Self-Motivation / ස්වයං දියුණුව

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කෑප්ටන් Jack Sparrow;17188946 said:
අපිට අපි ආස කරන අපිට සතුටු හිතෙන දේවල් විතරක්ද කරන්න පුළුවන් හැමතිස්සෙම?
අපිට වෙන්නේ අපි කැමති, අපි හින මවපු දේවල් විතරයිද?
අපිට අපේ හීන සියල්ල සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවද?


මම උඩින් අහපු ප්‍රශ්න අපි හැමදෙනාටම පොදු ප්‍රශ්න. ජීවිතේදී ඇතිවන ප්‍රශ්න, මානසික පීඩන තත්ත්ව වලට අපි කොයිතරම් සාර්ථකව මුහුනදෙනවද නැද්ද කියන එක මත තමයි අපේ සාර්ථකත්වය රදා පවතින්නේ.

සාර්ථකත්වයට පත් වෙන්නේ කොහොමද, අපි ජීවිතය දිනන්නේ කොහොමද කියලා ලෙක්චර් දෙන්න තරම් මට මගේ ජිවිතයේ අත්දැකීම් නැහැ එත් මටත් මගේ ජිවිතයේ උන වැටීම් ගොඩක් තියෙනවා. මේ ලගදිත් උන සිදුවීමක් නිසා මාව ආයෙමත් වැටුන වගේ දැනුනා, එත් ඒ හැමදේම එක්ක මගේ හිත හදාගෙන මගේ අනිත් වැඩ කටයුතු වලට බාදා නොවෙන්න ආයෙත් යතා තත්වෙට පත්වෙන්න මට ගොඩක් උපකාරී උනේ බෞද්ධ දර්ශනය. ඒ වගේම නෙට් එකේ තියෙන සමහර දේවල් මට මගේ හීනෙන් ඈත් නොවෙන්න උපකාරී උනා.

මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මට හම්බ උන කරුණු සහ මම හොයා ගත්ත පොඩි පොඩි දේවල් ඔයාල අතරේ බෙදල දෙන්න.


බෞද්ධ දර්ශනයේ විශේෂයෙන් මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ වගේම ධර්මදේශනා පෙළත් මට ලොකු ශක්තියක් උනා. ඒ දේශනා පෙළ මම මෙතනින් දාන්නම්.
http://www.maharahathunwadimaga.com/Mp3Download
https://www.facebook.com/maharahathunwedimaga?hc_location=timeline

මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මට හම්බ උන කරුණු සහ මම හොයා ගත්ත පොඩි පොඩි දේවල් ඔයාල අතරේ බෙදල දෙන්න.



➤ මොන දේ උනත් තමන්ට තමන් ගැන තියෙන විස්වාසය නැති කර ගන්න එපා. පැරදුනා තමයි, එත් වැටෙන්නේ නැහැ කියල හිත දැඩි කර ගන්න.
View attachment 53349

⤷ මොකද එහෙම නැති උනොත් ආයේ නැගිටින්න ගොඩක් අමාරු වෙනවා.
⤷ අටලෝ දහමෙහි නොසලෙන්න.


කවමදාකවත්, කොයි දෙටවත් තමුන්ගේ උත්සාහය ඇත හරින්න එපා.

View attachment 53350


සෑම විටම විශාල හීන දකින්න, ඔබගේ හීන විශාල වන තරමට ඔබට ගමන් කල හැකි දුරද වැඩිය. ඒ වගේම ඒ හීන සැබෑ කරගන්න ක්‍රමය, තමුන් තමුන්ගේ හීනය සැබෑ කරගන්නවා කියන දැඩි අදිෂ්ටානය අත් නොහරින්න

View attachment 53351

ඒ වගේම මේ ගැනත් සිතන්න

View attachment 53355

ඒ වගේම සෑම විටම පරාර්ථ කාමී වීමෙන්, අන් අයට උපකාරී වීමෙන් සතුටක් ලබන්න.

තමුන්ගේ ස්වයං දියුණුව ඇති කරගන්න, තමුන්ගේ වැරදීම් නිවැරදි කරගෙන හෙට දින වඩාත් සෞභාග්‍යමත් කර ගැනීමට උත්සහ වන්ත වෙන්න.


ඒ වගේම මේ ගැනත් සිතන්න

View attachment 53356



ඔයාලට හම්බ වෙන inspiration videos, photos වගේ ඒවත් මෙතන දාල අනිත් අයටත් උදවු කරන්න.

මේ කිව්වා දේ වැදගත් උනා නම් තවත් කෙනෙක්ට මේක වටිනවා කියල හිතෙනවා නම් BUMP එකක් දාගෙනම යන්න. ඔයාගේ ජිවිතේ ලබපු මිට සම්බන්ධ විශේෂ අත්දැකීම් තියෙනවා නම් අපි හැමෝම එක්ක ඒ දේවලුත් බෙදාගන්න. ඔයාලගේ අදහස් අගය කරනවා.
බුදු සරණයි!




මමත් මගේ තියන වැරදි හදාගන්න ගොඩක් උත්සාහ කරනවා ගොඩක් අමාරුයි ඒත් කොහොම හරි කරන්න ඕනේ නැත්තන් ගොඩ ඒමක් නෑ...
 

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    very good thread

    believe in you
    troubles will come... but stay calm*** time will give you solution
    dont ever forget how we start life(school ,classes old friends) . dont ever forget people helped you in the past.
    try to understand you, think in free who am i?
    Try to get good habbits from others. drop their bad
    exam the others. try to understand them
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    how bad do you want it....

    මේකනම් සුපිරිම video එකක් ...
    අනිවාර්යෙන්ම බලන්න.
    english subtitle තියෙනවා.
    video එක පටන් ගද්දිම පොර story එකක් කියනවා. එකනම් පහරමයි.