සාමාන්‍ය table fan එකක් 50W විතර වෙනවා. laptop එක 60W, monitor එක 40W විතර කියල ගත්තොත්. ඔක්කොම 150W වෙනවා.
ඒකට watt's law දැම්මම, 12V 12.5Ah බැටරි එකක් ඕනේ ඔය ටික පැයක් දුවන්න.
lead acid battery ගත්තොත් ඒක 50% ට වඩා discharge කරොත් damage වෙන හින්දා බැටරියේ Ah ගානෙන් බාගයක් විතරයි පාවිච්චි කරන්න පුලුවන්. ඒක නිසා බැටරි දෙගුනයක් කරන්න ඕනෙ. තව inverter එකේ loss එකයි, වයර් වල loss එකයි 10%ක් ඇරියම 27.5Ah විතර battery එකකින් පැයක් විතර දුවන්න පුලුවන්.
පැය දෙකක් දුවන්න ඕන්නං 12V 55Ah
පැය බාගයක් දුවන්න ඕන්නං 12V 13.75Ah