~.: (S) InfectiONs .:~ +

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොන්ඩමය කැඩුනහොත් හෝ ගැලවී ගියහොත් ......


    1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
    2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
    3. සංසර්ගය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍යනම් අලුත් කොන්ඩමයක් භාවිත කරන්න.
    4. ගර්භනීවීමක් පිළිබද සැකයක් පවතී නම් පැය 72ක් ඇතුළත හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
    5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත් පාලනය


    හදිසි උපත් පාලනය / ලිංගික සංසර්ගයෙන් පසු ගර්භනී වීම වලක්වා ගැනීමේ ක්‍රම

    හදිසි උපත් පාලනය යනු කුමක් ද ?

    මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ඔබට අනවශ්‍ය ගර්භනී වීමක් වලක්වා ගැනීම සදහා කාන්තාව විසින් භාවිත කල යුතු ක්‍රමයක්වේ.


    හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද ?



    • හදිසි උපත් පාලන පෙති
    • ලූපය (ගර්භාෂය තුලට ඇතුල් කරන කුඩා උපකරණයක්)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත් පාලන පෙති

    081125091424-391-526.jpg



    හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබ හදිසි උපත් පාලන පෙති භාවිත කල යුතු වන්නේ කුමන අවස්ථාවලදීද ?



    • වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්.
    • ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වී යැයි ඔබට සැකයක් පවතී නම්,
      උදාහරණයක් ලෙස
      • ඔබ භාවිත කරන කොන්ඩමය සිදුරු වී හෝ ගැලවී ගියේ නම්,
      • ඔබගේ උපත් පාලන එන්නත ලබාගැනීමට ඔබ නියමිත දිනට වඩා පමා වී සිටින්නේ නම්,
      • ඔබ භාවිත කරන සාමාන්‍ය (දිනපතා)උපත් පාලන පෙති දෙකක් හෝ වැඩිගණනක් මෙම මාසයේ දී ඔබට අතපසු වුයේ නම්,
    • ලිංගික අතවරයකට හෝ දුෂණයකට ලක් වු අයෙක් නම්,
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම පෙති ක්‍රියා කරන්නේ කෙසේ ද ?


    පෙත්තේ ක්‍රියාකාරිත්වය ඔබගේ ආර්තව චක්‍රය තුළ පෙත්ත ලබාගන්නා දිනය මත වෙනස්වේ.


    • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමට පෙර අවස්ථාවක නම්,එමගින් ඩිම්බය මෝචනය වීම දින 3-4ක කාලයකින් ප්‍රමාද කරනු ලබයි. මෙමගින් ඩිම්බය ශුක‍්‍රාණු හා එකතුවීම වලක්වා දමයි.
    • ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමෙන් පසු අවස්ථාවක නම්,එමගින් ඔබගේ ගර්භාෂයේ ඇතුළත ස්තර සිහින් කරනු ලබයි.මේ මගින් සංසේචනය වූ යුක්තානුව (පළමු දරු සෛලය)ගර්භාෂයේ තැන්පත් වීම වලක්වා දමයි.
    • පෙත්තේ අඩංගු හෝර්මෝන මගින් ශුක්‍රාණු සහ ඩිම්බ පරිවහණය අඩාල කරන බැවින් ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීමට ඇති හැකියාව අඩු කරයි.

    හදිසි උපත් පාලන පෙති භාවිත නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

    ඔබ දැනටමත් ගර්භනී තත්වයට පත්ව ඇත්නම් මෙම පෙති භාවිත නොකල යුතුය.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම ක්‍රමය කෙතරම් සාර්ථක ක්‍රමයක් ද?


    මෙම පෙති නිවැරදි ආකාරයෙන් භාවිත කරන කාන්තාවන් සදහා 98% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.ලිංගිකව හැසිරි‍මෙන් පසු ඉක්මණින් පෙති භාවිත කරන තරමට එහි සාර්ථකත්වය ද වැඩිවේ.
    මෙම ක්‍රමය අසාර්ථක වී ඔබ ගර්භනී වුවත්, මෙම පෙත්තෙන් දරුවාට කිසිදු හානියක් වන බවට සාධක ලැබී නැත.

