Robotic Spy Butterflies-ඔත්තු සොයමින් පියාසර.

mic

Member
Nov 24, 2006
1,333
553
0
Robotic Spy Butterflies-ඔත්තු සොයමින් පියාසර.

ඔත්තු සොයමින් පියාසර කරන රොබෝ සමනල්ලු [Robotic Spy Butterflies]

harvard-micro-flybot.jpg

අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ශුද්‍ර රොබෝ විද්‍යාගාරය (Harvard Micro-robotics Lab)
මගින් නිර්මාණය කරන ලද සෙන්ටිමීටර් 3ක් දිගැති රොබෝ සමනලයා.

සැබෑ සමනල්ලුන් හා වෙනත් පියාඹන කෘමිසතුන්ගේ පියාසර හැකියාවන් ගැඹුරින් හදාරමින් නිර්මාණය කර ඇති මේ පියාඹන රොබෝ සමනලුන් තවමත් ඇත්තේ පර්යේශණ මට්ටමේ.

මේ පර්යේශණ අමෙරිකාවේ විවිධ විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේශණාගාරවල සිදුවන අතර අමෙරිකාවේ ආරක්ශක දෙපාර්ථමේන්තුව ඉමහත් උද්යෝගයෙන් මේ පර්යේශණ සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ අනාගත රොබෝ සමනල්ලුන් නුදුරු අනාගතයේදීම යුධ මෙහෙයුම් සඳහා යොදාගැනීමේ පරමාර්ථයෙන්.


අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව මෙම රොබෝ කෘමි ඔත්තු බලන්නන් සතුරු කඳවුරු හා බලකොටු වල ඔත්තු බැලීමට, ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවුනු ව්‍යසන ඇති ප්‍රදේශවල (උදාහරණයක් ලෙස මෑතකදී ජපානයේ න්‍යශ්ඨික බලාගාරයක සිදුවුනු පිපිරීම වැනි ව්‍යසන) තොරතුරු සොයා බැලීමට යොදා ගැනීමට බලාපොරොත්තු වනවා.

ඉතා අඩුවියදමකින් නිර්මාණය කල හැකිවීම, වරකට එකෙකු දෙන්නෙකු නොව, සිය ගණනක් වුවත් අවශ්‍ය ප්‍රදේශය වෙත මුදා හැර සෑම අස්සක් මුල්ලකම ඡායාරූප ලබාගැනීමට හැකිවීම මේ රොබෝ කෘමි පියාසැරිකයන් පිලිබඳව ආරක්ශක අංශ උනන්දුවක් දක්වීමට හේතු වනවා.


5038c012997b16256a5914b7f9718c07.media.400x314.jpg

අවරපෙති හතරක හෙලිකොප්ටරයක් ලෙස නිර්මාණය කොට ඇති ක්ශුද්‍ර ගුවන් යන්ත්‍රයක්

අමෙරිකානු ආරක්ශක ව්‍යාපෘති පර්යේශකයින් විසින් Micro Arial Vehicles - MAV ලෙස හඳුන්වන මේ කෘමි රොබෝවරුන් ගොඩනැගිලි බහුල නාගරික ප්‍රදේශවල මෙහෙයුම් වලට ඉතා හොඳින් ගැලපෙන බව පැවසෙනවා. ඉතා තදබදය ඇති, ඉඩකඩ අඩු ප්‍රදේශ තුලින් අපහසුවකින් තොරව පියාසර කරගෙන යාමට හැකිවීම, ඉතා කුඩා හා නිෂ්ශබ්දව ක්‍රියාත්මක වන නිසා රහසින් මෙහෙයුම් වල නිරතවීමට හැකිවීම, දැනටමත් නිර්මාණය කොට ඇති ඉතා කුඩා වීඩියෝ කැමරා රැගෙන යමින් සජීව රූප ලබාදීමට හැකිවීම ක්ශුද්‍ර රොබෝ යානා වලින් ලැබෙන යුධමය වාසි අතර ප්‍රමුඛවෙනවා.

මෙම ක්ශුද්‍ර රොබෝ යානාවල දැනට ඇති එක් අඩුපාඩුවක් නම් ඒවා හැසිරවීමට ඇති අපහසුවයි. මෙම අවාසිය මගහරවාගැනීම සඳහා විද්‍යාඥයින් දැන් අධිවේගී ඩිජිටල් කැමරා ආධාරයෙන් සමනලුන්. මී මැස්සන් වැනි කෘමි සතුන්ගේ පියාසර ක්‍රියාවලි ඉතා සූක්ශමව අධ්‍යයනය කරමින් සිටිනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ සමනලුන් හෝ මී මැස්සන් මෙන් තටු ගසමින් ඉතා වේගයෙන් ඒ මේ අත පියාසර කරහැකි ක්ශුද්‍ර රොබෝ යානයක් ඉතා ඉක්මණින් නිර්මාණය කිරීමයි.

අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු ආචාර්‍ය උපාධිය සඳහා පර්යේශන පවත්වන ටිරාස් ලින් මෙවැනි එක් පර්යේශකයෙක්. ඔහු සිය ආචර්‍ය උපාධි නිබන්ධනය සඳහා සමනල්ලුන්ගේ පියාසර හැකියාවන් අධිවේගී ඩිජිටල් කැමරාවක් මගින් අධ්‍යනය කරන්නේ වඩාත් කාර්යක්ශමව පියාසර කල හැකි රොබෝ සමනලුන් නිර්මාණය කිරීමේ අභිලාශයෙන්.

ලින් හා ඔහුගේ සහායක ලින්සියාඕ සෙන්ග්, තත්පරයකට ඡායාරූප 3000ක් ලබාගත හැකි අධිතාක්ශණික කැමරා තුනක් ආධාරයෙන් මෙම අධ්‍යයනය සිදුකරනවා.




source

Code:
http://vidya-gaweshana.blogspot.com/2012/02/robotic-spy-butterflies.html
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    16 කියලා දැම්මට රෙප් දෙන්න බැරි උනා 24 ඉන්නලු පස්සෙ දෙන්න හිටිය නිසා පොස්ට් එක වෙනස් කරෙ නැහැ
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    16 කියලා දැම්මට රෙප් දෙන්න බැරි උනා 24 ඉන්නලු පස්සෙ දෙන්න හිටිය නිසා පොස්ට් එක වෙනස් කරෙ නැහැ

    :cool: