Sanukage aluth Sinduwa

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

    අරුත බිඳී ගිය අන්දරයක රස
    කිමැයි කියා නොදැනෙන හින්දා..
    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
    මෙතෙක් ලියූ කිවිඳියම පතා..

    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හින්දා..
    බලා හිඳිමි මතු භවයක හෝ
    පසුවදන ලියන්නට එතැයි කියා..

    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා..
    පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා..

    ගායනය - සනුක වික්‍රමසිංහ
    ගී පද - උමා අසේනි
    ගී තනු - සනුක වික්‍රමසිංහ සහ සංගීත් වික්‍රමසිංහ

    සංගීතය - සනුක වික්‍රමසිංහ