දෙණුවන දොලොස් මහ පහනකි එලිය දෙන
නෙත් සල කල හැකිය දෙවරක් මවිත වන
විරලය නොමැත අන් කාටත් හිමි නොවුන
පිංකල ඔබ කොහේ ඉද දෙව්ලිය වඩින
පැහැසර පැහැදිලිය ඔබේ රුව මනබදින
සුමටය දැක නැතිය මින් පෙර කවර දින
සීරීමකටවත් සුළුවෙන් ඉඩ නොදෙන
ලෙස රැක ගනිමි හිමි උනොතින් මෙසුරඟන
හිත නැත මගේ නිතරම ඔබේ තැවරෙන්න
ඇත හිත මගේ වෙන අයුරින් සැනසෙන්න
මතකයේ සදා නොමැකෙන තැන් බහලන්න
දෙනවද ඔබේ හදවත මට නවතින්න
ඔබ හරි ගනන් හැකි වේවිද ලං වන්න
හිත කලබලයි මිහිරාවිය වෙත එන්න
ඇරයූම් කලොත් මාගේ මිස් පර්ෆෙක්ට් වෙන්න
S පෙන් එකත් අරගෙන එනවද ඉන්න..
වරදවා වටහා ගැනීමෙන් ඇති වන සිත් තැවුල් වලට කතෘ වග නොකියන බව කරුණාවෙන් සලකන්න...