අලුත් updates දෙන්නම් මන් පුලුවන් ඉක්මනට.දැනට උන ටික දාන්නම්,
1)
-දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට ජනාධිපති ව්ලදිමීර් පුටින් සූදානම් වන බව වාර්තා වේ.
-තමන් නුදුරේදීම දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීමට අදහස් කරන බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රංශ සහ ජර්මානු නායකයින් වෙත ප්‍රකාශ කර තිබෙනවා.
-දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා විසින් එහි 1995-2004 අතර උපන් පුද්ගලයන් යුධ සේවයට කැඳවා ඇතැයි වාර්තා වනවා.
-රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් යුක්‍රේනයට එරෙහි දැවැන්ත ආක්‍රමණයකට සැරසෙන්නේ යයි තමන් විශ්වස කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.
රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පනවන බවත් ඒ පිළිබඳ අද හෙළි කරන බවත් ඔහු කියා සිටිනවා.
-දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගනු ලබන්නේ ඒවා 2014 දී නිදහස ප්‍රකාශ කළ මායිම්වලට යටත්ව බව ක්‍රෙම්ලීනය පවසනවා.
-යුක්‍රේනයේ සිය තානාපති නිලධාරීන් රටින් පිටවීම ඇරඹූ බව රුසියාව පවසනවා.මේ අතර යුක්‍රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු යයි එරට ආරක්ෂක කවුන්සිලය නිර්දේශ කර තිබෙනවා.
-පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මොස්කව් නුවර සංචාරයක් සඳහා පිටත්වෙයි.
-රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දොන්බාස් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත්කරයි. ඔහු කියා සිටියේ එය දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩුවල ආරක්ෂාව උදෙසා ක්‍රියාවට නැගෙන බවයි.
-යුක්‍රේන හමුදා ඉලක්ක වෙත පහරදීම් සිදුවූ බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියයි
-රුසියාව බෙලරූස් හි සහය ද ඇතිව සිය දේශසීමාවට පහර දුන් බව යුක්‍රේනය කියයි
-යුක්‍රේනය අත තිබූ තම භූමි ප්‍රදේශ මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹූ බව ස්වයං ප්‍රකාශිත ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ජනතා මිලීෂියාව කියයි.

Last edited: