S 13 Train.......awa.. awa...

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඉන්දියාවෙන් ලංකාවට අලුත් දුම්රිය දෙකක්
    image_90373fbf16.jpg



    image_90373fbf16.jpg


    ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ටග්‍රාල් කෝච් ෆැක්ටරියේ (Integral Couch Factory) නිෂ්පාදිත නවතම බලවේග කට්ටල දෙකක් සහ වරණාසිහි DLW සමාගමේ නිෂ්පාදිත නවතම එන්ජිමත් මේ වන විට ලංකාවේ දුම්රිය අංගණ​ දෙකකට පැමිණ හමාරය. ඒ මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයට හා මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටය.

    ලංකාවට ඒමට පෙරම නම් තබයි.

    ලංකාවට ගෙන්වන සෑම දුම්රියක්ම, එන්ජිමක්ම දේශීය අංගණයකට උරුමකම් කියයි. ඒ අනුව මෙම නව බලවේග කට්ටල නම් කෙරී ඇත්තේ S (එස්) 13 ලෙසටය. නව එන්ජිම නම් කර ඇත්තේ M-11 ලෙසිනි.


    මෙයට පෙර ලංකාවට අවසන් වරට ගෙන්වන ලද චීන බලවේග කට්ටල නම් කර තිබුණේ S-12 නිසා නව බලවේග කට්ටලය S-13 වන අතර අවසන්වරට ගෙන්වන ලද එන්ජිම M-10 වන නිසා නව එන්ජිම M-11 ලෙස නම් කර තිබේ.


    මාසයක් දෙකක් තිස්සේ මෙරට දුම්රිය ලෝලීන් අපේක්ෂා සහගතව බලාසිටියේ මෙම දුම්රිය ආගමනය දෙසයි. ඉකුත් සතියේ කොළඹ වරායට පැමිණි මෙම දුම්රියන් ඉකුත් හය වෙනිදා පෙරවරුවේ වරායේ සිට ඔරුගොඩවත්ත දුම්රිය අංගණයට ඇදගෙන ආවේ වෙනත් දුම්රිය එන්ජිමක ආධාරයෙනි. එයට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ ද සම්බන්ධ වූහ.


    පරීක්ෂණ ධාවනයන්ට එක් කරයි.

    එදිනම පස්වරුවේ එම බලවේග කට්ටල දෙක මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයටත්, එන්ජිම මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටත් ගෙනියන ලදී. ඉකුත් සිකුරාදා පෙරවරුවේ එක් බලවේග කට්ටලයක් සිය ලංකා සවාරියේ මංගල ගමන රත්මලාන ධාවනාගාරයට ගියේ ඉන්දියානු දුම්රිය විශේෂඥ ශිල්පීන් හා ලාංකීය දුම්රිය විශේෂඥයින් පිරිවරාගෙනය.
    ඒ රත්මලාන අංගණයේ දී මුළු දුම්රියම සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා මාසයක් දෙකක්වත් ගතවනු ඇත. ඉන් අනතුරුව පරීක්ෂණ ධාවනය සිදු කර මෙය ලංකාවට ගැළපෙන්නේ ද නැද්ද පිළිබඳව තීරණය කෙරේ. එය නව එන්ජිමට ද අදාළය. නමුත් මෙතෙක් ලංකාවට ගෙනා දුම්රියවල පරීක්ෂණ ධාවනයන් අසමත් වී නොමැති නිසා මෙම දුම්රියන් ද එසේ අසමත් නොවනු ඇතැයි දුම්රිය බලධාරීන්ගේ මතයයි.


    මක්නිසාද යත් මෙම නව දුම්රිය ඩීසල් එන්ජිම හා බලවේග කට්ටල ලංකාවේ භූගෝලීය සාධක හා දුම්රිය මාර්ගවල තත්ත්වයන් පදනම් කරගෙන හා මූලික පර්​ යේෂණවලින් අනතුරුව ගැළපෙන පරිද්දෙන් නිපදවා ඇති නිසාය. ඉන්දියානු රාජ්‍ය සමාගම් දෙකක මෙම දුම්රිය නිපදවා තිබීම තවත් සුවිශේෂීය.


    මෙම දුම්රිය නිපදවන සමාගම් එරට උසස් කීර්තියක් ඉසිලූ සමාගම් බව ද කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු විදෙස් සැපයුමට උරුමකම් කියනුයේ ද ශ්‍රී ලංකාවය. ඒ ණය ආධාර ලබාදෙන රටින්ම දුම්රිය මිලට ගත යුතු යැයි කොන්දේසියක් පවතින නිසාය.


    කෙසේ වෙතත් මෙම දුම්රියන් වරායේ සිට ඔරුගොඩවත්ත දක්වා ගෙන්වීමට එකී දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමට ද සිදුවිය. 2013 දී S-12 බලවේග කට්ටල ගෙන්වීමෙන් පසු මේ වනතෙක් එම මාර්ගය භාවිත නොකළ නිසා එය බෙහෙවින් විනාශ වී තිබිණි.


    දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර ටී. මැණික් පුරගේ මහතා පැවසුවේ අනවසර පදිංචිකරුවන් මෙම මාර්ගයට සිදුකර තිබූ අධික හානිය නිසා දෙපාර්තමේන්තුවට දැඩි අලාභයක් සිදු වූ බවකි. කෙසේ වෙතත් මෙම මාර්ගය ඉදිරියේ දී ගෙන්වන දුම්රියන් ධාවනයට වඩා පහසු ආකාරයට නවීකරණය කර තිබේ.


    image_9716427bdb.jpg



    අලුත් සාමාජිකයන්ගේ තතු

    එම් - 11 දුම්රිය එන්ජිම මීටර 21ක් එනම් අඩි 72ක් දිගු වන අතර බර ටොන් 120කි. එය මෙරටට ගෙන්වා ඇති අනිකුත් එන්ජිම්වලට වඩා දිගින් හා බරින් වැඩිම දුම්රිය වී තිබේ. එය උඩරට මාර්ගයට නොගැළපේ යැයි ඒ සමගම තවත් අදහසක් මතුව තිබේ.


    ද්විත්ව රියැදුරු කුටි සහිත වූ M-11 මාදිලිය අපගේ M-5 එන්ජිමට සමානය.


    මෙම නව M-11 එන්ජිමට අඩි 45ක දිගින් යුතු දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ඇදගෙන යා හැකි ආකාරයට නිපදවා තිබේ. ලංකාවේ දුම්රිය මාර්ගවල තත්ත්වය හා ගුණාත්මක බව අනුව ලංකාවේ ඇදගෙන යා හැකි උපරිම මැදිරි ගණන 17කි.


    මෙය ද්විත්ව පහරේ එන්ජිමක් වන අතර පෙරදි ගෙන්වන ලද M-6 දුම්රිය මෙන් මෙය ද දෝෂ අඩු එන්ජිමක් යැයි දුම්රිය බලධාරීහු උපකල්පනය කරති. ද්විත්ව පහරේ එන්ජිමක් මෙරටට වසර 25කින් පමණ ගෙන්වා නොමැති බව ද ඒ සමගම කියැවේ. කෙසේ වෙතත් මෙම නව එන්ජිම නවීන තාක්ෂණය ඉතා ඉහළින් භාවිත කරමින් නිපදවා ඇති බව දුම්රිය බලධාරීන්ගේ අදහසය.


    නව එස් - 13 බලවේග කට්ටලය නිපදවා ඇති ICF සමාගම ජර්මානු LHB (Link Hofman Busch) සමාගමේ තාක්ෂණය අනුව මුලින්ම සිය නිෂ්පාදනයන් සිදු කර ඇත. දැනට ජර්මානු සමාගම හා සමාන ගුණාත්මක බවින් යුතු දුම්රිය නිපදවන තරමට එම කාර්යයන් දුරදිග ගොස් ඇත.


    කෙසේ වෙතත් මෙම නව බලවේග කට්ටල Anti Telescopic තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා අනතුරක දී පෙරළී යෑමේ අවදානමක් නැත. එය ලාංකිකයන්ට නම් සුබ ආරංචියක් වනු ඇත. මන්දයත් මින් පෙර ඉන්දියානු S-11 මොඩලය වේගවත් හා පහසු වුවත් එයට අනතුරක දී සිදුවන හානිය වැඩි නිසා දුම්රිය සේවකයන් පමණක් නොව දුම්රිය මගීන් ද දැක්වූයේ හිතකර ආකල්පයක් නොවේ.


