"Scurvy" තෝ මොකෙක්ද

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19152792 said:
    අඩෝ බඩී මාත් අජියාගේ සින්දු ටිකක් බෑව බන් අහන්න උබේ ලිරික්ස් දැකලා

    මට ඔය ටික දාල දියන්කෝ බන්
    හිත ඇතුළේ ඔබ ඉන්නවා මාගෙන් සමුගෙන ගියා
    ඒකයි මට දුකක් දැනුණෙ ඔබේ මතක සිහි උනාම
    නෙත ඇතුළේ ඔබ ඉන්නවා මාගෙන් වෙන් වී ගියාට
    ඒකයි මට කඳුලු එන්නෙ ඔබ වෙන් උනෙ දුක තියාන

    දාස් පෙතියා මල් පිපුනේ ඔබ දුන් මල් ගස පුරාම
    ඔබ මා ළඟ ඉන්න නිසයි හීනෙන් හරි වෙන් උනාට
    හීනෙන් හරි වෙන් උනාට

    ඔබ හැඩකල පෙම් සිත්තම ඔබේ අතින් බොඳ කලාට
    තාමත් ලස්සනට තියේ ඔය සෙනෙහස සිත පුරාම
    ඔය සෙනෙහස සිත පුරාම
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    :lol:
    මට අජියගෙ සිංදු අහන්න ආසාවක් ආවා බං..




    :shocked:
    /|\
    /\

    සුදු අරලියා මල කැසට් එක ආව දවස් වල පිස්සුවෙන් වගේ එකම සින්දුව ඇහෙනවා දවසට දහපාරක් විතර.
    කිංග්ස්ලියි මූයි තරගෙට කැසට ගැහුව නේ..
    හැබැයි දැන් එවුන් නහයෙන් අඩාගෙන කියන සින්දු වලට වඩා නම් හොදයි ඒ සින්දු


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවසන්ම හසුන මට ලියන්න දෙන්න මගෙ අතින්
    අද අහසෙ සඳත් හැංගෙනවා මගෙ හිතට හොරෙන්
    ඔය සිද්ධ වෙච්ච හැම දෙයක්ම මතකයට යටින්
    මට ගෙනත් දුන්නෙ වේදනාව කඳුළු වැල් පිටින්

    සෙනෙහසක් උනත් චාපයකින් දැවී අලුවෙන
    පෙම් සිතට දුකක් රත්තරනේ කඳුලු නලියන
    වෛරයෙන් සිතක් තනි කෙරුවත් නපුරු උන ඔබ
    මං තරම් කඳුලු වින්දේ නැහැ පෙම්වතෙක් තව

    අපි උසාවියයෙදි දෙපැත්තකට ගියත් නඩුවකින්
    මට සමාවෙන්න හුඟක් වැරදි උනේ ඔබෙ අතින්
    සිත නිවාඩුවක් ගත කරන්නෙ පුදුම ගින්නකින්
    හැමදාම රෑට ඔබ වෙනුවෙන් හැඬුවා මම ඉතින්

    -========================-

    බත් කට කට මගේ පුතේ නුඹට කැව්ව ලස්සන
    මතක් වෙනව අකුර අකුර කියල දුන්න ලස්සන
    මහ පාරට වැටෙන්න මට ගැහුවත් ඔබෙ අත්සන
    මහළු මඩම් ඇත පුතුනේ අපි වෙනුවෙන් ඉදි වුණ

    විස්කිරිඤ්ඤා කහට එකේ පොගවාගෙන කනකොට
    ගල් මෝලේ මහ කළුගල් කරේ තියන් යනකොට
    දුකක් හිතුනෙ නැහැ පුතුනේ නුඹත් යනව ඉහළට
    දුක කියන්නෙ කොහොමද මම අම්මත් නැති දරුවට

