මරුසිරා;17151764 said:
උබේ කතාවේ අත්තක් තියෙනවා .හැබැයි දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අවන්කවම රටට ආදරේ කරන අපේ රට ලෝකේ ඉහලින් තියන්න ඕනේ කියල හිතන රටේ මිනිස්සුන් ගැන කැක්කුමක් තියන කෙනෙක් ඔය චන්දෙ ඉල්ලන උන් අතර නැති වීම .
අරවගේ හොද මිනිහෙක්ට ඔය පදාන පක්ෂ දෙකෙන්ම එන්න ඉඩ දෙන්නේ නැහැ .මොකද ඔය දෙකේම උන් දන්නවා බලයේ රහ .
එහෙම යමක් කරන්න පුළුවන් එකකේ එනවනම් එන්න වෙන්නේ එක්කෝ ස්වාදීන ව නැත්නම් JVP වගේ තුන්වෙන පක්ෂයක් එක්ක විතරයි
රටට ආදරය කරන වැඩක් කරන්න පුළුවන් වැදගත් මිනිස්සු නැතුව නෙමෙයි.
වෙලා තියෙන්නේ මේ ටොයිලට් වලක් වගේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලේ චන්දෙ ඉල්ලන්න ඒ මිනිස්සු ඉදිරිපත් වෙන්න අකමැති වීම.
ආවත් චන්දයක් දිනන්න කොටි ගණන් වියදං කරන්න සිද්ධ වීම.
බලපන් නිකමට මර්වින් සිල්වල වගේ මිනිස්සු රටක් පාලනය කරන්න සුදුසුද කියල.
කැළණියෙන් චන්දෙ ඉල්ලපු අනිත් සේරමල්ල ඊට වඩා සුදුසු ඇති මං හිතන්නේ.
එත් තෝරාගත්තේ ඉන්න තරං නුසුදුසුම මිනිහා.
ඊට පස්සේ ඌ කියන කරන දේවල්වලට මිනිස්සු ඌට බනිනවා.
අනිත් එක මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එහාට මිනිස්සු තමන්ගේ චන්ද අයිතිය ගැන හිතන්න පුරුදු වෙලා නෑ. එකයි ලොකුම ගැටලුව. සන්ධානෙන් ඉල්ලන්නේ කව්ද යූ.එන්.පී. එකෙන් ඉල්ලන්නේ කව්ද කියල බලල උන් සෙට් එකෙන් තමන් කැමති වැඩිපුර නම අහල තියෙන එකාට චන්දෙ දෙන එකයි අපේ මිනිස්සු කරන්නේ.
ලංකාව කවම කවදාවත්ම දියුණු රටක් කරන්න බෑ. කවද මොන පාලකය ආවත් එක එහෙම්මම තමයි. එක නං මට හොදටම විශ්වාසයි.