    හදිසි උපත් පාලන පෙත්තෙන් ඇතිවන අතුරු ආබාධ



    1. ඔක්කාරය
    2. වමනය
    3. අක්‍රමවත් ආර්තව රුධිර වහනය
    4. පියයුරු වේදනාව
    5. හිසරදය
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකවර,එක දිගට සිදුවන සංසර්ග කිහිපයකට පසුත් හදිසි උපත්පාලන පෙති සාර්ථකවේද?


    ඔව්.හදිසි උපත් පාලන පෙති එක් සංසර්ගයක දී මෙන් ම එකවර, එක දිගට සිදුවන සංසර්ග කිහිපයක දී ද සාර්ථකවේ. නමුත් එම සංසර්ග සියල්ල පෙති පානයට පැය 72ක් ඇතුළත සිදුවිය යුතුය.


    එක් වරක් හදිසි උපත් පාලන පෙති ලබාගැනීමෙන් පසු එය ඉදිරි පැය 72 ඇතුලත මා ගර්භනීවීමෙන් වලකයිද?


    නැත.එබැවින් ඔබ හදිසි උපත්පාලන පෙති ලබාගැනිමෙන් අනතුරුව, ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කිරිම ආරම්භ වනතුරු කොන්ඩමයක් වැනි බාධක උපත්පාලන ක්‍රමයක් (Barrior method)භාවිත කල යුතුය.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත් පාලන පෙති මාගේ ඉදිරි ආර්තවය දක්වා සාර්ථක උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි ද ?


    නැත.ඔබගේ ලබන ආර්තවය දක්වා සිදුකරන සෑම ලිංගික සංසර්ගයකදීම බාධක උපත් පාලන ‍ක්‍රමයක් භාවිත කිරිමට අප තරයේ අවවාද කරනුයේ එබැවිනි.ඉන් පසු ඔබ ඔබට ගැලපෙන ක්‍රමවත් උපත්පාලන ක්‍රමයක් භාවිත කල යුතුය.


    හදිසි උපත්පාලන පෙති භාවිතයෙන් පසු මාගේ ආර්තවය ප්‍රමාද වන්නේ නම්?


    බොහෝ අවස්ථාවලදී ඔබගේ ආර්තවය සුපුරුදු දිනයේ දී සිදුවේ.නමුත් සමහර අවස්ථාවලදී එය කලින් සිදුවීමට හෝ දින කිහිපයක් ප්‍රමාදවිය හැක.ආර්තවය දින 10කට වඩා ප්‍රමාද වන්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වී ගර්භනී පරික්ෂාවක් කරගන්න. මන්ද යත් හදිසි උපත් පාලන ක්‍රම 100% සාර්ථක නොවන බැවිනි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත්පාලන පෙත්තෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (සමාජ රෝග)වලින් ආරක්ෂාවක් ලැබේ ද ?


    නැත.ඔබගේ වෛද්‍යවරයා හමු වී සමාජ රෝග සදහා පරික්ෂණයක් කරගැනීමට මැලි නොවන්න.


    හදිසි උපත් පාලන පෙත්ත දිනපතා ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිත කල හැකි ද ?

    හදිසි උපත් පාලන පෙති හදිසි අවස්ථා සදහා පමණි.එය ක්‍රමවත් උපත් පාලන පෙති මෙන් පලදායි නොවේ.එමගින් ක්‍රමවත් උපත් පාලන පෙතිවලට වඩා වැඩි අතුරු ආබාධ ප්‍රමාණයක් ගෙන දෙයි.


    හදිසි උපත් පාලනය සදහා වන අනෙකුත් ක්‍රම

    තඹ ලුපය (Copper Intra Uterine Contraceptive device)
    මෙය අනාරක්ෂිත සංසර්ගයකින් පසු දින 5ක් ඇතුළත ගර්භාෂය‍ට ඇතුල් කල යුතුය.මෙය 99% සාර්ථක ක්‍රමයකි.විශේෂයෙන් මෙය දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් අපේක්ෂා කරන කාන්තාවන් සදහා යෝග්‍ය වේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උපත් පාලන පෙති

    සංයුක්ත පවුල් සැලසුම් ගිලින පෙති

    image001%283%29.png
    image003%285%29.jpg



    පවුල් සැලසුම් ගිලින පෙති යනු මොනවාද ?


    • එය ඊස්ට්‍රජන් හා ‍ප්‍රොජෙස්ටරෝන් යන කාන්තා ලිංගික හෝර්මෝන අඩංගු දිනපතා ගතයුතු ගිලින පෙති වර්ගයකි.
    • සෑම පැකට්ටුවකම හෝර්මෝන පෙති 21ක් හා යකඩ අඩංගු ‍‍හෝර්මෝන නොවන පෙති 7ක් අඩංගුවේ. පෙති 21න් සෑම පෙත්තකම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් එක සමාන ප්‍රමාණයෙන් අඩංගුවේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එය ක්‍රියා කරන්නේ කෙසේ ද?



    • දරුවන් ලබන වයසේ කාන්තාවන් ඩිම්බකෝෂ වලින් ඩිම්බ පිට කරයි. මෙය සාමාන්‍යයයෙන් දින 28කට වරක් සිදුවේ. ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එක්වීම හෙවත් සංසේචනයෙන් ගර්භනී බව ඇතිවේ. පවුල් සැලසුම් පෙති ක්‍රියා කරන්නේ ප්‍රධාන වශයෙන් ඩිම්බ පිටවීම වැළැක්වීම මගිනි.
    • ඊ‍ට අමතරව එය, ගැබ්ගෙලෙන් පිටවන ශ්ලේෂ්මල ඝන කිරීම නිසා ස්ත්‍රී‍ ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණුවල ගමනට බාධා ඇතිකරයි. එසේම මෙමගින් ගර්භාෂයේ ඇතුල් බිත්තිය තුනී කරන අතර, මේ නිසා සංසේචිත ඩිම්බය තැන්පත් වීම අපහසුවේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම ක්‍රමය කෙතරම් සාර්ථක ද?


    එය 99%කටත් වඩා අවස්ථාවලදී සාර්ථකවේ. මේ සදහා දිනපතා අමතක නොකර ආසන්න වශයෙන් එකම වේලාවකදී මෙම පෙති ගැනීම අවශ්‍යය. එලෙසම යම් හෙයකින් මෙම ක්‍රමය අසාර්ථක වූයේ නම් මේ පෙති භාවිතය හේතුවෙන් දරුවාට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.



    පවුල් සැලසුම් පෙති භාවිත කල හැක්කේ කාටද ?



    • පළමු දරු උපත පමාකරගැනීමට අවශ්‍ය යුවලකට
    • දරු උපත් දෙකක් අතර පරතරය වැඩි කරගැනිමට
    • විවාහයට පෙර
    • තම පවුල සම්පුර්ණ කල හෝ දරුවන් සීමාකිරීමට අවශ්‍යව, එනමුත් වන්ධ්‍යකරණ සැත්කමකට අකැමැති පුද්ගලයන්ට
    • ඔසප්වීම පමා කරගත යුතු කාන්තාවන්ට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනිම අනිවාර්යය වන අවස්ථා



    • අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්
    • හෘද රෝග වලින් පෙලෙන්නන්
    • පියයුරු පිළිකා පිළිබද ඉතිහාසයක් ඇත්තන්
    • අක්මා රෝග වලින් පෙලෙන පුද්ගලයන්
    • අපස්මාරය, ක්ෂයරොගය හෝ දිලීර රෝගවලින් පෙලෙන්නන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවා ලබාගත හැක්කේ කුමන ස්ථානවලින් ද?



    • පවුලේ වෛද්‍යවරායාගෙන්
    • ඕනෑම ඖෂධහලකින්
    • පවුල් සංවිධාන සංගමයෙන්
    • පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන්



    පවුල් සැලසුම් පෙති ගැනීම ඇරඹිය යුත්තේ කුමන අවස්ථාවලදීද?



