Russia to sign deal on S-400 shipment to India

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,332
    113
    714face9e10b7a68ce800edbef1f4a59.jpg

    රුසියානු හෙලිකොප්ටර් යානා දෙසීයක් ඉන්දියාවේදී නිෂ්පාදනය කිරීමට රුසියාවේ සහ ඉන්දියාවේ නායකයන් එකඟතාවයකට පැමිණ ඇත.මෙම එකඟතාව ඉන්දියාව තම ආරක්ෂක බලය ඉතා උසස් මට්ටමට නවීකරණය කිරීම පිණිස කරන අති විශාල ආයෝජනයේ එක් පියවරකි.උසස් තාක්ෂණයෙන් යුතු ගුවන් ආරක්ෂක පද්ධතියක් ඉන්දියාවට ලබාදීමද මේ එකඟතාවය අනුව සිදුවනු ඇති බව ක්‍රෙම්ලින් බලධාරියෙකු වන යූරි උෂකොව් මීට පෙර පවසා තිබුණි.S-400 මිසයිල යනු මොස්කව් පාලනය සතු වඩාත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් යානා ආරක්ෂක පද්ධතිය බව පැවසෙයි.

    මෙම සති අන්තයේ දී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් යුතුව ගෝවේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සහභාගීවන BRICS සමුළුවය.මෙම සතිය මුල දී ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේ පුළුල් පරාසයකට අයත් වෙළෙඳ සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අගමැති මෝඩි සමග සාකච්ඡා කෙරෙනු ඇති බවය.S-400 වර්ගයේ ගුවන් මිසයිල පද්ධති ජනාධිපති බෂාර් අල් අසාද් ගේ රජයට සහය ලබාදීම සඳහා ක්‍රියාත්මක වන රුසියානු හමුදා විසින් සිරියාවේදීද භාවිතා කරමින් පවතී.'සීතල යුද්ධය' පැවති සෝවියට් පාලන සමයේ දී ඉන්දියාව සහ රුසියාව ඉතා කිට්ටු මිතුරන් වූ අතර මෑතක සිට දෙරටේ සබඳතා සංඛීර්ණ තත්වයකට පත්ව ඇත.



    bbc-blocks-dark.png
     
    Last edited: