1. Gym එකට යනකොට gym එකේ WiFi නෙට්වර්ක් එකේ නම නියර්බයි එකට අහු උන ගමන් ෆෝන් එක දන්නවා මන් gym එකට ඇවිල්ල තියෙන්නේ කියල. (Wifi connect වෙන්න ඕනේ නැහැ gym එකේ නමින් වයිෆයි එක නිකන් අප් වෙලා තියෙන්න විතරයි ඕන)
එතකොට Automatically:
- ඩේට ඔන් වෙලා VPN එක ස්ටාට් වෙනවා v2ray enable වෙනව.
- බ්ලුටූත් කනෙක්ට් වෙනවා, gym එකේ අහන music track ටික ලෝඩ් වෙනවා spotify.
- ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ ශෝට්කට් ටික මාරු වෙලා හැදෙනවා schedule ඇන්ද timers ටික හෝම් ස්ක්‍රීන් එකට එනවා.
- schedule app එක ඕපන් කරපුවහම ස්ක්‍රීන් ටයිම් අවුට් ටයිම් එක වැඩි වෙනවා(gym එක ඇතුලෙදි ම ඒ app එක ඕපන් කරන අවස්ථාවේ විතරක් ටයිම් අවුට් එක හැදෙන්නේ , අනික් වෙලාවේ නෝමල්)
- කවුරු හරි ෆෝන් එක අතට ගත්තත් schedule app එකෙන් වෙන app එකකට switch කරන්න බැරි වෙන්න ස්ක්‍රීන් එකට pin වෙලා ෆින්ගර් ප්‍රින්ට් lock ඉල්ලනවා වෙන app එකකට switch කරන්න හදද්දී.
- ගැලරි, ෆයිල්මනේජර් අනවශ්‍ය app සේරම lock වෙනවා. හදිස්සියේ යාලුවෙක් ගේ අතට උනත් බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන් එතකොට.
2. අයෙ පාටි මූඩ් එකට සෙට් වෙනවා පාටි ස්පිකර් වලට බ්ලුටූත් කනෙක්ට් උනාම. ස්ක්‍රීන් එක දෙකට බෙදිලා උඩ කැරෝකේ, පල්ලෙහා කලර් ලයිට්.
3. ගෙවල් කිට්ටුවට එනකොට ගෙවල් ළඟ තියෙන සෙල් ටවර් වල Unique identifier නම්බර් එකෙන් දැනගන්නවා මම ගේ කිට්ටුවට ඇවිත් කියල , එතකොට වයිෆයි ඔටෝ ඔන් වෙනවා. වයිෆයි කනෙක්ට් වෙච්ච ගමන් දන්නවා මම ගෙදරට ආව කියල.
එතකොට Automatically:
- ෆැන් ලයිට් වැඩ කරනව (ස්මාර්ට් ප්ලග් වලට සිග්නල් යනව ඔටෝ).
- lock screen, screen ටයිම් අවුට්, ලෝක්ස්ක්රින් ශෝට්කට් අරව මේවා ඔක්කොම වෙනස් වෙලා ගෙදර විදිහට හැදෙනවා.
- ගෙදර ඉන්නකොට විතරක් ෆෝන් එකේ පවර් බටන් එක ඩබල් ටැප් කරොත් කම්පිට්යුටර් එක තියෙන වයිෆයි එකට කනෙක්ට් වෙලා PC එක ඔන් වෙනවා.
- youtube ශෙයා ලින්ක් එක ඔබල ටස්කර් කස්ටම් ලෝන්චර් එකකට ශෙයා කරපුවහම ෆෝන් එකෙන් මගේ ලිනක්ස් මැෂින් එකට ssh කනෙක්ට් වෙලා කම්පියුටර් එක ගෙදර බ්ලුටුත් ස්පිකර් එකට කනෙක්ට් වෙනවා (කම්පියුටර් එකේ බ්ලුටුත් වලින්, ෆෝන් එකේ බ්ලුටුත් වලින් නෙමෙයි) ඒ යුටියුබ් එකේ වීඩියෝ එක නැතුව ඕඩියෝ track එක විතරක් තියෙන ලින්ක් එක හොයල (yt-dlp script) එක mpd සර්වර් එකෙන් ස්ට්‍රිම් කරන්න ගන්නව music background track දවසේ ටයිම් එක අනුව සිලෙක්ට් වෙලා mood එකට අනුව ඔය විදිහට computer එකේ mpd සර්වර් එකට queue වෙනව.
- ෆෝන් එකේ විජට් වලින් කම්පියුටර් එකේ ගොඩක් ඒවා වෙනව (මෙතන ලියන්න බැරි ඒවා).