    වංශය ගැන අංශකයක්වත් නොදන්න අපි වගේ
    පරම්පරා වරෙන්තු උන කොයි තරමක් ඇති රටේ
    නුඹ ඉගිලුණෙ කිරිල්ලියක් අරගෙන නොම්මර එකේ
    ඒ හින්දයි තාත්තාට උන්නු තැනත් නැති උනේ

    -========================-

    අහිංසක ආදරයක් පැතුවෙ මම ඔබේ හදින්
    ලැබුණෙ මට නොසිතු දෙයක්
    කියන්නට බැරිම තරම්

    ඔබ කීව කතාවකින්
    හිත රිදුනා බොහොම තදින්
    හදන්නට බැරිම තරම්
    වේදනා දැනෙයි ඉතිං

    අහන්නෙත් නැතිම නිසා
    හිතන්නත් බැරිම නිසා
    අකීකරු පෙමක් නිසා
    සමුගන්න සිතුවෙ මෙමා

    -========================-

    -මතුසම්බන්ධයි-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:
    /|\
    /\

    සුදු අරලියා මල කැසට් එක ආව දවස් වල පිස්සුවෙන් වගේ එකම සින්දුව ඇහෙනවා දවසට දහපාරක් විතර.
    කිංග්ස්ලියි මූයි තරගෙට කැසට ගැහුව නේ..
    හැබැයි දැන් එවුන් නහයෙන් අඩාගෙන කියන සින්දු වලට වඩා නම් හොදයි ඒ සින්දු


    අජිත්ගෙ පරණ සිංදු හොඳයි බං අවුලක්ම නැහැ.. දැන් තියෙන සිංදු එක්ක ගත්තම ඒවා සිය දහස් ගුණයකින් පට්ට..

    කිංස්ලි නම් අජිත් තරම් නාහෙන් අඬන්නෙ නෑ.. උගේ වොයිස් එකත් පට්ට, සිංදුත් පට්ට..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    Ashampoo_Snap_2015_10_20_13h53m20s_001.png



    :lol:
    මට අජියගෙ සිංදු අහන්න ආසාවක් ආවා බං..


    :eek::baffled::rofl:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඉංග්‍රීසි ක්ලාස් එකකට පලයන්

    ඒක හරි වගේනේ සිඞ්හලු :(:(
    ට්විස්ටඩ් කාරයාගෙන් අහල බලන්න :oo::oo:
    මටත් යන්න වෙයි වගේ ඉංගිරිසි ක්ලාස්..:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු රැලි ලස්සන ගවුම ඇදන්
    පොත් සුරතින් ලැම තුරුලු කරන්
    සඳවතියක් සේ සිනා සලන්
    හිමිදිරියෙම එනතුරා බලන්
    ඉන්නම් තනිවී මං ගුරු පාරේ
    පවසන්නට සිත බැඳුණු ආදරේ

    කැල්මන් හෙලා දෑස කොනකින් බලා
    ඇයිදෝ සිනා මුහුණ මට හංගලා
    සුසුමක් වෙලා හිතට වද වේදනා
    දෙයිදෝ නැවුම් ආදරේ කල්පනා
    ඉවසුම් නොවේ සුසුමන් මාගේ
    ඔබ තාම නෑ පෙනෙන ඉමේ

    -========================-

    ඔබ දුන්නු සිහින අරගෙන සිත දුරක ගිය තරම්
    මට කියාදෙන්න සිතක රිදුම් ඇයිද මේ තරම්
    ඔබ හින්දා කඳුලු වලින් නෙත තෙමෙන තරම්
    හැමදාකම මගෙ ඇස් දෙක නුඹ සොයන තරම්

    වන්දනා කලත් සංසාරෙම අපි ආදරයෙන්
    නෙලාගන්න බැරි තරමට පිපුණෙ ඇයි දුරින්
    පූජා කෙරුවෙමි සෙනෙහස සංසාරෙම ඔබේ නමින්
    මගෙ ආත්මය ඔබ ලඟමයි ඔබ අරන් ගිහින්

    -========================-

    වෙන් වන්නට බෑ කිසිදා ඔබෙන් මට ඉතින්
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්
    මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්
    ලොවක් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්

