම් වෙති.
මේ රෝද රොබෝ හමුදාවේ පළමු කණ්ඩායම ඇමෙරිකන් යුද විශේෂඥයන්ගේ අනුමැතිය ලැබ වර්ජිනියා හි ක්වන්ටිකෝ යුද කඳවුරේ සේවයට අනුයුක්තව සිටිති. ඔවුන්ගේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 59 කි.
ඔවුන්ට යුද සේනාංකයක් ලෙස එකමුතුව කටයුතු කිරීමට හැකියාව ඇති බව ඔවුන් නිපදවූ මැරතන් ටාර්ගට්ස් සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී ආචාර්ය ඇලෙක්ස් බෲක්ස් පවසයි.
“අපි ඔවුන්ට ගිනි අවි පුහුණුව මෙන්ම ඕනෑම ගිනි අවියක් හැසිරවීමේ හැකියාව ලබාදී තියෙනවා. අවශ්‍ය මොහොතකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමටත් ඔවුන්ට පුළුවන්” ඔහු කියයි.
Source: Silumina

silumina