- මියුසික් app ඕපන් කරොත් විතරක් ෆෝන් එක පොට්‍රේට් mood හරවනකොට ඔටෝ ෆුල් ස්ක්‍රීන් වෙනවා, වෙන app වලට මාරු වෙද්දී පොට්‍රෙට් මුඩ් ඔෆ් වෙනවා
- whatsapp වල ඉමේජ් එහා පැත්තෙන් බීන් අයිකන් එකක් හදල තියෙනවා එක ඔබපු ගමන් ඌ එවපු ඉමේජ් පමනන්ට් ඩිලීට් කරලා දානවා. (storage save)
- whatsapp ස්ටෝරේජ් ලොකු වෙනකොට මට ඕන ගෘප් වල තියෙන මිඩියා ෆයිල් විතරක් මකනවා
- මන් හදපු ටෙලිග්‍රෑම් බෝට් වලින් එන මැසේජ් වලට කමාන්ඩ් සෙන්ඩ් කරනවා, එව වලින් තව සර්වර් වල ඔටෝමෙට් ස්ක්‍රිප්ට් රන් වෙනවා.
- කම්පියුටර් එකේ lock ස්ක්‍රීන් එක පස්ස්වාර්ඩ් ගහල අන්ලොක් කරපු ගමන් අනික් කාඹර වල ෆැන් එහෙම ඔෆ්ෆ් වෙනවා.
- කම්පියුටර් එකේ pycharm ඕපන් කරපු ගමන් මම වැඩ කරන මූඩ් එකට ෆෝන් එක ඔටෝ ස්විට්ච් වෙනවා. නොටිෆිකේෂන් එන්නේ අත්‍යවශ්‍ය අයගෙන් විතරයි , අනික් ඒවා හෝල්ඩ් වෙලා තිබිල app එක ක්ලෝස් කරලා ෆේස්බුක් හරි මොකක් හරි එකක් ඕපන් කරපු ගමන් නෝමල් මුඩ් එකට වැටිලා නොටිෆිකේෂන් ඔක්කොම අන්බ්ලොක් වෙනවා , හෝල්ඩ් වෙච්ච පෙන්නනවා, ඒවායේ සමරි එකක් කම්පියුටර් එකේ පොපප්ප් වෙනවා, කම්පියුටර් එකෙන්ම ඕන නම් dismiss කරන්න පුළුවන් , එතකොට ෆෝන් දෙකේම අනවශ්‍ය නොටිෆිකේෂන් විතරක් මැකිලා අනික් ඒවා ඉතුරු වෙනවා.
- එක ෆෝන් එකක් හොයාගන්න බැරි උනොත් අතේ තියෙන ෆෝන් එකේ පවර් බටන් එක ඔබාගෙන අල්ලාගෙන තප්පරයක් අල්ලන් ඉඳල ආයේ ඩබල් ටැප් කරපුවහම අනික් නැතිවුණ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් පත්තු වේවි වයිබ්රේට් වේවි සයිරන් එකක් ප්ලේ වෙනවා හොයාගන්න. මේක ෆෝන් දෙකෙන් ඕන එකකින් කරන්න පුළුවන් අනික් එකට.
- උදේ නැගිට්ට ගමන් gym එකට යන්න තියෙනවා නම් එදාට ගහන workout එක මොකක්ද කියල පර්සනල් ට්‍රේනර් ට ඔටෝ whatsapp මැසේජ් එකක් යනව.
- gym එකට ආපුවහම ඔටෝ හොට්ස්පොට් ඔන් කරලා බලනවා පර්සනල් ට්‍රේනර් කාරය ගේ ෆෝන් එක detect වෙනවද කියල (ඌ ට එක පාරක් මන් හොට්ස්පොට් දීල ෆෝන් එක මගේ එකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් දීල තියෙන නිසා මගේ හොට්ස්පොට් ඕන කරපුවාම උගේ ෆෝන් එක මගේ එකට කනෙක්ට් වෙනවා) - මම මුලින්ම දාන කාඩියෝ ටික කරන අතරේ, කෙලින්ම යන්නේ එතනට, අරු ව බලන්නේ නැහැ) - උගේ ෆෝන් එක detect උනොත් ෆෝන් එක දන්නවා පර්සනල් ට්‍රෙන කාරය ඇවිල්ල ඉන්නේ කියල, ඇවිල්ල නැත්තන් මම ජිම් එකේ කියල ඌ ට මැසේජ් එකක් whatsapp වලින් යනව, යවල මිස්කෝල් එකකුත් ඔටෝ වදිනව, මාත් එක්ක වර්කව්ට් කරන පාට්නර් ටත් ඔය ටිකම වෙනව
තව අම්බානෙකට තියෙනවා බන් ඔය ටිකක් විතරයි ලියන්න අමාරුයි ඒ තරම් තියෙනවා. otp code handle කරන ඒවා bank වලින් සල්ලි ගද්දි sms නොටිෆිකේෂන් රීඩ් කරලා වෙන දේවල් එහෙම. කෝටියක් දේවල් තියෙනවා මේකෙන් කරන. වහා android වලට ඇබ්බැහි වෙන සුළු වෙනවා ටාස්කර් නිසා. android ආගමක් වෙනවා ඔය tasker හින්ද . මට බයයි මේක develop කරන එකාට අනතුරක් වෙයි කියල

ඒ තරම් මේක වටිනවා. මුගේ යුටියුබ් වීඩියෝ වලත් මිනිස්සු ඔහොම කමෙන්ට් කරලා තියෙනවා.