    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ලඟයි
    දෙසවන තුළ රැවුදෙන්නෙත් ඔබෙ මදුර හඩයි
    මුළු ලොවතුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

    -========================-

    හොවාගෙන ඔබේ හිස මා ළයට ගුලි කරන්
    බදා දුන්නු මා පෙම් සුව දවා සුන් කරන්
    දෙනෙත් බොඳ වෙලා කඳුලු වැල් ගලා
    ලොව අඳුරු වෙලා

    පෙම් සිතක් පුරා රුදුරු කල්පනා
    බිඳුණු හදවතේ නැගෙන වේදනා
    විදින්නට ලඟින් වරම් නැති නිසා
    දකින්න ඉතින් නොඑමි මා සදා

    -========================-

    සිහි වී නුඹ මට පිදූ සෙනේ
    කඳුළක් නෙතඟින් කඩා හැලේ
    මා තනි කරලා දුරක ගිහිල්ලා
    සතුටින් නම් අද නුඹ ඉන්නේ

    මගෙ දුක නුඹේ සතුටයි
    මා තනි කරලා හදවත රිදවා
    අද යන්න ගියා නම් මා හැරදා
    මගෙ දුක නුඹෙ සතුටයි

    -========================-

    පෙම් කරනා තරම් නුඹට මගේ හදවත
    නෙත තෙමුනේ ඒ හින්දද රැයේ හෙමිහිට
    එක මොහොතක් ඔබ නොමැතිව බැන්ද ප්‍රේමෙට
    දුක දැනුනා කියාගන්න බැරි තරම් මට

    එක හිතක් නුඹට පෙම් කරමින් දුක් විදින තරම්
    ඒ හිත ගාවට නුඹට එන්න බැරිද රත්තරන්
    තව වරක් නුඹේ රුව දකින්න මග බලන නෙතින්
    කඳුළක් වී ඔබ ඈතට යන්නෙපා මගෙන්

    -========================-

    දෙතැනක තනියෙන් සිටි අපි හමු වූ සැදෑවේ
    සෙනෙහේ මියුරු කල්පනා
    අපටම වෙන් වූ රස ගුලාවේ සීමා පවුරූ බිඳ හෙලා
    අපේම නේද වරද දොස් නගන්නෙ කෙලෙස
    යොවුන් හැඟුම් පිරෙයි වේදනා

    තනි කරන්නෙ නෑ කවදාවත්
    වෙන් නොවෙමී මතු භවයේදීවත්
    කඳුලු සලා මා හඬවා
    රිදුම් දෙන්නෙපා මට තවත්

    -========================-

    නෙතු පියාගන්න බැරි තරමට රැඳී නෙතු අග
    පෑව සිනා ආදරයට නෙතින් හැම විට
    සත්තයි මං පැතුවෙ ඔබයි සසරෙ පුරාම
    තරු නෙතු සිපගන්නම් හරි ආදරෙන් මම

    සංසාර මතක සැමරුම් සිත ලඟට එනකොට
    මං ගාව නැවතිලා නොදැනිම ඔබේ ඇස් දෙක
    පෙම් සිහින වලට ලං වුණ හැටි ඔබේ ඔය සිත
    මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ මට

    -========================-

    පැතූ පැතුම් ඉටු වන්නට ජීවිතේ පුරා
    සිතූ තරම් හිමි වන්නට මගෙම වී ඔයා
    අතීතයට පුද දෙන්නට ආදරේ සදා
    ජීවිතයට ලං වන්නට ආවෙ ඇයි ඔයා

    තනිවෙන්නම් ඔබ සමුගෙන ඈතට යනවා නම්
    ඉවසන්නම් මතු භවයෙදි මා වෙත එනවා නම්

    -========================-

    අතරමං කර ආදරෙන් සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි වෙද්දී
    අසරණයි මා ආදරය ලඟ නුඹත් හැර යද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී

    මතක කඳුලින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී
    බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලං වෙද්දී
    පෙමට ගිනි දැල් දුන්නෙ ඇයි නුඹ සිතින් වෙන් වෙද්දී

    -========================-

    අසරණ වුණු නුඹෙ තනියට
    සරණ වෙන්න ලං වුණාම
    අසරණ වුණෙ මගෙ සිතයි අද
    නෙතේ කඳුලු බොද වුණාට
    හිතේ කදුලු නොතිබුණාට
    නුඹයි දුන්නෙ හිතට මේ දුක

    නෙතු කඳුලු වලට හිත සසලව
    මං ආවේ නුඹෙ තනියට
    ඒකයි මං තනි වුණේ අද
    හීන ගේන හිත ගාවට
    නින්ද නොදෙන තුන් යාමෙට
    මා හැරගිය ආදරේ නුඹ

    -========================-

    සියල්ල සිදුවෙන තුරු විනිවිද දැකගන්න
    මට බැරිවිය ඔබ පිටුපාවියැයි සිතන්න
    හැමදේමත් පුලුවනි අමතක කරලන්න
    ඒත් නොහැක ඔබෙ මතකය බැහැර කරන්න

    කිරිල්ලියක් වගේ පියාසලන දිගන්තේ
    සැහැල්ලුවෙන් පියාසලා මගෙ හදවත ගත්තේ
    දැකගන්නට ඔබ අසලකවත් නැත්තේ
    අද සැගව ගිහින් කොහෙද සුවද රෝස වසන්තේ

    -========================-

    දෙමාපියන් සිත් රිදවා ඔබට පෙම් කලා
    ඔබෙ සිත රිදවනු නොහැකිව අසරණ වූවා
    ලෝකය කිව්වත් ඔබ අන්සතුය කියාලා
    නොපිලිගෙනම ඔබහට තව තවත් පෙම් කලා

    හඩන විටදි ඉකි ගසලා නුඹ සනසන්නට
    රත්තරනේ කියා නුඹට තුරුලු වෙන්නට
    හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්න
    මගෙ වස්තුව දැන් අවසර නැද්ද කියන්න

    -========================-

    මගේ ලොවට නැවතුම තිබු දවසේ
    හඩා වැටෙන මගෙ සෙනෙහස් දෙවොලේ
    වෙන් වී සිටියත් අද මේ විලසේ
    වෙන්වීමක් ගැන නෑ මට දැනුණේ

    අමතක කෙරුවත් දවසක් ගානේ
    අමතක වෙනවද ඔයාව ලදුනේ
    අමතක කරන්න හැදුවත් දුකසේ
    අමතක වෙනවද මතකය අපගේ

    -========================-

     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අජිත්ගෙ පරණ සිංදු හොඳයි බං අවුලක්ම නැහැ.. දැන් තියෙන සිංදු එක්ක ගත්තම ඒවා සිය දහස් ගුණයකින් පට්ට..

    කිංස්ලි නම් අජිත් තරම් නාහෙන් අඬන්නෙ නෑ.. උගේ වොයිස් එකත් පට්ට, සිංදුත් පට්ට..

    OW DEN AHENA SNDUTH EKKA BELUWAMA MUGE SINDU HONDAI BAN.MATA PENNAM BERI EKA ARA ALLRIGHT BAND EKE NANDAMALINIGE SINDU KANA PONNAYA BAN
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හිත ඇතුළේ ඔබ ඉන්නවා මාගෙන් සමුගෙන ගියා
    ඒකයි මට දුකක් දැනුණෙ ඔබේ මතක සිහි උනාම
    නෙත ඇතුළේ ඔබ ඉන්නවා මාගෙන් වෙන් වී ගියාට
    ඒකයි මට කඳුලු එන්නෙ ඔබ වෙන් උනෙ දුක තියාන

    රේප් වලට තැන්ක්ස් මචෝ...දැන් +7 :P:P
     
    • Like
    Reactions: allrights
    Status
    Not open for further replies.