Rottweiler Lovers

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    රෝත්වයලර් බල්ලො ගැන Thread එකක් ලියන්න කියල හිතුන.රෝත්වයලර් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇතිකරන බ්රීඩ්‍ එකක්.තව සමහර අය මෙයාව ඇතිකරන්න බයයි.මට නම් කියන්න තියෙන්නේ මෙයා ඔය කියන තරම් වස නෑ.මොකද මගේ ගාවත් එකෙක් ඉන්නවා.ඕනෑම බල්ලෙක් අපිට වස වෙන්න හදන්න පුළුවන් උව ගැටගහල හැදුවොත් ඕනෑම බල්ලෙක් වස වෙනවා.හරි දැන් මෙයා ගැන විස්තර ටිකක් බලමු.
    25a6mtu.jpg

    2hzpfs7.jpg

    2mpn049.jpg

    මෙයාගේ ඔරිජින් එක එහෙමත් නැත්නම් උප්පත්තිය ජර්මනියයි.ජර්මනියේ මෙයාව හදුන්වන්නේ Rottweiler Metzgerhund ඔය ජර්මන් භාෂාවෙන් හදුන්වන විදිය.ඒක ඉංගිරිසියට හරවපුවම තේරුම Rotweil Butchers නමින්.එහෙම හදුන්වන්න හේතුව මෙයා 19 වන දශකය වෙනකන් ජර්මනියේ ගොවිපොළවල් වල බැටළුවෝ,හරක් වගේ Livestock බලාගන්න නිසාත් තව මෙයා මස් වෙලෙන්දොන්ගේ මස් රැගත් කරත්ත ඇදගෙන යන්න යොදාගෙන තියෙනවා.වර්තමානයේ රෝත්වයලර් බල්ලො Search & Rescue සහ Police Dogs සදහා යොදාගන්නවා.
    මෙයාලට කියන නික් නෙම්ස් තමා -Rottie , Rott
    හොදින් වැඩුනු පිරිමි සතෙකුගේ බර 50–60 kg වන අතර උස 61–69 cm (24–27 in) වේ
    හොදින් වැඩුනු ගැහැණු සතෙකුගේ බර 35–48 kg වන අතර උස 56–63 cm (22–25 in) වේ
    මෙයාලා Black & Tan සහ Black & Mahogany පාට දෙකකින් ඉන්නවා.

    hx5gk7.jpg

    මෙයාලගේ Life Span එක අව්රුදු 8-10 විතර තමා

    dopenr.jpg

    1.Head (eyes)
    2.Snout (teeth, tongue)
    3.Dewlap (throat, neck skin)
    4.Shoulder
    5.Elbow
    6.Forefeet
    7.Highest Point of the Rump
    8.Legs (thighs and hips)
    9.Hock
    10.Hind feet
    11.Withers
    12.Stifle
    13.Paws
    14.Tail

    5md7j6.jpg

    මෙයාල ගැන වැඩිදුර විස්තර දැනගන්න මේක බලන්න

    සලකල යන්න ..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය බල්ලව ඇත්තටම හදන්න අමාරැයි සාමානය කෙනෙක්ට.... බල්ලෙක් හදන්නත් ඒ ගැන දැනුවත් වෙන්න ඕනි....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,255
    45,177
    113
    මටනම් සෙට් වෙන්නේ නැහැ.කොයි වෙලාවෙත් කට ඇරන් ඉන්නේ කිබුලා වගේ..
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මටනම් සෙට් වෙන්නේ නැහැ.කොයි වෙලාවෙත් කට ඇරන් ඉන්නේ කිබුලා වගේ..

    මම නම් ආසා බ්රීඩ් එකක් මචන්,මම ජර්මන් ෂෙපර්ඩ්,රිජ් බැග් ,ඩොබර්මන් හදල තියෙනවා.දැනට හදපු හොදම බ්රිඩ් එකක්.බුල් මස්ටිෆ් කෙනෙක්ටත් ආසාව තියෙනවා ගෙදරින් කරදරේ නැත්නම් හදනවා.හුරතල් බල්ලොන්ට මම ආස නෑ,බූල් තියෙන එවුන්ටත් වැඩි කැමැත්තක් නෑ :)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,255
    45,177
    113
    මම නම් ආසා බ්රීඩ් එකක් මචන්,මම ජර්මන් ෂෙපර්ඩ්,රිජ් බැග් ,ඩොබර්මන් හදල තියෙනවා.දැනට හදපු හොදම බ්රිඩ් එකක්.බුල් මස්ටිෆ් කෙනෙක්ටත් ආසාව තියෙනවා ගෙදරින් කරදරේ නැත්නම් හදනවා.හුරතල් බල්ලොන්ට මම ආස නෑ,බූල් තියෙන එවුන්ටත් වැඩි කැමැත්තක් නෑ :)

    :Dඔව් එක එක්කෙනාගේ කැමත්තනේ..:)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මම නම් ආසා බ්රීඩ් එකක් මචන්,මම ජර්මන් ෂෙපර්ඩ්,රිජ් බැග් ,ඩොබර්මන් හදල තියෙනවා.දැනට හදපු හොදම බ්රිඩ් එකක්.බුල් මස්ටිෆ් කෙනෙක්ටත් ආසාව තියෙනවා ගෙදරින් කරදරේ නැත්නම් හදනවා.හුරතල් බල්ලොන්ට මම ආස නෑ,බූල් තියෙන එවුන්ටත් වැඩි කැමැත්තක් නෑ :)

    uba wal ballek hadala na ne... un thama patta :love::lol: