Sanga Mahela ta Nishantha kare Kari wadak ne

after

Member
Sep 5, 2009
3,692
486
0
p3phl0fa.kwx.jpg


විස්සයි විස්ස ලෝක කුසලානය වැනි විශේෂ තරගාවලියකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන් මානසිකව ඇඳ දැමීම ගැන කනගාටු වන බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළි හිටපු නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංග්කකාර කටුනායක ගුවන් තොටුපොළේ පැවැති මාධ්යක සාකච්ඡාවක දී පැවසීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී මහේල ජයවර්ධන මෙසේ ද කීවේය.
‘අැත්තම කතා කරමු නේද? අවාසනාවකට මටයි සංගටයි අපේ කළමණාකාරතුමා ඒ වන විට මධ්‍යයට කතා කිරීම තහනම් කර තිබුණා. ඒ නිසා ඒ පිළිබඳව මාධ්‍යයට කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මම හිතනවා එම තහනම කාලෝචිත දෙයක් කියලා. එතුමාට ඕනෑවෙලා තිබුණා අපේ අවධානය තරගාවලියට යොමු කරන්න.‘

‘ලෝක කුසලානයට ලංකාවෙන් යද්දී අපි රාත්‍රී 1.00 ටත් දැනගෙන හිටියේ නෑ කණ්ඩායම් හැටියට යනවා ද කියලවත්. අපට අවස්ථාවක් නෑ ඒක මාධ්‍යයට කියන්න. නමුත් අපි බංගලිදේශයට ගියාට පස්සේ අපෙන් ඇහුවා ප්‍රශ්නයක්, මෙය අවසාන ලෝක කුසලාන ද කියා. ඉතින් මට අවුරුදු 37 ක් වෙනවා. මම බැලූවා මට තව ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න බෑ, මා කිව්වා මේ මගේ අවසන් ලෝක කුසලාන තරගව කියලා. මම එච්චරයි කිව්වේ. නැතුව මාධ්‍ය කැඳවලාවත්, මාධ්‍යවලින් මුදල් අරගෙන කියපු දෙයකුත් නොවෙයි. අහපු ප්‍රශ්නයකට එක පිළිතුක් දුන්නා.‘

‘සොයන්නේ බලන්නේ නැතුව ඒ පිළිබඳව නගපු චොද්නාවට ගොඩක් කණගාටු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියාත්, ලේකම්තුමාත් මාධ්‍යයට ගිහිල්ලා අපි ගැන විවේචනය කිරීම පිළිබඳ ගොඩක් කණගාටු වෙනවා. වගකීමක් තියෙන නිලධාරීන් නම් අපෙන් අහන්න ඕනෑ එවැනි ප්‍රකාශයක් කළාද, නැද්ද කියා. අපි මීට පෙරත් මාධ්‍යවලට කියලා තිබුණා අපේ අවසන් ලෝක කුසලානය මෙය බව.‘

‘විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බවට මම අද ලියුමක් ගෙනත් තියෙනවා. අද මම එය බාර දෙනවා. නමුත් ගොඩක් කණගාටුවට පත්වෙනවා මෙවැනි තරගාවලියටකට පෙර අපිව එවැනි මානසිකත්වයට පත්කිරීම ගැන.‘

කුමාර් සංගක්කාර මෙසේ ද පැවසීය.

‘මට කියන්න තියෙන්නෙත් මහේල කියපු දෙයමයි. මොකද මමත් පුවත්පතක් නගපු ප්‍රශ්නයකටයි කිවේවේ මේ මගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලාන කියලා. එතනින් එහාට මා හෝ මහේල හෝ අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා මිසක් එතනින් ඔබ්බට ගිහින් නෑ. මහේල කිපු කතාවට මම එකඟ වෙනවා.‘

‘අපිට අවශ්‍ය වුණා එක පුද්ගලයකු සමග පමණක් සාකාච්ඡා කරන්න, ඒ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය. ඒ සාකච්ඡාවේදී තමයි එතුමාටත් අපි දෙදෙනාටත් තේරුණේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අවාසානවකට ඒකට වකියන්න ඕනෑ අප දෙදෙනා නොවෙයි.‘

 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ..... :angry: දැන් ඉතින් ඕක කිව්ව නිසා, කොහොමත්, පල නොකියා පලා බෙදයි....... :frown:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    sudusu nathi eun loku putuwalata dammama oyawage dewal wenawa kohomath me anduwa loku putuwalata dannema harak
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    චන්දිමාලයා මොනා උනත් හිත හයිය හොඳ එකෙක්... නැවතත් දක්ශතා අතරට එන්න ලැබේවා... :)
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    නිශාන්තයා තනිකර පිස්සු කෙලින්නේ ...සනාවත් ගොනාට ඇන්දුවනේ ඕකා ..
    දැන් ඉතින් මයියාටයි සංගටයි කෙලවන්නම බලයි ..
    :angry::angry:
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    නිශාන්ත වගේ පකිස් බූරුවෝ හින්දා රටට වෙන පාඩුව කියල නිම කරන්න බෑ.. ක්‍රීඩා ලෝලීන් විදියට අපිත් කොච්චර දුක් වෙනවද සංගා, මහේල කණ්ඩායමේ නැති වෙන එකට. ඇයි මේ වගේ වගකිව යුතු නිළතල වල, ගොන් බූරුවෝ ඉන්නේ ?
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නිශාන්ත වගේ පකිස් බූරුවෝ හින්දා රටට වෙන පාඩුව කියල නිම කරන්න බෑ.. ක්‍රීඩා ලෝලීන් විදියට අපිත් කොච්චර දුක් වෙනවද සංගා, මහේල කණ්ඩායමේ නැති වෙන එකට. ඇයි මේ වගේ වගකිව යුතු නිළතල වල, ගොන් බූරුවෝ ඉන්නේ ?

    පැහැදිලිවම මේ වගේ තැන්වල ඔය වගේ බූරුවො ඉන්නෙ මහ එකාගෙ ආශිර්වාදෙන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,333
    27,870
    113
    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත සංචාරයෙන් විවේක ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සැලැසුම්කරමින් සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
    යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවස්ථාව ලබාදීමට යැයි පවසා ඔවුන් දෙදෙනා අදාල තරගාවලියට නොයවා සිටීමට මේවන විට සැලැසුම් කර ඇති බව පැවසේ.
    සනා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර පැවැති කොන්ත්‍රාත් අර්බුදය හේතුවෙන් බංග්ලාදේශ යේ පැවැති ශ්‍රී ලංකාව ජයගත් ලෝක කුසලානයට 'බී' කණ්ඩායමක් යැවීමට සැලැසුම්කර තිබූ බව ද මේ අතර වාර්තා වේ.
    අදාල කණ්ඩායමද සකස්කරගෙන තිබුනේ සනත් හා නිශාන්ත බවද පැවසේ.
    මාධ්‍ය කුමන්ත්‍රණය
    මහේල හා සංගා පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ක්‍රිකට් ආයතනයට පෙර ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශ කළ බව පවසමින් මාධ්‍ය කුමන්ත්‍රණයක් දියත් කරනු ලැබුවේද මොවුන් දෙදෙනා බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.
    ඔවුන් අදාල සැලැසුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට තරග මුදලින් 12%ක ප්‍රතිශතය ඉල්ලා සිටීම අත් නොහැරීම නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    අදාල මුදල ඉල්ලා සිටීමේ ප්‍රධානියන් වන්නේ සංගා හා මහේල බවට ක්‍රිකට් බලධාරීන්ගේ වැඩි විශ්වාසයක් තිබූ බවත් ඒ නිසාම ඔවුන් කණ්ඩායමින් ඉවත් කිරීමට ඔවුන්ගේ සැලැසුමක් වූ බවද මේ අතර වාර්තා වේ.
    ක්‍රීඩකයෝ සල්ලි දුන්නම ගහනවා
    ශූරයන් වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් සිදු කරනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් මුදල්වලට තරග කරන බව පෙන්වීමට බවද මේ අතර ක්‍රිකට් විචාරක මතය වී තිබේ.
    මෙවැනි ක්‍රියාවක් වෙනත් රටවල ක්‍රිකට් ආයතන සිදු නොකරන බවද ඔවුන් පෙන්වා දෙති.
    කණ්ඩායම පිටත් වෙද්දි ලොක්කො හිටියෙ නෑ
    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුයම 4.00ට පැමිණි අවස්ථාවේ ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග හෝ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැමිණ නොසිටි බවද වාර්තා වේ.
    ඔවුන් විසින් එය මගහරිනු ලැබුවේ හිතා මතා බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.
    ශ්‍රී ලංකා පිල යාමට පෙර සමූහ ඡායාරූපයට පෙනී සිටිද්දී එහි ක්‍රිකට් නිලධාරීන් ලෙස සිට ඇත්තේ ඈෂ්ලි ද සිල්වා (ප්‍රධාන විධායක නිලධාරී) හා කාල්ටන් බර්නාඩස් (මෙහෙයුම් කළමනාකරු) යන දෙදෙනාය.
    අදාල කාරණාවට හොඳම සාක්ෂිය එම සමූහ ජායාරූපය වේ.


    නිශාන්ත කළේ ශ්‍රී නිවාසන්ගේ වැඩේ ද ?
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රීනිවාසන් මහතා ව්‍යාපාරික හවුල් කරුවන් බවත්, එබැවින් නිශාන්ත විවිධ විවේචන සිදුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂඨයන්ගේ කකුලෙන් ඇද්දේ ඔවුන්ගේ මානසිකත්වය බිඳදමා ඉන්දියාව ජයග්‍රහණය කරවීමට දැයි සැකයක් ඇතැයි මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ ක්‍රිකට් විචාරකයෙක් පවසා සිටියේය.

    :angry:

    - http://www.sinhala.srilankamirror.com/