    • ඔබ පළමුවරට පවුල් සැලසුම් පෙති භාවිත කරන්නේ නම්, ඊට පෙර වෛද්‍යවරයකු හමුවන්න. ඇතැම්විට එය ඔබට නුසුදුසු වීමට ඉඩ ඇත.
    • ඔබට ක්‍රමවත් මාසික ආර්තව චක්‍රයක් ඇත්නම්, මෙම පෙති ඔසප්වීම සිදු වු පළමු දිනයේ (හෝ පළමු දින 5 ඇතුළත)සිට භාවිතය අරඹන්න.
    • ඔබ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටියි නම්, එයට මසකට හෝ දෙකකට පෙර, මේවා භාවිතය අරඹා එය‍ට හුරුවන්න.
    • ඔබ කිරිදෙන මවක් නම්, දරු උපතින් මාස 6ක් ගතවනතෙක් මෙම පෙති භාවිතය සුදුසු නොවේ. පවුල් සැලසුම් පෙතිවල අඩංගු හෝර්මෝන මගින් කිරි නිපදවීම අඩු කරන බැවිනි.
    • ඔබට ගබ්සාවක් ඇති වී නම්, එයින් දින 5ක් ඇතුළත පෙති ගැනී ම අරඹන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙති ගැනීම අතපසු වුවහොත් කල යුත්තේ කුමක් ද?



    • කහ පැහැ පෙත්තක් ගැනීම අතපසු වු විට
      හැකිතාක් ඉක්මණින් අමතක වු පෙත්ත පානය කරන්න.
      සාමාන්‍ය වේලාවට සුපුරුදු පරිදි තවත් පෙත්තක් ගන්න. (එක් දිනක් තුළ පෙති 2ක්)
      ඉන්පසු දිනපතා අනෙක් පෙති සුපුරුදු පරිදි පානය කරන්න. මෙම කරුණු අනුගමනය කළ‍හොත් ඔබට අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැළකී සිටිය හැක.

    • කහ පැහැ පෙති 2ක් අමතක වුයේ නම්,
      හැකිතාක් ඉක්මණින් පෙත්තක් පානය කරන්න. සුපුරුදු වේලාවට එම දිනට අදාල පෙත්ත ගන්න (දිනක් තුළ පෙති 2ක් පානය කර ඇත.)
      ඉතිරි පෙති දිනපතා සුපුරුදු පරිදි ගන්න. මෙම ක්‍රමය භාවිතයෙන් අනවශ්‍ය ගැබ් ගැනිම වලක්වා ගත හැකිය.

    • පැකැට්ටුවේ පළමු පේළි 2ට අයත් කහ පැහැ පෙති 3ක් හෝ වැඩි ගණනක් අතපසු වුවහොත්
      එක් පෙත්තක් හැකිතාක් ඉක්මනින්ම හා තවත් පෙත්තක් සුපුරුදු වේලාවට යන අයුරින් එම දිනය තුළ පෙති 2ක් ගන්න. ඉන්පසු පැකැට්ටුව නිමවන තෙක් දිගටම පෙති ගන්න. ඉදිරි දින 7 තුළදී ලිංගික එක්වීමකින් වැළකී සිටීම හෝ කොන්ඩමයක් භාවිත කිරීම වැනි අමතර උපත් පාලන ක්‍රමයක් යොදාගන්න.
      ඔබ පසුගිය දින 5 තුළදී කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු කලේ නම් පොස්ටිනෝර්- 2 පෙති ලබාගන්න.

    • පැකැට්ටුවෙන් තුන්වෙනි පේලියේ කහ පහැ පෙති 3ක් හෝ ඊට වඩා ගැනීම අතපසු වී නම්,
      එම පැකැට්ටුව භාවිතය නවතා, ඒ වෙනුවට අලුත් පැකැට්ටුවක් භාවිතය අරඹන්න.
      එහි පළමු කහ පැහැ පෙත්ත හැකි ඉක්මණින් ලබාගෙන එදින සුපුරුදු වේලාවට දෙවන පෙත්ත ද ලබාගන්න.
      මීළගට එම පැකැට්ටුව නිම වන තෙක් සුපුරුදු පරිදි පෙති ලබාගන්න. ඉදිරි දින 7 තුළ දී කොන්ඩමයක් භාවිතය හෝ ලිංගික සංසර්ගයෙන් වෙන් වී සිටීම කල යුතුය.
      පසුගිය දින 5 තුළ කොන්ඩමයක් භාවිත නොකර අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුනේ නම් පොස්ටිනෝර් 2 පෙති අමතරව භාවිත කරන්න.
    දුඹුරු පැහැ පෙති පානය අතපසු වුනි නම්,
    අතපසු වු පෙති ඉවත් කර ඉතිරි පෙති සුපුරුදු පරිදි පානය කරන්න.පැකැට්ටුව නිම වු පසු නව පැකැට්ටුවක් ආරම්භ කරන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පවුල් සැලසුම් පෙතිවල අතුරු ආබාධ කිසිවක් තිබේද?



