Horror as Russian ambassador to Turkey is shot dead in art exhibition in Ankara by well-dressed gunman screaming: 'Allahu Akbar... We die in Aleppo, you die here'
තුර්කියේ සිටි රුසියානු තානාපතිවරයා තුර්කියේ අගනුවර වන අන්කාරා හිදි වෙඩි තබා ඝාතනය කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
ඇන්ඩ්‍රි කාර්ලොව් නම් මෙම තානාපතිවරයා තුර්කියේ අගනුවර පැවති ඡායාරූප ප්‍රදර්ශනයක කතාවක් සිදුකරමින් සිටි අවස්ථාවේදි ඔහුගේ පිටු පසින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් තානාපතිවරයාට වෙඩි තබා ඇත. මෙම ඝාතනය සිදුව ඇත්තේ තුර්කි වේලාවෙන් සඳුදා(19) පස්වරු 7.30ට පමණය.
මෙම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා වැදගත් පුද්ගලයෙකු ලෙස මෙම උත්සවයට පැමිණ ඇති අතර ආරක්ෂක අංශවල අවධානය ගිලිහී ගිය අවස්ථාවක තමාගේ ඉලක්කය වූ තානාපතිවරයා වෙත ළඟාවී ඇත.
තානාපතිවරයාට ළඟාවීමෙන් පසුව අල්ලාහු අක්බර් යනුවෙන් කෑගසා තානාපතිවරයාට වෙඩි තැබීම ආරම්භ කර ඇති අතර වෙඩි වාර අටක් පමණ එල්ල කර ඇත.
“අපි ඇලෙප්පෝවේ මැරෙනවා, ඔබ මෙහේ මිය යා යුතුය“ යනුවෙන් තුවක්කුකරු විසින් ප්රකාශ කර ඇත.
ක්ෂණිකව ක්‍රියාත්මකවූ තුර්කි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම තුවක්කුකරුව වෙඩිතබා ඝාතනය කළ බව තුර්කියේ එන්.ටී.වී රූපවාහිනී සේවය වාර්තා කළේය.
රුසියානු විදේශ අමාත්යාංශය නිල වශයෙන් මෙම තානාපතිවරයාගේ ඝාතනය කිරීම තහවුරු කර නොමැත.
නමුත් තුර්කි තානාපතිවරයාට නාදුනන තුවක්කුකරුවකු විසින් උත්සවයකදී වෙඩිතබා ඇති බව රුසියානු විදේශ අමාත්යාංශ ප්රකාශයකු වන මාරියා සකරෝවා ප්රකාශ කළාය.
මෙම සිද්ධිය සම්බන්ධව තුර්කි නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බව ඇය තවදුරටත් ප්‍රකාශ කලාය.
Altintas shouts ‘Allahu akbar [God is great]’ as Andrei Karlov lies dying on the floor after the fatal gallery shooting
Bloodied end: An image of the gunman, lying dead on the floor of the art gallery

Last edited: