'රෝස කැලේ' මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ඇතුළු දිවයින පුරා ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වන නවතම චිත*්*රපටයයි. ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් මෙය අධ්*යක්ෂණය කළේ සංජය නිර්මාල්.
මේ වන විට රෝස කැලේ පිපී දිලෙන නිම්සරා පිළිබඳව කවුරුත් කතා කරනවා. සමාජ අසාධාරණයට ලක්වූ ළමයින් පිරිසක් ආදරයෙන් රැක බලා ගන්නා නිම්සරා එම චිත*්*රපටයේදී, ආදරණීය ගුරුවරියක්.
නිම්සරා කියන ගුරුතුමියට ජීවය දෙන්නේ කව්ද? ඇය අපට හුරු පුරුදු මුහුණක් වගේ. එහෙත් මෙරට දමිළ පෙ*්*ර්ක්ෂකයන් අතර නම් ඇය ආගන්තුක නොවේ.
ද්*රවිඩ, තෙලිඟු, කන්නඩ, මලයාලම්, චිත*්*රපට 35 කටත් අධික සංඛ්*යාවක රංගනයේ යෙදුණු ඇය මේ වන විටත්, ලංකාවේදී පෙන්වූ දමිළ චිත*්*රපට කීපයකම රඟපා තිබෙනවා.
රෝස කැලේදී නිම්සරා වූ ඒ දකුණු ඉන්දීය නිළිය ගේ රුවිනුයි අද රසඳුන කවරය මෙසේ හැඩ ගැන්වී ඇත්තේ.
නමින් ඇය මොනිකා මරුතිරාජ්ය.
'අලගී' චිත*්*රපටයේ නන්දිතා දාස්ගේ චරිතය නිරූපණය කරමින් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මානය පවා දිනා ගනු ලැබුවා. විජය කාන්ත්ගේ 'මචාන්' හි, රේවති වීම නිසාම ඇය 1996 ඉන්දියානු රාජ්*ය සම්මානය පවා හිමි කර ගත්තා.
මොනිකා දකුණු ඉන්දීය ළමා නිළියක් ලෙස ක්ෂේත*්*රයට ආවේ අවුරුදු 4 දීය. ඉන්දියාවේ චෙන්නායි වල පදිංචි ඇය තවමත් අවිවාහකය.
"මගේ පළමු සිංහල චිත*්*රපටය රෝස කැළේ. මම හරිම ආසාවෙන් ඊට දායක වුණේ. මේ වන විට හොඳ ප*්*රතිචාර ලැබෙනවා.
ඉදිරියේදීත් සිංහල චිත*්*රපටවලට දායක වෙන්න මම කැමැත්තෙන් ඉන්නවා." මොනිකා පවසන්නීය.