    • බොහොමයක් කාන්තාවන් කිසිදු අතුරු ආබාධයකට මුහුණ නොදේ. නමුත් ඇතැම් විට ඔක්කාරය, වමනය, හිසේ කැක්කුම ශරීරයේ බර වැඩි වීම, පියයුරුවල වේදනාවක්, ඔසප් චක්‍රය අතරතුර සිදුවන සුළු රුධිර වහනය ආදිය ඇතිවිය හැක. පළමු පෙති පැකැට්ටු 3 -4 භාවිත කරන විට, මෙම අතුරු ආබාධ අවම වී යයි. සාමාන්‍යයෙන් ඔබේ ජීවන රටාවේ සුලු වෙනස්වීම් කිහිපයක් මගින් මෙම තත්ත්වය වළක්වා ගත හැකිය.
    • කෑමට පසු පෙති ගැනීමෙන් ඔක්කාරය හා වමනය පාලනය කල හැක. කෑම රුචිය වැඩි වීම සිරුරේ බර වැඩිවීමට‍ හේතුවකි. පෝෂ්‍යදායි, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමත්, ව්‍යායාම කිරීමත් මගින් මෙම ප්‍රශ්නය අවම කරගතහැක.
    • පළමු ඔසප් චක්‍ර කිහිපය අතරතුරේ දී සුලු රුධිරවහනයක් ඇතිවිය හැක. මෙය දිගටම පවතින්නේ නැතිනම්, බිය විය යුතු තත්ත්වයක් නොවේ. රුධිර වහනය වැඩි නම් වෛද්‍යවරයකු හමුවන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පවුල් සැලසුම් පෙති වර්ග




    • ඒකකලා පෙති - හෝර්මෝන පෙති 21 ම ‍එකම හෝර්මෝන සාන්ද්‍රණයෙන් යුක්තය. ශ්‍රි ලංකවේ බහුලව ම පවතින පෙති වර්ගය මෙයයි.
    • අවකලා පෙති - ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රන 2කින් යුත් පෙති මෙහි අඩංගුවේ.
    • තෙකලාපෙති - ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රන 3කට අයත් පෙති මෙහි ඇත.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිතර අසනු ලබන ප්‍රශ්න

    මෙම පෙති භාවිත කරන විටත් මට මාසික ඔසප්වීම ඇතිවේද?

    ඔව්. සාමාන්‍යයෙන් ඔබ දුඹුරු පැහැති පෙති ගන්නා විට රුධිර වහනය සිදුවේ. තවද ඔබගේ රුධිර වහනය වෙනදාට වඩා අඩුවන අතර වේදනාවක් ද ඇති නොවේ.

    මට රුධිර වහනයක් ඇති නොවුවහොත් කළ යුත්තේ කුමක්ද?

    ඉහත දක්වා ඇති ආකාරයට ක්‍රමවත්ව එම පෙති භාවිත කළද, පැකැට්ටුව අවසානයේ රුධිර වහනයක් ඇති නොවේ නම්, විවේකයක් නොගෙන දෙවන පැකැට්ටුව ආරම්භ කරන්න. කෙසේ වුවද පැකැට්ටු 2ක් අවසාන වුවත් රුධිර වහනය සිදු වූයේ නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනිම සුදුසුය.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම පෙති නැවැත් වූ විගස මට දරුවකු පිළිසිද ගත හැකිද?

    ඔව්. නමුත් සාමාන්‍යයෙන් මාස 3ක් පමණ පමාවේ. පෙති ගැනිම නතර කල විගස ඔබට ගැබ් ගැනීම සදහා උත්සාහ කල හැක. එවිට මාස 1-2ක් බලා සිටීම අවශ්‍ය නොවේ. එසේම මෙම පෙති නිසා ඔබගේ දරුවකු පිළිසිද ගැනීමේ හැකියාවට කිසිදු බලපෑමක් ඇති නොවේ.



    පෙති භාවිතය අතරතුර නිතරම වෛද්‍යවරයකු හමු විය යුතුද ?

    පෙති භාවිතයේ දී ඔබට කිසිදු ගැටලුවක් පැන නොනගී නම්, වසරකට වරක් පමණ වෛද්‍යවරයකු හමුවීම සැහේ.