    මෙම නව බලවේග කට්ටල ද්විත්වය මැදිරි 13කින් සමන්විතය. ඒ එක් කට්ටලයක මැදිරි 07ක් හා අනික් කට්ටලයේ මැදිරි 06ක් වශයෙනි. මේ එක් කට්ටලයක එන්ජිමක් බැගින් තිබෙන අතර එක් කට්ටලයක ආකෘති (ඩමි) මැදිරියක් ද තිබේ. අධික වේගය හා මළ නොබැඳෙන සුදු යකඩින් මෙය නිපදවා තිබීම ද තවත් සුවිශේෂී තත්ත්වයකි.


    තවද S-13 සුවිශේෂී අනික් කාරණය වනුයේ මෙහි වායු සමීකරණ මැදිරිය බැගින් පිහිටීමත්ය. ඒ සෑම මැදිරියකම රූපවාහිනි තිර ද දුරකතන ආරෝපණ පහසුකම් ද තිබීම තවත් සුවිශේෂීය. අනික් සෑම මැදිරියකම නැරඹිය හැකි ඩිජිටල් තිර තිබෙන අතර එය GPS තාක්ෂණයෙන් සමන්විතය. එම නිසා දුම්රිය ගමන් කරන ධාවන වේගය, වේලාව හා සිටින ස්ථානය ද මෙම පුවරුවල සෑම මොහොතකම දර්ශනය වන ආකාරයට සකසා ඇති නිසා දුම්රිය ලෝලීන්ට හා දුම්රිය මගීන්ට එය නව අත්දැකීමක් ද වනු ඇත.


    මෙම බලවේග කට්ටලයේ එක් මැදිරියක් අඩි 65ක දිගින් යුතු වන අතර මෙරටට ගෙන්වන ලද දිගින් වැඩිම බලවේග කට්ටලය ලෙස ද මෙය නම් කෙරී ඇත. මෙම බලවේග කට්ටල ද්විත්වයම එක්කර තනි දුම්රියක් ලෙස ධාවනයට එක් කිරීමට ද නියමිතය.


    එ් අනුව ඉදිරියේ දී පරීක්ෂණ ධාවන අනුව සාර්ථකම ප්‍රදේශයට මෙම දුම්රිය එක් කරනු ඇත. බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මග දැනට විවෘත කර ඇති නිසා බොහෝදුරට මෙම දුම්රිය මුහුදු බඩ දුම්රිය මාර්ගයට එකතු කිරීමේ සම්භාවිතාවක් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනුව කියැවෙයි.


    දුම්රිය සේවකයන්ගේ නොසතුට

    image_fd19d0de18.jpg
    නව දුම්රියන් නවීන තාක්ෂණයෙන් අනූන වුවත් ඉන්දියාවෙන් එම දුම්රිය ගෙන්වීම පිළිබඳව ඇතැම් දුම්රිය සේවකයන් සිය නොසතුට පළ කර තිබේ. ඒ යුරෝපීය දුම්රියන්ට වඩා ඉන්දියානු දුම්රියන් තත්ත්වයෙන් බාල බව කියමිනි. තවද බටහිර සමාගම්වල නිපද වූ දුම්රියවල අනුකාරක දුම්රියන් නිපදවීමෙන් පැමිණි සමාගම් නිසා ද ඔවුහු දුම්රියවල තත්ත්වය ගැන තවත් සැකපහළ කරති.


    M-11 නිපද වූ DLW සමාගමින් මෙයට පෙර ගෙන්වන ලද M-8 හා M-10 ගෙන්වා ඇති බවත් එම දුම්රිය අධික දුමාරයකින් යුක්ත බවත් නැගෙන තවත් චෝදනාවකි.


    S-11 දුම්රියවලින් ලත් උගත් පාඩම් අමතක කර නව S-13 ගෙන්වා තිබීම ගැන ද නොසතුට පළ කර තිබේ.


    M-11 එන්ජිම හැරවුම් මේසවල හැරවිය නොහැකි නිසාත්, අධික බරින් හා දිගින් යුතුවීම නිසා මෙරට මාර්ග ඔරොත්තු දේවිද යන ප්‍රශ්නය මතුවිය හැකි බව නැගෙන තවත් චෝදනාවකි.


    කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පෙර දුම්රියවලට සාපේක්ෂව මෙම දුම්රියන් දෝෂ අවම මට්ටමක පවතින බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද කියයි

    .
    නුදුරේදීම මෙම නව දුම්රියවල යෑම් ඊම් කිරීමට දුම්රිය මගීන්ට ලැබෙන අතර එය කවදා සිදුවේදැයි ඔවුන් පුල පුලා බලා සිටින බව නම් නොරහසකි.


    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසීමු.


    කලින් ගෙන්වූ දුම්රියන්ට වඩා හොඳ පහසුකම් හා නවීන තාක්ෂණයකින් යුතු දුම්රියන් මෙවර ගෙන්වලා තියෙන්නේ.


    කලින් ආව දුම්රියවලට වඩා දැන් එන දුම්රියවල දිරුම් අඩුයි. නව බලවේග කට්ටලවල විශේෂ අවශ්‍යතා ඇති අයට ගමන් කිරීමට පහසු ආකාරයෙන් නිපදවල තියෙනවා. ඔවුන්ට රෝද පුටුවලින්ම යා හැකි වැසිකිළි පද්ධති පවා මෙහි තියෙනවා. රියැදුරු නියාමක මැදිරි පවා වායු සමීකරණය කරල තියෙනවා.




    සටහන හා සේයාරූ - පුෂ්පා වීරසේකර


    lankadeepa.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේවා පත්තරවල දාන්න මුන්ට ලජ්ජා නැති වගේම මේවා කියවන්න උබලටත් ලැජ්ජා නැද්ද බන්...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මේවා පත්තරවල දාන්න මුන්ට ලජ්ජා නැති වගේම මේවා කියවන්න උබලටත් ලැජ්ජා නැද්ද බන්...

    Godayanta magic scene ekak thiyene. Train engine ekak genawamath wishwakarma wedak wage
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,623
    4,278
    113
    මේවා පත්තරවල දාන්න මුන්ට ලජ්ජා නැති වගේම මේවා කියවන්න උබලටත් ලැජ්ජා නැද්ද බන්...

    අනේ සිහලුන්ට ගිය කලක්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,270
    113
    ඩොලර් මිලියන 48 ක ඇමරිකානු දුම්රිය එන්ජින් කඳුරටට

    General-Electric-Company-Train.jpg


    කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ‍ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    http://biz.adaderana.lk/‍ඩොලර්-මිලියන-48-ක-ඇමරිකානු/



    මේ ඇමරිකානු දුම්රිය එන්ජින් ගෙන්නවන වැඩේ නතරඋනාද ?
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Godayanta magic scene ekak thiyene. Train engine ekak genawamath wishwakarma wedak wage





    ඉන්දියන් ලහුටු ගේනවා.. පොර ටෝක් දෙනවා.. 2500ක මෙව්වා එකක් ගැන කියනවා.. ආයේ ජාත්‍යන්තරේ එපා කියනවා. තව ණයට ගෙන එන්ජින් එක ගැන පොර ආර්ටිකල් ලියනවා.. කාගේ දරුවෝද මුන්??
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    වැඩක් නෑ. අපේ උන් කනව ඕවා. අර කලින් ගෙනාපු Chinese sets වල seat ඉවරයි. හැටියට clean කරන්නේ නෑ. ගඳයි seats.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Issaranam elakiriye hitiya ona deyak rasa windinna puluwan niyama set ekak, eth den nam inne maha amuthu set ekak, ane manda..den inna unta ona sex witharada koheda....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Issaranam elakiriye hitiya ona deyak rasa windinna puluwan niyama set ekak, eth den nam inne maha amuthu set ekak, ane manda..den inna unta ona sex witharada koheda....

    Sirawatm bn.. wna ptt thread thynv, help illn ewa thynv no bump:( වැලක් dmmoth pyakta post 1000k wthr.:dull:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,919
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එන්ජින් විතරක් නෙවෙයි දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩට කට්ටියත් ඉන්දියාවෙන් ගෙනාවනම් හොඳයි.
     

    Similar threads