ලංකාවෙ ඒජන්සි වලට ජොබ් ඔෆර් එනව. උබට මොකක් හරි ස්කිල් එකක් තියනවනම් ඒකට හරියන්න ජොබ් තියනවද බලන්න. එහෙම නැත්නම් ඔය factory worker වගේ ජොබ් වලට ලොකු qualification එකක් ඕනෙ නෑ. ගිහින් දවසෙන් දෙකෙන් වැඩ අල්ල ගන්න පුලුවන්. හැබයි පුතෝ කට්ට ගොඩක් තැන් වල. මම ඉන්නෙ ටයර් කම්පැනි එකක Machine operator කෙනෙක් විදිහට දවසට පැය 10 වැඩ. ඔක්කොම Machine එකෙන් උනාට ඉතින් පැය 10 වගේ හිටගෙන. Food, Accommodation, Medical ඔක්කොම Company එක ගානෙ දෙනව. බොරු දේවල් වලට වියදම් කරන්න නැත්නම් සැලරි එකෙන් හොද ඉතුරුවක් කරන්න පුලුවන්. මෙහෙ අරක්කු පට්ට ගනන් අඩුයි. බොන්න සෙට් උනොත්නම් පුතෝ ඉවරයි ඉතින්. රට ගැන කියනවනම් අවුලක් නෑ රුමේනියන් උන්ට වඩා ලංකාවෙ උන් ඉන්නවද කොහෙද දැන්.

මාත් එක්කම ආපු එකෙක් වැඩ කරන තැන ලංකාවෙ උන්ම 200 විතර ඉන්නව. මෙහෙ බහුතරයක් උන් රේසිස්ට්. young generation එක හොදයි. මෙහෙ උන්ගෙ කෑම බල්ලෙක්ට කන්න බෑ එනවනම් කෑම ටිකක් හදාගන්න ඉගෙනගෙන වරෙන්.