ඉස්කෝලෙ ස්පෝට් මීට් වලදි උඹලට වෙච්ච සීන් මතකද ?
මේක මට වෙච්ච දෙයක්.
ඒ කාලේ ඉස්කෝලේ ස්පෝට් මීට් එකේ මැරතන් එකට හවුස් එකේ තෝරාගැනීමේ තරඟෙට කොල්ලො බර තොගයක් එක්ක කවදාවත් මැරතන් දුවපු නැති මාත් දිව්වා දවසක්.
මමයි මගේ ෆෙඩයි සෙට් වෙලා හිටියෙ. පටන් ගත්ත ගමන් හිටු කියලා පොඩි උන් ටිකක් දුවන්න ගත්තා. පිස්සො කලබල වුනාට ඩොක්ට කලබල නෑ. අපි හෙමින් සැරේ දුවන්න පටන් ගත්තා.
මගෙ යාළුවාට මට වඩා වේගෙන් යන්න පුළුවන් ඌ ඉක්මනට යන් කියනවා. පිස්සො කලබල වුනාට ඩොක්ට කලබල නෑ. මම උට උඹ දුවපන් කියලා මම හෙමින් යනවා. ටික දුරක් යනකොට මුලින්ම දුවපු පොඩි උන් හති දදා ඉන්නවා. සතුටුයි. ඩොක්ටට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ! තව ගතට හිතට ගට අරන් දුවනවා.
අපිව පහු කරන බස් වල ළමයි එකා දෙකා යනවා පේනවා. පිස්සො !
හති වැටිලා බස් එකේ යනවා. ඩොක්ට තාම තරඟය අත් ඇරියෙ නෑ. ෆෙඩාත් පේන්න නැත්තෙ බස් එකේ යන්න ඇති.
ටික වෙලාවකින් පිටිපස්ස බැලුවම. කොල්ලො 15ක් විතර මට පිටිපස්සේ හති දදා දුවනවා. ස්කූල් වෑන් එකත් ඈතින් හිටපු එකෙක් එක්ක එනවා. වෑන් එකේ ඇතුලේ ඉන්න උන් අරූට කමෝන් කමෝන් කියලා කෑගහනවා. උට වෑන් එක ඇතුලෙ උන් සපෝට් කරනවා. ඔහොම තමයි. රාජ්‍ය බලය තියෙන එකෙක් වෙන්න ඇති. කමක් නෑ. පිස්සො කලබල වුනාට ඩොක්ට කලබල නෑ. වේගෙන් ගිය පිස්සො පහුවෙනවා ඩොක්ට ඉදිරියට ඇදෙනවා.
අවසානෙට කිට්ටුයි. අර වෑන් එකේ උන් කෑගහන සද්දෙ ළඟම ඇහෙනවා. දුවන ගමන් හැරිලා බැලුවම මට පස්සෙ ඉන්නෙ රාජ්‍ය අනුග්‍රහය සහිත එකා. සමාජ අසාධාරණත්වයට එරෙහිව සටන් වදින්න ඕනි. මට කලින් හිටපු 15 මට වෑන් එක නිසා පේන්නෙ නැති වුනාට, උන්ට සිද්ධ වුනු අසාධාරණය මට වෙන්න දෙන්න හොඳ නෑ. තව පොඩ්ඩයි. මම තව ගැම්ම අරං දුවනවා.
තරඟ නිමාව පේනවා. මෙන්න බොලේ වෑන් එක මගෙ පස්සෙ. තරඟය දිනන කොට ඔහොම තමයි. පල ඇති රුකේ තමයි වවුල්ලො වහන්නෙ. මම තුන් වෙනියවත් වෙන්න ඇති. ලංකාවෙ උන් ඔහොම්මමයි.
තරඟය ඉවරයි. ජයග්‍රහණය !
අයියලා එනවා පිටේ ගහලා තියෙන නම්බරේ ලියා ගන්නවා. අක්කලා එනවා ග්ලුකෝස්, බීම, කන්න දේවල් දෙනවා. වෑන් එකත් ඇවිත් නැවැත්තුවා. අනිත් උන් තාම පේන්න නෑ. මම හොඳ තරඟයක් දීලා වගේ.
නවත්තපු වෑන් එකේ දොර ඇරගෙන මෙන්න කෑගහපු සෙට් එක බහිනවා. උන් ඔක්කොම නම්බර් ගහගෙන පිටේ.
කොල්ලට පස්සෙ මීටර් වුනේ පිංවතුනි.
වෑන් එක ඇවිත් තියෙන්නේ අන්තිමයා පිටිපස්සෙ.
ඩිස්ක්ලේමර් එක : වෑන් එක / ඇම්බියුලන්ස් එක සැමවිටම එන්නේ අන්තිමයා පිටුපසය
බයි ද වේ අර මාත් එක්ක දුවපු වේගවත් ෆෙඩා ඩොක්ට පලවෙනි 10 ඇතුලේ ඉඳලා.
අන්න මේ දවස් වල ඉස්කෝල වල ස්පෝර්ට් මීට් තියෙනවලු. ගියොත් පිස්සො ඩොක්කු බලාගන්න පුළුවන් ඇන්ඩ් උඹලගේ කතාවත් කොටපන්.