Royal wedding after 30 years -විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්&

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Royal wedding after 30 years -විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්&


    විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්‍යයට එංගලන්තය මේ වන විට සියල්ල සුදානම් කරමින් පවතිනවා.:yes::yes::yes:
    william%2Blast%2Bappearance.jpg

    මාර්ග සරසමින් පෙර පුහුණුවීම්, ආහාර පාන සාදමින් මේ වන විට ඉතාම යුහුසුළුව සිදුවන බව අපිට දකින්නට පුළුවන්!:):)

    මේ ඒ පිළිබඳ තවත් තොරතුරු ටිකක්.. :)
    තොරතුරු අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...
    :yes::yes:

    කියවන්න ඒ වාගේම අදහසක් දාලා යන්න කියලත් කියනවා..:):)
    cropped-Header.jpg


    එංගලන්තයේ අවුරුදු 30 කට ආසන්න කාලයකට පසුව පැවැත්වෙන විශාලම වු රාජකීය මංගල්‍යය මෙයයි.

    :yes::yes::yes:
    2011/04/29 දින මේ විවාහය, අවුරුදු 1000කට වැඩි වන ඉතිහාසයක් සහිත වු ලන්ඩනයේ පාර්ලිමේන්තුව අසල ඇති ශාන්ත පීතර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවත්වීමට නියමිතයි.
    westminster-abbey.jpg


    දේවස්ථානය කරා විලියම් කුමරු 10.15 ටද, කේට් 10.51 ටද පැමිණීමට නියමිත අතර උදෑසන 11.00ට විවාහය සිදුකරනු ලබයි.:nerd::nerd:
    මෙය මේ දෙවස්ථානයේ පවත්වන 15 වන රාජකීය විවාහයද වේ.
    තවත් විශේෂත්වයක් වන්නේ එලිසබෙත් රැජිණ හා පිලිප් කුමරුගේ විවාහයද, ඩයනා කුමරියගේ අවසන් කටයුතු සිදුකෙරුණෙත් මේ දේවස්ථානයේදීයි.

    :):):):)

    එදින දහවල් 1.35 වන විට නව යුවල බකිංහැම් මාලිගයේ සදළු තලයේ පෙනී සිටිනු ඇත.

    ශාන්ත පීතර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය හා එහි ඇතුලත 3D ආකාරයෙන්....

    click Here for You Tube



    රාජකීය මංගල්‍යය වෙනුවෙන් අප්‍රේල් 29 දින එංගලන්තයේ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කර ඇත.
    :cool::cool:

    චාල්ස් හා ඩයනා විවාහයට පසුව පැවැත්වෙන්නා වු විශාලම රාජකීය විවාහය වන මෙහි උත්සව අවස්ථාවන් ලෙස විශාල පොප් සංගීතයක්,මහා මාර්ගයන්හි සාද මෙන්ම රාජකීය ගුවන් හමුදා සංදර්ශණයක්ද පැවැත්වීමට සුදානම් කර ඇත.

    මාර්ග සරසා ඇති අයුරු..:eek::eek:
    _52307599_pub_afp.jpg


    6a00d83455d78069e2014e610d27ab970c-800wi


    විවාහයේ දී දෙවන මනමාලයා ලෙස සොහොයුරු හැරී කුමරුද, යෙහෙලිය ලෙස කේට් ගේ සොහොයුරිය පිලිපා මිඩිල්ටන් ද සිටින අතර මල් කුමර කුමරියන්ද 06 දෙනෙක් ද සහභාගි වේ.
    ;););)
    හැරී කුමරු
    prince_harry_lady_gaga01.jpg


    පිලිපා මිඩිල්ටන්
    gty_pippa_middleton_mw_021108_mn.jpg

    විවාහය සඳහා වන සියලුම වියදම් පවුල් දෙකම සාමුහිකව සිදුකරන අතර එසේ කරන්නාවු මුල්ම අවස්ථාව මෙය නොවේ...:no::no:
    ඒ චාල්ස් ඩයනා විවාහයේදීත් මේ ආකාරයට ම සිදුකල නිසායි..:yes:
    මේ සියලු කටයුතු වලට ඇ.ඩො.බිලියන 7.9ක් එනම් පවුම් බිලියන 500 ක් වියදම් කිරීමට සුදානම් වේ.
    :shocked::shocked:

    අමුත්තන් 1900 කට ආරාධනා කර ඇති අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ 50 දෙනෙක්ද, විදේශ රජ පවුල් වල 40 දෙනෙකුද ආරාධනා ලබා ඇති අතර සම්මත වු නිතිය අනුව විදේශ රටවල නායකයන් ලෙස ආරාධනා ලබන්නේ එම නායකයින් රජ පවුලක සමාජිකයන් වෙනවා නම් පමණකි.
    73450008-invitation-card.jpg

    හත්වන එඩ්වඩ් රජු 1902 සාදන ලද අශ්ව කරත්තයෙන් විවාහ යුවල දේවස්ථානයේ සිට බකිංහැම් මාලිගාවට තෝරා ගත් මාර්ගයේ යෑම සිදුවන අතර අශ්වයින් 06 දෙනෙකු කරත්තය ඇදගෙන යාම සිදුකරයි.
    Open-top-coach.jpg

    එදින වැසි දිනයක් වුයේ නම් 1881 දි සැදු විදුරු කුටියකින් මේ කරත්තය ආවරණය කරනු ඇත.1911 දි පස්වන ජොර්ජ් රජුගේ පදවි ප්‍රාප්තියට මෙය යොදා ගන්නා ලදි. කරත්තයට ඉදිරියෙන් අශ්වයින් 18 ගමන් කරනු ඇත.


    විවාහා පෙරහැරේ ගමන් මාර්ගය ජයාරූප හා ගුගල් 3D ආකාරයෙන්....

    Royal-Wedding-Procession-Route.jpg


    3D Google Map tour of the royal wedding route

    click Here for You Tube

    ලොව පුරා බිලියන 02 පමණ ජනතාවක් මේ රාජකීය විවාහය රූපවාහිනියෙන් නරඹනු ඇති අතර ජයාරූප මිලියන 327 පමණ ගනු ඇතැයිද බලාපොරොත්තු වේ.. :eek::eek:
    මේ වන විටත් පෙරහැර යන ගමන් මග දෙපස නිවාස විවාහය නැරඹීමට පැමිණෙන අය ඉතා ඉහල මුදල් වලට වෙන්කර ගෙන ඇත.
    :):)

    ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවුම් කෝටි 02 වියදම් දරමින් පොලිස් භටයන් 5000ක් හා පොලිස් සුනඛයින් යොදා ගනිමින් ආරක්ෂාව සඳහා සියලු කටයුතු සිදුකරමින් සුදානම්ව සිටී.
    :yes::yes::yes:
    scotland_yard_1154669c.jpg

    කේට් මිඩ්ලේටන් රජ පවුලකින් පැවත නොයෙන අයකු නිසා විවාහයෙන් පසුව ඇය රජ කුමරියක ලෙස නොව
    “ වේල්සයේ කුමරිය“ ලෙස හදුන්වනු ඇත.ඩයනා කුමරිය හැදින්වුයේද වේල්සයේ කුමරිය ලෙසයි.. :eek::eek:
    රජ කුමරිය ලෙස හැදින්වීමට නම් ඇයට රජ පවුලට ලේ නෑ සබඳතාවයක් තිබිය යුතුවේ..
    :nerd::nerd:

    මහරැජිණ කේට් පවුල රජ පවුලට සම්බන්ධ කරවීම සඳහා මාලිගාවේ විශේෂ පදවි පිරිනමා ඔවුනටම විශේෂ වු ලාංජනයක් ද පිරිනමයි..
    මෙහි තිබෙන්නේ එම ලාංජනයයි.

    article-0-0BB106D400000578-20_306x376.jpg


    විලියම් කුමරුගේ රාජකීය ලාංජනය
    article-0-0BB106C000000578-356_306x376.jpg


    දැනටමත් එක එක ආකාරයේ සිහිවටන මේ වන විටත් විලියම් හා කේට් යුවලගේ විවාහය වෙනුවෙන් නිර්මාණය කරලා...
    ඒ සඳහා නිකුත් කල මුද්දර ද ඇතුලත්! මේ එයින් කිහිපයක්..
    :eek::eek:
    2011-UK-Royal-Wedding-Kate-Middleton-Prince-William-Postage-Stamps.jpg


    Prince-Willam-And-Kate-Stamp-201111.jpg


    Prince-William-and-Kate-M-007.jpg


    773287-1_38efe9211e066e01b4429c6e1d9f8331.jpg


    ලොව පුරා බිලියන ගණනාවක් බලා සිටින මෙම විවාහය චාල්ස් ඩයනා විවාහයේ දික්කසාදයෙන් ඇති වු අදුර මකා දමමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ විශ්මය ලොවට කියාපාන අනගිතම අවස්ථාවක් ලෙස දැක්විය හැක.
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මේක නම් කොහොම හරි බලන්න ඕනේ...........ලංකාවේ channel වල පෙන්නය්ද??????නැත්නං online link එකක් වත් හොයල දෙන්නකෝ බලන්න.......